හොෂෙයා 8

8
අස්වැන්නට සුළි සුළඟ
1හොරණෑව ඔබේ දෙතොලට තබන්න!
ස්වාමින්වහන්සේගේ ගෘහයට ඉහළින් ගිජු ලිහිණියෙක් වැන්නකි.
මන්ද ඔවුන් මගේ ගිවිසුම කඩා,
මගේ ව්‍යවස්ථාවට එරෙහිව කැරලි ගැසූ බැවිනි.
2ඔවුන් මට හඬා වැටේ.
“අහෝ මගේ දෙවියන්වහන්ස, ඉශ්‍රායෙල් වන අපි ඔබ හඳුනමු.”
3එහෙත් ඉශ්‍රායෙල් යහපත ඉවත ලූ නිසා,
ඔහු පසු පස සතුරා හඹා එයි.
4ඔවුහු රජුන් පත් කර ගනිති; එහෙත් මා මගින් නො වෙයි.
ඔවුහු අධිපතීන් තෝරා ගනිති. එහෙත් මා එය දන්නේ නැත.
ඔවුහු තම රිදීයෙන් හා රනින්
පිළිම සාදා ගනිති.
ඒ තමන්ගේ ම විනාශයට ය.
5එම්බා සමාරිය, නුඹලාගේ වහු-පිළිමය ඉවත දැමිණ.
ඔවුන්ට එරෙහිව මගේ කෝපය ඇවිළේ.
නිර්දෝෂී වීමට තව කොපමණ කලක් ඔවුන් අපොහොසත් වේ ද?
6මන්ද එය ඉශ්‍රායෙලය වෙතිනි!
මෙය සෑදුවේ ප්‍රතිමා-ශිල්පියෙකි;
දෙවියන්වහන්සේ නො වේ.
සමාරියේ පිළිම-වස්සා
කෑලි කෑලිවලට කඩනු ලැබේ.
7ඔවුහු සුළඟ වැපුරූ බැවින්,
සුළි සුළඟ කපා ගනිති.
ගොයමේ කරල් නැත.
එබැවින් ධාන්‍ය පිටි නැත.
ගොයම් කරල් හටගත්ත ද,
විදේශිකයෝ ඒවා ගිල දමති.
8ඉශ්‍රායෙල් ගිලගනු ලැබ ඇත;
නො වටිනා බඳුනක් වැනි ව,
ඈ දැන් ජාතීන් අතර වැදහොත්තී ය.
9මන්ද හුදකලාව අතරමං වූ කැලෑ බූරුවකු සේ
ඔවුහු අසිරියාව බලා ගියහ.
එප්‍රායිම්, ආදරවන්තයින්ට තමන් ම විකුණා ගත්තා ය.
10ඔවුන්, ජාතීන් අතරෙහි තමන් ම විකුණා ගත්තා වුව ද,
දැන් මම ඔවුන් එකට එක් රැස් කරන්නෙමි.
පඬුරු පාක්කුඩම් හේතු කොට
බලසම්පන්න රජුගේ පීඩනය යටතේ ඔවුන් විනාශවීමට පටන් ගනී.
11එප්‍රායිම් පාප පූජා සඳහා පූජාසන වැඩි කරගත්තෙන්,
ඒවා ඔහුට පාපය සඳහා පූජාසන බවට පත් වේ.
12මගේ නීතිවල ඔහු උදෙසා දහසක් දෑ ලියුව ද
ඔවුන් එය මහ අමුතු දෙයක් ලෙස සලකනු ඇත.
13මගේ යාග පූජා සඳහා
ඔවුහු මස් යාග කර, කා දමති.
එහෙත් ස්වාමින්වහන්සේ ඒවා පිළිගන්නේ නැත.
දැන් උන්වහන්සේ ඔවුන්ගේ දුෂ්ටකම සිහි කර,
ඔවුන්ගේ පාපවලට දඬුවම් කරන සේක.
ඔවුන් ඊජිප්තුවට ආපසු යනු ඇත.
14මන්ද ඉශ්‍රායෙල් තම මැවුම්කරුවාණන් අමතක කර,
මාලිගා ගොඩ නැගී ය.
යූදා බොහෝ නගරවලට ආරක්ෂක විධි විධාන සැලසී ය.
එහෙත් මම ඒ පුර නගර පිට ගිනි බස්සන්නෙමි;
ඔවුන්ගේ බළකොටු එයින් දැවී යනු ඇත.

선택된 구절:

හොෂෙයා 8: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요