හොෂෙයා 9

9
ඉශ්‍රායෙල්ට දඬුවම්
1එම්බා ඉශ්‍රායෙල්, ප්‍රීති ප්‍රමෝද නො වන්න.
ජාතීන් මෙන් ප්‍රීතියෙන් කුල්මත් නො වන්න.
මන්ද ඔබේ දෙවියන්වහන්සේට ඔබ අවිශ්වාසවන්ත වී,
හැම කමතකදී ම
වෙසඟනකගේ පණයමට ඔබ ආශා කළ බැවිනි.
2ධාන්‍ය කමත් හෝ මිදි යන්ත්‍රය ඔවුනට අහර සපයන්නේ නැත.
අලුත් මිදි යුෂ, එය ඉටු නො කරයි.
3ඔවුන් ස්වාමින්වහන්සේගේ දේශයේ රැඳී සිටින්නේ නැත.
එප්‍රායිම්, ඊජිප්තුවට ආපසු යන්නේ ය.
අසිරියාවේ අපවිත්‍ර ආහාර ඔවුන් අනුභව කරනු ඇත.
4ඔවුන් ස්වාමින්වහන්සේට මිදි යුෂ පාන පූජා වගුරුවන්නේ නැත.
ඔවුන්ගේ යාග පූජා උන්වහන්සේට ප්‍රිය මනාප නැත.
එවන් යාග පූජා, ඔවුන්ට වැලපෙන්නන්ගේ රොටි වැනි ය;
ඒවා අනුභව කරන්නෝ අපවිත්‍ර වන්නෝ ය.
මන්ද වැලපෙන්නන්ගේ රොටි ඔවුන්ගේ ම පරිභෝජනයට පමණි;
ඒවා ස්වාමින්වහන්සේගේ ගෘහය තුළට ගෙනා ආ යුතු නැත.
5ඔබගේ සම්මත මංගල්‍ය දවසේ,
ස්වාමින්වහන්සේගේ මංගල්‍ය දවසේ, ඔබ කුමක් කරන්නේ ද?
6අන්න, විනාශයෙන් මිදී, ඔවුන් පලා ගිය හැටි!
එහෙත්, ඊජිප්තුව ඔවුන් අල්ලා ගනු ඇත;
මෙම්ෆිස්#9:6 මෙම්ෆිස් හෙබ්‍රෙව් මොෆ් පෙදෙස ඔවුන් වළලා දමනු ඇත.
ඔවුන්ගේ වස්තුව හා රිදී, ගොකටු පඳුරු විසින් ද
ඔවුන්ගේ කූඩාරම්, කටු පඳුරු විසින් ද වසා ගනු ලබනු ඇත.
7දඬුවම් දීමේ දවස් පැමිණ ඇත;
ගණන් දීමේ දවස් පැමිණ ඇත.
ඉශ්‍රායෙල් මේ වග දැනගනිත්වා.
“දිවැසිවරයා මෝඩයෙකි;
ආධ්‍යාත්මික මිනිසා පිස්සෙකි.”
මන්ද ඒ සා අධික ඔබගේ පාප හා
ඒ සා මහත් ඔබගේ එදිරිවාදිකම නිසා ය.
8එප්‍රායිම් උදෙසා
මගේ දෙවියන්වහන්සේගේ මුරකරුවා දිවැසිවරයා ය.
එසේ වුව ද, ඔහු යන හැම මාර්ගයක ම උගුලක් ඇටවී ඇත.
ඔහුගේ දෙවියන්වහන්සේගේ ගෘහය තුළ ද ඔහුට එදිරිවාදිකම් වෙයි.
9ගිබෙයාහි දවස්හි දී මෙන්,
ඔවුන් තදින් ම දූෂ්‍ය ව ගොසිනි.
උන්වහන්සේට ඔවුන්ගේ දුෂ්ටකම් මතක් කර,
ඔවුන්ගේ පාපවලට ඔවුන්ට දඬුවම් කරනු ඇත.
10කාන්තාරයේ මිදි පල මෙන්
ඉශ්‍රායෙල් මට මුණ ගැසිණි.
නුඹලාගේ පියවරුන් මට හමු වූ කල,
අත්තික්කා ගසක නාඹුල් පල කුලුඳුලේ ම දැක්කා වැන්න.
එහෙත් ඔවුහු බාල්-පෙයෝර් වෙත පැමිණි කල,
ඒ නින්දා සහගත දෑට ඇප කැප වී,
ඔවුන් ආශා වී, බැඳුණු දේවල නීච තත්වයට තමන් ද වැටුණහ.
11එප්‍රායිම්ගේ තේජස, ඉවත ඉගිළ යන කුරුල්ලකු සේ වනු ඇත.
දරු උපත් නැත; ගැබ් දැරීම් නැත; පිළිසිඳ ගැනීම් ද නැත.
12ඔවුන් දරුවන් ඇතිදැඩි කළ ද,
මම ඒ හැම කෙනකු ම තුරන් කරන්නෙමි.
මා ඔවුන් වෙතින් ඉවත හැරුනු කල,
ඔවුන්ට වන විපතක මහත!
13මා එප්‍රායිම් දුටුවේ ප්‍රසන්න ස්ථානයක
සිටුවනු ලැබූ තීර් පරිද්දෙනි.
එහෙත් එප්‍රායිම් තම දරුවන්,
ඝාතකයා වෙත පිටතට ගෙනේ.
14අහෝ ස්වාමින්වහන්ස,
ඔබවහන්සේ ඔවුන්ට දෙන දේ දුන මැනවි;
ඔවුන්ට ගබ්සා වන ගර්භාශ ද
වියළී යන තන පුඩු ද දුන මැනවි.
15ගිල්ගාල්හි දී ඔවුන් කළ සියලු දුෂ්ටකම් නිසා
එහිදී මම ඔවුන්ට වෛර කළෙමි.
ඔවුන්ගේ පාපකාරී ක්‍රියා නිසා,
මම මගේ ගෘහයෙන් පිටතට ඔවුන් පන්නා දැමීමි.
තවදුරටත් මම ඔවුන්ට ප්‍රේම නො කරමි;
ඔවුන්ගේ සියලු අධිපතීහු කැරලිකාරීහු ය.
16එප්‍රායිම්ට ගස්-රෝගය ය;
ඔවුන්ගේ මුල් වියළී ගොසිනි,
පල දැරීමක් ද නැත.
ඔවුන් දරුවන් බිහි කළ ද,
ඔවුන්ගේ ඒ සදාදර දරු පල මම වනසා දමන්නෙමි.
17ඔවුන් උන්වහන්සේට කීකරු නො වූ බැවින්,
මගේ දෙවියන්වහන්සේ ඔවුන් ප්‍රතික්ෂේප කරන සේක.
ඔවුහු ජාතීන් අතරේ අතරමං වන්නෝ ය.

선택된 구절:

හොෂෙයා 9: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요