ලූක් 3
3
පෙර ගමන්කරු-යොහන් බව්තීස්ත
1තිබේරියස් සීසර්ගේ පාලනයේ පහළොස් වන වසරේ, පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයා ව, හෙරෝද් ගලීලයේ ප්‍රාන්ත රජු ව, ඔහුගේ සහෝදර පිලිප් ඉතුරය හා ත්‍රකෝනිතියේ ප්‍රාන්ත රජු ව, ලුසානියස් අබිලේනියේ ප්‍රාන්ත රජු ව සිටි සමයේ 2අන්නස් හා කායාපස්ගේ උත්තම පූජක නිල කාලයේ, දෙවියන්වහන්සේගේ වචනය පාළුකරයේදී සෙකරියස්ගේ පුත්‍ර යොහන් වෙත පැමිණියේ ය. 3ඔහු යොර්දාන් අවට සියලු පෙදෙස්හි සැරි සරමින්, පාප කමාව පිණිස පසුතැවිලිවීමේ බව්තීස්මයක් දේශනා කළේ, 4දිවැසිවර යෙසායාගේ වචන සඳහන් පොතේ ලියවී තිබූ පරිදි ය:
“පාළුකරයේ හඬ ගසන්නකුගේ කටහඬකි,
‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු.
උන්වහන්සේට සෘජු මාවත් සාදනු;
5හැම මිටියාවතක් ම පුරවනු ලබනු ඇත,
හැම කන්දක් හා හෙලක් ම පහත් කරනු ලැබේ.
ඇද වූ මාවත් කෙළින් කරනු ඇත,
රළු මාර්ග මෘදු කෙරෙනු ඇත.
6දෙවියන්වහන්සේගේ ගැලවීම සමස්ත මිනිස් වර්ගයා දකිනු ඇත.’ ”#3:6 යෙසා 40:3-5
7බව්තීස්ම ලබන්නට තමන් වෙත ආ සමූහයා ඇමතූ ඔහු, “එම්බා පොළොං පැටවුනි, පැමිණෙන උදහසින් පලා යන්නට නුඹලාට අවවාද කළේ කවුරු ද? 8පසුතැවිල්ලට අනුකූල පල උපද්දවනු. ‘අපගේ පියාණන් වශයෙන් අපට ආබ්‍රහම් ඉන්නවා ය’ කියන්නට පටන් ගන්න එපා. මන්ද මේ ගල්වලින් වුවත් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවනි. 9පොරොව දැනටමත් ගස්වල මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නො දරන හැම ගසක් ම කපා ගින්නෙහි හෙළනු ලැබේ යැ” යි කීවේ ය.
10එවිට සමූහයා, “එසේ නම් කුමක් ද අප කළ යුත්තේ?” යි ඇසූහ.
11ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “අඳන දෙකක් ඇති තැනැත්තා, නැති කෙනකු හා බෙදා ගනිත්වා. ආහාර ඇති අය ද එසේ ම කරත්වා” යි කීවේ ය.
12බදු අය කරන්නෝ ද බව්තීස්ම ලබන්නට අවුත්, “ගුරුතුමනි, අප කළ යුත්තේ කුමක් දැ?” යි ඇසූහ.
13“අනුමත පමණට වඩා බදු අය නො කරනු” යි ඔවුන්ට ඔහු පිළිතුරු දුන්නේ ය.
14සෙබළු ද ප්‍රශ්න කරමින්, “එතකොට අප? කුමක් ද අප කළ යුත්තේ?” යි ඇසූහ.
ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “බලෙන් යමක් පැහැර ගන්න එපා, කිසිවකුට බොරු චෝදනා කරන්න එපා, ලැබෙන වැටුපෙන් සෑහී සිටිනු” යි කීවේ ය.
15බලාපොරොත්තු සහගත ව සිටි ජනයා, මේ මෙසියස්වහන්සේදෝයි යොහන් ගැන තම හදවත්හි විමසන්නට වූ කල, 16ඔවුන් සියල්ලන් ඇමතූ යොහන්, “මා, ඔබ බව්තීස්ම කරන්නේ වතුරිනි; එහෙත් මට වඩා බලගතු කෙනෙක් පැමිණෙයි. උන්වහන්සේගේ පාවහන් පටි මුදන්නටවත් මා වටින්නේ නැත. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් හා ගින්නෙන් ඔබ බව්තීස්ම කරන සේක. 17කමත පවිත්‍ර කරන්නටත්, ධාන්‍ය තම අටුවේ රැස් කරන්නටත්, උන්වහන්සේගේ කුල්ල උන්වහන්සේ අතේ ය. එහෙත් උන්වහන්සේ, බොල් නො නිවෙන ගින්නෙහි හෙළන සේකැ” යි කීවේ ය. 18මෙසේ තවත් බොහෝ අනුශාසනා පවත්වමින් යොහන් ජනතාවට ශුභාරංචිය දේශනා කළේ ය.
19එහෙත්, හෙරෝද් ප්‍රාන්ත රජ, ඔහුගේ සහෝදරයාගේ භාර්යාව වූ හෙරෝදියස් ගැන හා ඔහු කර තිබූ සියලු දුෂ්ටකම් ගැන යොහන් ඔහුට තරවටු කළ නිසා, 20ඔහු සිරගත කිරීමෙන්, වඩා දුෂ්ටකමක් එකතු කර ගත්තේ ය.
යේසුස්වහන්සේගේ බව්තීස්මය හා පෙළපත
21සියල්ලෝ බව්තීස්මය ලබන කල යේසුස්වහන්සේ ද බව්තීස්ම ලැබ, යාච්ඤා කරමින් සිටියදී, ස්වර්ගය විවර ව, 22ශුද්ධාත්මයාණන්වහන්සේ පරෙවි වෙසින් තමා වෙත බැස ආ සේක. තවද, “මගේ ප්‍රේමණීය පුත්‍රයා ඔබයි. ඔබ කෙරේ මම ඉතා ප්‍රසන්න ව සිටිමි” යි අහසින් කටහඬක් නික්මුණේ ය.
23යේසුස්වහන්සේ තම සේවය අරඹන කල, තිස් හැවිරිදි පමණ වූ සේක. මිනිසුන් සිතුවේ උන්වහන්සේ යෝසෙප්ගේ පුත්‍රයා කියා ය.
ඔහු හේලීගේ පුත්‍රයා ය, 24ඔහු මත්තාත්ගේ පුත්‍රයා ය,
ඔහු ලෙවීගේ පුත්‍රයා ය, ඔහු මෙල්කීගේ පුත්‍රයා ය,
ඔහු යන්නයිගේ පුත්‍රයා ය, ඔහු යෝසෙප්ගේ පුත්‍රයා ය.
25ඔහු මත්තාතියස්ගේ පුත්‍රයා ය, ඔහු ආමෝස්ගේ පුත්‍රයා ය,
ඔහු නාහුම්ගේ පුත්‍රයා ය, ඔහු එස්ලීගේ පුත්‍රයා ය,
ඔහු නග්ගයිගේ පුත්‍රයා ය, 26ඔහු මායත්ගේ පුත්‍රයා ය,
ඔහු මත්තාතියස්ගේ පුත්‍රයා ය, ඔහු සෙමෙයින්ගේ පුත්‍රයා ය,
ඔහු යෝසෙක්ගේ පුත්‍රයා ය, ඔහු යෝදාගේ පුත්‍රයා ය,
27ඔහු යොවානන්ගේ පුත්‍රයා ය, ඔහු රෙසාගේ පුත්‍රයා ය,
ඔහු සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයා ය, ඔහු ෂෙයල්තියෙල්ගේ පුත්‍රයා ය,
ඔහු නේරීගේ පුත්‍රයා ය, 28ඔහු මෙල්කීගේ පුත්‍රයා ය,
ඔහු අද්දීගේ පුත්‍රයා ය, ඔහු කෝසම්ගේ පුත්‍රයා ය,
ඔහු එල්මාදම්ගේ පුත්‍රයා ය, ඔහු ඒර්ගේ පුත්‍රයා ය,
29ඔහු යෝෂුවාගේ පුත්‍රයා ය, ඔහු එලියේසර්ගේ පුත්‍රයා ය,
ඔහු යෝරීම්ගේ පුත්‍රයා ය, ඔහු මත්තාත්ගේ පුත්‍රයා ය,
ඔහු ලෙවීගේ පුත්‍රයා ය, 30ඔහු සිමියොන්ගේ පුත්‍රයා ය,
ඔහු යූදාගේ පුත්‍රයා ය, ඔහු යෝසෙප්ගේ පුත්‍රයා ය,
ඔහු යෝනාම්ගේ පුත්‍රයා ය, ඔහු එලියාකීම්ගේ පුත්‍රයා ය,
31ඔහු මෙලෙයාගේ පුත්‍රයා ය, ඔහු මෙන්නාගේ පුත්‍රයා ය,
ඔහු මත්තතාගේ පුත්‍රයා ය, ඔහු නාතාන්ගේ පුත්‍රයා ය,
ඔහු දාවිත්ගේ පුත්‍රයා ය, 32ඔහු යෙස්සේගේ පුත්‍රයා ය,
ඔහු ඕබේද්ගේ පුත්‍රයා ය, ඔහු බෝවස්ගේ පුත්‍රයා ය,
ඔහු සල්මොන්ගේ පුත්‍රයා ය, ඔහු නාෂොන්ගේ පුත්‍රයා ය,
33ඔහු අම්මිනාදාබ්ගේ පුත්‍රයා ය, ඔහු අද්මින්ගේ පුත්‍රයා ය, ඔහු අර්නීගේ පුත්‍රයා ය,
ඔහු හෙස්රොන්ගේ පුත්‍රයා ය, ඔහු පෙරෙස්ගේ පුත්‍රයා ය,
ඔහු යූදාගේ පුත්‍රයා ය, 34ඔහු යාකොබ්ගේ පුත්‍රයා ය,
ඔහු ඊසාක්ගේ පුත්‍රයා ය, ඔහු ආබ්‍රහම්ගේ පුත්‍රයා ය,
ඔහු තේරාගේ පුත්‍රයා ය, ඔහු නාහෝර්ගේ පුත්‍රයා ය,
35ඔහු සෙරූග්ගේ පුත්‍රයා ය, ඔහු රෙයූගේ පුත්‍රයා ය,
ඔහු පෙලෙග්ගේ පුත්‍රයා ය, ඔහු ඒබෙර්ගේ පුත්‍රයා ය,
ඔහු ෂේලාගේ පුත්‍රයා ය, 36ඔහු කායිනන්ගේ පුත්‍රයා ය,
ඔහු අර්පක්ෂද්ගේ පුත්‍රයා ය, ඔහු ෂේම්ගේ පුත්‍රයා ය,
ඔහු නෝවාගේ පුත්‍රයා ය, ඔහු ලාමෙක්ගේ පුත්‍රයා ය,
37ඔහු මෙතුසෙලාගේ පුත්‍රයා ය, ඔහු ඒනොක්ගේ පුත්‍රයා ය,
ඔහු යාරෙද්ගේ පුත්‍රයා ය, ඔහු මහලලෙල්ගේ පුත්‍රයා ය,
ඔහු කේනාන්ගේ පුත්‍රයා ය, 38ඔහු ඒනොෂ්ගේ පුත්‍රයා ය,
ඔහු සෙත්ගේ පුත්‍රයා ය, ඔහු ආදම්ගේ පුත්‍රයා ය,
ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයා ය.
Выбрано:
ලූක් 3: SCV
Выделить
Копировать
Сравнить
Поделиться
Хотите, чтобы то, что вы выделили, сохранялось на всех ваших устройствах? Зарегистрируйтесь или авторизуйтесь
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: