1
ශුද්ධවර මතෙව් 7:7
Sinhala New Revised Version
NRSV
“ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ.
Сравнить
Изучить ශුද්ධවර මතෙව් 7:7
2
ශුද්ධවර මතෙව් 7:8
මන්ද, ඉල්ලන්නාට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට දොර අරිනු ලැබේ.
Изучить ශුද්ධවර මතෙව් 7:8
3
ශුද්ධවර මතෙව් 7:24
“එහෙයින් යමෙක් මාගේ වචන අසා, ඒවා පිළිපදී ද, ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැණවතෙකුට සමාන ය.
Изучить ශුද්ධවර මතෙව් 7:24
4
ශුද්ධවර මතෙව් 7:12
“අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැති ද, ඔබත් ඒ දේ ම ඔවුන්ටත් කරන්න. ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ හරය එය වේ.”
Изучить ශුද්ධවර මතෙව් 7:12
5
ශුද්ධවර මතෙව් 7:14
එහෙත්, ජීවනයට යන දොරටුව පටු ය; පාර ද අවහිර ය; එය සොයාගන්නෝ ස්වල්ප දෙනෙක් පමණකි.”
Изучить ශුද්ධවර මතෙව් 7:14
6
ශුද්ධවර මතෙව් 7:13
“පටු දොරටුවෙන් ඇතුළු වන්න. විනාශයට යන දොරටුව විශාල ය, පාරත් පළල් ය. එයින් ඇතුළු වන්නෝ ද බොහෝ ය.
Изучить ශුද්ධවර මතෙව් 7:13
7
ශුද්ධවර මතෙව් 7:11
මෙසේ අයහපත් ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නහු නම්, ස්වර්ගයෙහි සිටින, ඔබේ පියාණන් වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ ඊටත් වැඩියෙන් නොදෙන සේක් ද?”
Изучить ශුද්ධවර මතෙව් 7:11
8
ශුද්ධවර මතෙව් 7:1-2
“විනිශ්චය නොකරන්න; එවිට ඔබ ද විනිශ්චය කරනු නොලබන්නෙහි ය. ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ.
Изучить ශුද්ධවර මතෙව් 7:1-2
9
ශුද්ධවර මතෙව් 7:26
තවද, යමෙක් මාගේ මේ වචන අසා, ඒවා නොපිළිපදී ද, ඔහු වැලි මත ගෙය තනාගත් අනුවණ මනුෂ්‍යයෙකුට සමාන ය.
Изучить ශුද්ධවර මතෙව් 7:26
10
ශුද්ධවර මතෙව් 7:3-4
ඔබේ ම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන් ද? නොහොත් ඔබේ ම ඇසෙහි ලී කොටය තිබිය දී, සහෝදරයාට කතා කොට, ‘ඔබේ ඇසේ තිබෙන ලී කුඩ පහ කරන්න ඉඩ දෙන්නැ’යි ඔහුට කියන්නේ කොහොම ද?
Изучить ශුද්ධවර මතෙව් 7:3-4
11
ශුද්ධවර මතෙව් 7:15-16
“බොරු දිවැසිවරයන්ගෙන් පරෙස්සම් වන්න. පිටතින් බැටළු වෙස් ගෙන පැමිණියත්, ඔව්හු ඇතුළතින් රෞද්‍ර වෘකයෝ ය. ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් හඳුනාගත හැකි ය. මනුෂ්‍යයෝ කටු ගස්වලින් මිදි වත්, ගොකටුවලින් අත්තික්කා වත් නෙළා ගනිත් ද?
Изучить ශුද්ධවර මතෙව් 7:15-16
12
ශුද්ධවර මතෙව් 7:17
හොඳ ගස හොඳ පල දරයි; නරක ගස නරක පල දරයි.
Изучить ශුද්ධවර මතෙව් 7:17
13
ශුද්ධවර මතෙව් 7:18
හොඳ ගසේ නරක පල වත්, නරක ගසේ හොඳ පල වත් හටගන්නේ නැත.
Изучить ශුද්ධවර මතෙව් 7:18
14
ශුද්ධවර මතෙව් 7:19
හොඳ පල නොදරන සියලු ගස් කපා ගින්නට දමනු ලැබේ.
Изучить ශුද්ධවර මතෙව් 7:19