1
උත්පත්ති 35:11-12
Sinhala New Revised Version
NRSV
තවදුරටත් දෙවියන් වහන්සේ ඔහු අමතමින්, “මම සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ සමෘද්ධ වී, වර්ධනය වන්න. නුඹෙන් ජාතියක් හා ජාතීන් සමුදායක් බිහි වන්නෝ ය. නුඹට දාව රජවරු පවා උපදින්නෝ ය. මම ආබ්රහම්ට සහ ඊසාක්ට දුන් දේශය නුඹට දෙන්නෙමි; නුඹෙන් පසුව නුඹේ පෙළපතට එය දෙන්නෙමි”යි වදාරා
Сравнить
Изучить උත්පත්ති 35:11-12
2
උත්පත්ති 35:3
එවිට අපි නැඟිට බෙතෙල් කරා යමු, මාගේ ආපදාවේ දවසේ දී මට ඇහුම්කන් දුන්, මා ගිය ගිය තැන මා සමඟ වැඩ සිටි දෙවියන් වහන්සේට මම එහි දී පූජාසනයක් සාදන්නෙමි”යි කීවේ ය.
Изучить උත්පත්ති 35:3
3
උත්පත්ති 35:10
උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹේ නම ජාකොබ් ය. එහෙත් මින්පසු නුඹේ නම ජාකොබ් යයි හඳුන්වනු නොලැබ, නුඹේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි වදාළ නිසා ඔහුට ඉශ්රායෙල් යන නම තබන ලදී.
Изучить උත්පත්ති 35:10
4
උත්පත්ති 35:2
එවිට ජාකොබ් තම පවුලේ වැසියන් හා තමා සමඟ සිටි සියල්ලන් අමතා, “ඔබ ළඟ ඇති විදේශීය දේවතා රූප ඉවත් කොට, පවිත්ර වීමේ වත්පිළිවෙත් කර, ඔබේ ඇඳුම් මාරු කරගන්න.
Изучить උත්පත්ති 35:2
5
උත්පත්ති 35:1
දෙවියන් වහන්සේ ජාකොබ්ට කතා කොට, “නැඟිට, බෙතෙල් කරා ගොස්, එහි පදිංචි වන්න, නුඹේ සොහොයුරු ඒසව්ගෙන් නුඹ පලායද්දී නුඹට දර්ශනය වූ දෙවියන් වහන්සේට පූජාසනයක් එහි සාදන්නැ”යි වදාළ සේක.
Изучить උත්පත්ති 35:1
6
උත්පත්ති 35:18
එහෙත්, රාකෙල් මළා ය. ඈ පණ අදින විට ඔහුට බෙන්-ඕනි යන නම තැබූ නමුත් ඔහුගේ පියා ඔහුට බෙන්ජමින් කියා නම් කෙළේ ය.
Изучить උත්පත්ති 35:18