1
යෙසායා 11:2-3
Sinhala New Revised Version 2018
SNRV
සමිඳුන්ගේ ආත්මානුභාවය වන ප්රඥාව හා නුවණ ද අනුශාසනා බුද්ධිය හා බලය ද දැනගැනීම හා දේව ගරුබිය ද එතුමාණන් කෙරෙහි පිහිටන්නේ ය. එතුමන්ට ගරුබිය පෑම එතුමාණන්ගේ ප්රීතිය වන්නේ ය. එතුමාණන් තමන් ඇසට පෙනෙන හැටියට විනිශ්චය කරන්නේ වත්, කනට ඇසෙන හැටියට විනිශ්චය කරන්නේ වත් නැත.
සසඳන්න
යෙසායා 11:2-3 ගවේෂණය කරන්න
2
යෙසායා 11:1
“ජෙස්සේගේ වෘක්ෂ කඳෙන් අංකුරයක් නික්මෙන්නේ ය. එහි මුල්වලින් පැළයක් නැඟී එන්නේ ය.
යෙසායා 11:1 ගවේෂණය කරන්න
3
යෙසායා 11:4
එතුමාණෝ යුක්ති සහගත ලෙස දුප්පතුන් විනිශ්චය කොට, යටහත් පහත් අයට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන සේක. එතුමාණෝ තමන්ගේ ආඥා යෂ්ටියෙන් දේශයට පහර දෙන සේක. වචනයකින් දුෂ්ටයෝ මිය යන්නෝ ය.
යෙසායා 11:4 ගවේෂණය කරන්න
4
යෙසායා 11:5
යුක්තිය එතුමාණන්ගේ ඉඟපටිය ද විශ්වාසවන්තකම බඳපටිය ද වනු ඇත.
යෙසායා 11:5 ගවේෂණය කරන්න
5
යෙසායා 11:9
සමිඳාණන් වහන්සේගේ ශුද්ධ කන්දේ සීමාව තුළ කිසි නපුරක් වත්, අනතුරක් වත් නොවන්නේ ය. මුහුද, ජලයෙන් පිරී තිබෙන්නාක් මෙන් සමිඳාණන් වහන්සේ පිළිබඳ දැනගැන්මෙන් පොළොව පිරී යන්නේ ය.”
යෙසායා 11:9 ගවේෂණය කරන්න
6
යෙසායා 11:6
වෘකයා බැටළුවා සමඟ වාසය කරන්නේ ය; දිවියා එළු පැටවා සමඟ ලගින්නේ ය. සිංහ පැටියා ද වහු පැටියා ද එකට කෑම කන්නෝ ය; කුඩා දරුවෙක් උන් ගෙන යන්නේ ය.
යෙසායා 11:6 ගවේෂණය කරන්න
7
යෙසායා 11:10
දාවිත් රජුගේ වංශයෙන් උද්ගත වන රජතුමා ජාතීන් හට සංඥාවක් වන කාලය පැමිණෙන්නේ ය. ජාතීහු එතුමන් සොයා යන්නෝ ය; එතුමන්ගේ වාසභවනය මහිමයෙන් පිරී යන්නේ ය.
යෙසායා 11:10 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ