සෙකරියා 3
3
පවිත්‍ර වස්ත්‍ර
1ඉන්පසු ඔහු මට පෙන්වූයේ යෝෂුවා උත්තම පූජකයා, ස්වාමින්වහන්සේගේ දූතයා ඉදිරිපිට සිටගෙන සිටිනු හා ඔහුට චෝදනා කරන පිණිස සාතන්#3:1 සාතන් හෙබ්‍රෙව්: හස්-සාටාන් එදිරිවාදියා හෝ චෝදනා කරන්නා දකුණු පසෙහි සිටගෙන සිටින අයුරු ය. 2එවිට සාතන් ඇමතූ ස්වාමින්වහන්සේ, “සාතන්, ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේක! යෙරුසලම තෝරාගත් ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේක! මොහු ගින්නෙන් ඉවතට ඇදගත් ගිනි පෙනෙල්ලක් නො වේ දැ?” යි කී සේක.
3යෝෂුවා, දේව දූතයා අබියස සිටගෙන සිටියේ කිලිටි ඇඳුමින් යුතු ව ය. 4දේව දූතයා තමා අබියස සිටියවුන් අමතමින්, “ඔහුගේ කිලිටි ඇඳුම් ඉවත් කරනු” යි පැවසී ය.
ඉන්පසු ඔහු ඇමතූ හෙතෙම, “ඔන්න, මම ඔබේ අයුතුකම් ඔබ වෙතින් පහ කළෙමි; මම ඔබට පවිත්‍ර ඇඳුම් හඳවන්නෙමි” යි කීවේ ය.
5එවිට මම, “ඔහුගේ හිසේ ඔවුන් පිරිසිදු තලප්පාවක් බැඳපුදෙන්” යි කීවෙමි. එකල ඔවුහු, ස්වාමින්වහන්සේගේ දූතයා පසෙකින් සිටියදී ඔහුගේ හිසේ පිරිසිදු තලප්පාවක් බැඳ, ඔහුට ඇඳුම් හැඳවූහ.
6ඉන්පසු ස්වාමින්වහන්සේගේ දූතයා යෝෂුවාට තදින් නියෝග කරමින්, 7“සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘ඔබ මගේ මාර්ග අනුගමන කරමින්, මගේ නියමයන් ඉටු කරන්නේ නම්, ඔබ මගේ ගෘහය පාලනය ද මගේ මණ්ඩපවල බාරකාරත්වය ද ඔබට ලැබෙනු ඇත. මේ සිටගෙන සිටින්නවුන් අතරේ මෙහි ළඟා වීමේ වරම ද මම ඔබට දෙන්නෙමි.’
8“ ‘දැන් සවන් දෙන්න එම්බා යෝෂුවා උත්තම පූජකය, ඔබත් ඔබ ඉදිරියෙහි හිඳ සිටින ඔබේ සහකාර පූජකයිනුත්; මන්ද ඔවුහු මතු පැමිණෙන්නට ඇති දෑහි සංකේතයෝ ය. මෙන්න! මගේ සේවකයා වූ ශාඛාව මම ගෙනෙන්නෙමි. 9මෙන්න! යෝෂුවා ඉදිරියේ මා විසින් පිහිටූ ගල. ඒ තනි ගල මත නෙත්#3:9 නෙත් හෝ මුහුණත් හතක් ඇත. මම ඒ මත සටහනක් කැටයම් කරන්නෙමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. ‘තවද මේ දේශයේ අයුතුකම් මම එක ම දවසකදී පහ කරන්නෙමි.
10“ ‘ඒ දවසේ ඔබ හැම කෙනෙක් ම තම මිදි වැලත්, තම අත්තික්කා ගසත් යට හිඳ ගැනීමට තම අසල්වැසියාට ඇරියුම් කරනු ඇතැ’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.”
Markert nå:
සෙකරියා 3: SCV
Marker
Kopier
Sammenlign
Del
Vil du ha høydepunktene lagret på alle enhetene dine? Registrer deg eller logg på
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: