සෙකරියා 12
12
ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ ආරක්ෂාකිරීම
1ඉශ්‍රායෙල් ගැන තිබෙන ස්වාමීන්වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයය. අහස දිගහරින්නාවූ, පොළොවේ අත්තිවාරම තබන්නාවූ, මනුෂ්‍යයා තුළ ඔහුගේ ආත්මය උපදවන්නාවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: 2බලව, අවටින් සිටින සියලුම ජනයන්ට යෙරුසලම වැනීමේ පාත්‍රයක් කරන්නෙමි, යෙරුසලම වටලෑමේදී යූදාට එසේම වන්නේය. 3ඒ කාලයේදී මම සියලු ජනයන්ට යෙරුසලම බරවූ ගලක් කරන්නෙමි; එය උස්සාගන්න සියල්ලෝ බොහෝසේ තුවාල ලබන්නෝය; පොළොවේ සියලු ජාතීහුද ඊට විරුද්ධව රැස්වන්නෝය. 4ඒ කාලයෙහි මම සියලු අශ්වයන්ට කුල්මත්කමද අසරුවන්ට උමතුකමද පැමිණවීමෙන් පහරදෙන්නෙමි. නුමුත් යූදා වංශය කෙරේ මාගේ ඇස් ඇරගන ඉඳ, ජනයන්ගේ සියලු අශ්වයන්ට අන්ධකමෙන් පහරදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. 5යෙරුසලමේ වැසියෝ ඔවුන්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කරණකොටගෙන මාගේ බලය වන්නෝයයි යූදාහි ප්‍රධානීහු තමුන්ගේ සිතින් කියාගන්නෝය. 6ඒ කාලයෙහි වටකර සිටින සියලුම ජනයන් දකුණෙන්ද වමෙන්ද දාලායන හැටියට යූදාහි ප්‍රධානීන් දර අතරෙහි තිබෙන ගිනි භාජනයක් මෙන්ද ගොයම් මිටියක් තුළ තිබෙන ගිනි පෙනෙල්ලක් මෙන්ද කරන්නෙමි. යෙරුසලමේ වැසියන්ද තමුන්ගේ ස්ථානය වන යෙරුසලමෙහි නැවත වාසයකරනවා ඇත. 7දාවිත්ගේ වංශයේ මහිමයද යෙරුසලමේ වැසියන්ගේ මහිමයද යූදාට වඩා උසස් නොවෙන පිණිස ස්වාමීන්වහන්සේ පළමුකොට යූදාහි කූඩාරම් ගළවනවා ඇත. 8ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ යෙරුසලමේ වැසියන් ආරක්ෂාකරනසේක; ඔවුන් අතරෙහි සිටින දුර්වලයා පවා ඒ කාලයෙහි දාවිත් මෙන් වන්නේය; දාවිත්ගේ වංශයද දෙවියන්වහන්සේ මෙන්, එනම් ඔවුන්ට පෙරටුව යන්නාවූ ස්වාමීන්වහන්සේගේ දූතයා මෙන් වන්නේය. 9තවද ඒ කාලයේදී යෙරුසලමට විරුද්ධව එන සියලු ජාතීන් විනාශකරන්ට සොයන්නෙමි.
තමුන්ගේ පාප ගැන සෙනඟ වැලපීම
10දාවිත්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව්කිරීමේ ආත්මය වගුරුවන්නෙමි; ඔවුන් තමුන් විසින් ඇන්නාවූ තැනැත්තා වන මා දෙස බලාසිට, එකම පුත්‍රයෙකු ගැන වැලපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන වැලපෙනවා ඇත, කුලුඳුලා ගැන ශෝකවෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන ශෝකවෙනවා ඇත. 11ඒ කාලයේ මෙගිද්දොන් සමභූමියෙහිදී වූ හදද්රිම්මොන්හි වැලපීම මෙන් යෙරුසලමෙහි මහත් වැලපීමක් වන්නේය. 12එසේ දේශයේ පෙළපත් වෙන් වෙන් වශයෙන් විලාපකියනවා ඇත; දාවිත්ගේ වංශ පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද, නාතාන්ගේ වංශ පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද, 13ලෙවීගේ වංශ පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද, ෂිමෙයි පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද, 14ඉතිරිව සිටින සියලු පෙළපත් වෙන් වෙන් වශයෙන් සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද විලාපකියන්නෝය.
دیاریکراوەکانی ئێستا:
සෙකරියා 12: SROV
بەرچاوکردن
لەبەرگرتنەوە
بەراوردکردن
هاوبەشی بکە
دەتەوێت هایلایتەکانت بپارێزرێت لەناو ئامێرەکانتدا> ? داخڵ ببە
Ceylon Bible Society