1
ශු. මතෙව් 7:7
Sinhala Revised Old Version
SROV
ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ.
താരതമ്യം
ශු. මතෙව් 7:7 പര്യവേക്ഷണം ചെയ്യുക
2
ශු. මතෙව් 7:8
මක්නිසාද ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.
ශු. මතෙව් 7:8 പര്യവേക്ഷണം ചെയ്യുക
3
ශු. මතෙව් 7:24
එහෙයින් යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද, ඔහු පර්වතය පිට තමාගේ ගෙය සාදාගත් නුවණ ඇති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය.
ශු. මතෙව් 7:24 പര്യവേക്ഷണം ചെയ്യുക
4
ශු. මතෙව් 7:12
එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය.
ශු. මතෙව් 7:12 പര്യവേക്ഷണം ചെയ്യുക
5
ශු. මතෙව් 7:14
මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.
ශු. මතෙව් 7:14 പര്യവേക്ഷണം ചെയ്യുക
6
ශු. මතෙව් 7:13
පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය.
ශු. මතෙව් 7:13 പര്യവേക്ഷണം ചെയ്യുക
7
ශු. මතෙව් 7:11
මෙසේ නපුරුවූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දන්නහු නම්, කොපමණ වැඩියෙන් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ නොදෙනසේක්ද?
ශු. මතෙව් 7:11 പര്യവേക്ഷണം ചെയ്യുക
8
ශු. මතෙව් 7:1-2
නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස විනිශ්චය නොකරන්න. මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය.
ශු. මතෙව් 7:1-2 പര്യവേക്ഷണം ചെയ്യുക
9
ශු. මතෙව් 7:26
යමෙක් මාගේ මේ වචන අසා, ඒවා පිළි නොපදීද, ඔහු වැලි මත්තෙහි තමාගේ ගෙය සාදාගත් නුවණ නැති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය.
ශු. මතෙව් 7:26 പര്യവേക്ഷണം ചെയ്യുക
10
ශු. මතෙව් 7:3-4
නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා, නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නෙහිද? නොහොත් නුඹේම ඇසේ දැවය තිබියදී, සහෝදරයාට කථාකොට: නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ පහකරන්ට අවසර දෙන්නැයි ඔහුට කෙසේ කියන්නෙහිද?
ශු. මතෙව් 7:3-4 പര്യവേക്ഷണം ചെയ്യുക
11
ශු. මතෙව් 7:15-16
බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය. ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය. මනුෂ්‍යයෝ කටුගස්වලින් මුද්‍රික ඵලවත් ගොකටුවලින් අත්තික්කා ඵලවත් නෙළාගනිද්ද?
ශු. මතෙව් 7:15-16 പര്യവേക്ഷണം ചെയ്യുക
12
ශු. මතෙව් 7:17
එසේම සියලු හොඳ ගස් හොඳ ඵල දරයි; නුමුත් නරක ගහ නරක ඵල දරයි.
ශු. මතෙව් 7:17 പര്യവേക്ഷണം ചെയ്യുക
13
ශු. මතෙව් 7:18
හොඳ ගහක නරක ඵලවත් නරක ගහක හොඳ ඵලවත් හටගන්නට බැරිය.
ශු. මතෙව් 7:18 പര്യവേക്ഷണം ചെയ്യുക
14
ශු. මතෙව් 7:19
හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ, ගින්නෙහි දමනු ලැබේ.
ශු. මතෙව් 7:19 പര്യവേക്ഷണം ചെയ്യുക
ആദ്യത്തെ സ്ക്രീൻ
വേദപുസ്തകം
പദ്ധതികൾ
വീഡിയോകൾ