1
ලූක් 6:38
සිංහල කාලීන පරිවර්තනය
SCV
දෙන්න; එවිට ඔබටත් දෙනු ලැබේ. තද කර ඔබා, සොලව සොලවා, පිරී ඉතිරී යන්නට ඔබේ ඔඩොක්කුවට මැන දෙනු ඇත. මන්ද ඔබ මනින මිම්මෙන් ම ඔබට ද මැන දෙනු ලැබේ.”
Сравнить
Изучить ලූක් 6:38
2
ලූක් 6:45
හොඳ මනුෂ්‍යයා, තම හදෙහි නිදන්ගත හොඳ දැයින්, හොඳ දෑ උපද්දයි; නපුරු මිනිසා තම හදෙහි නිදන්ගත නපුරෙන්, නපුර උපද්දයි. මන්ද ඔහුගේ කටින් පිට වන්නේ, ඔහුගේ හදවතින් පිටාර ගලන දෙයිනි.
Изучить ලූක් 6:45
3
ලූක් 6:35
එනමුත් ඔබේ සතුරනට ප්‍රේම කරන්න; යහපත ම කරන්න. කිසිවක් ආපසු ගන්නා අදහසක් නැතිව ණයට දෙන්න. එවිට ඔබේ ඉටු විපාකය අනර්ඝ වනු ඇත. ඔබ මහෝත්තමයාණන්ගේ පුත්‍රයින් වනු ඇත. මන්ද කළගුණ දන්නේ නැතිවුන්ට හා දුෂ්ටයින්ට උන්වහන්සේ කාරුණික ය.
Изучить ලූක් 6:35
4
ලූක් 6:36
ඔබේ පියාණන්වහන්සේ දයාවන්ත ව සිටින්නා සේ ඔබත් දයාවන්ත වන්න.
Изучить ලූක් 6:36
5
ලූක් 6:37
“විනිශ්චය නො කරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු නො ලැබේ. වරදට පත් නො කරන්න; එවිට ඔබත් වරදට පත් කරනු නො ලැබේ. කමාව දෙන්න; එවිට ඔබටත් කමා කරනු ලැබේ.
Изучить ලූක් 6:37
6
ලූක් 6:27-28
“මට සවන් දෙන ඔබට මා කියන්නේ, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න. ඔබට ශාප කරන්නන්ට සෙත් පතන්න. ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න.
Изучить ලූක් 6:27-28
7
ලූක් 6:31
අන්‍යයන් ඔබට කෙලෙස සලකනවාට ඔබ කැමති ද ඔබත් එලෙස ම ඔවුනට කරන්න.
Изучить ලූක් 6:31
8
ලූක් 6:29-30
යමෙක් ඔබේ එක් කම්මුලකට ගැහුවොත්, අනෙකත් හරවන්න. යමෙක් ඔබේ උඩු කබාය ගතහොත්, ඔබේ යටි කබායත් ගන්නට දෙන්න. ඔබෙන් ඉල්ලන හැම කෙනකුට දෙන්න. යමෙක් ඔබ සතු දේ පැහැර ගතහොත් ඒවා ආපසු නො ඉල්ලන්න.
Изучить ලූක් 6:29-30
9
ලූක් 6:43
“හොඳ ගසක නරක පල හට ගන්නේ නැතිවා සේ, නරක ගසක හොඳ පල හට ගන්නේ නැත.
Изучить ලූක් 6:43
10
ලූක් 6:44
එක එක ගස හැඳින ගන්නේ එහි පලවලිනි. කටුගස්වලින් අත්තික්කාවත්, ගොකටු පඳුරකින් මිදි පලවත් නෙළා ගන්නට බැරි ය.
Изучить ලූක් 6:44