لۆگۆی یوڤێرژن
ئایکۆنی گەڕان

සෙකරියා 11

11
එඬේරුන් සම්බන්ධ උපමාව
1ලෙබනොන්, නුඹේ කිහිරි ගස් ගින්නෙන් දාලායන පිණිස නුඹේ දොරවල් අරින්න. 2එම්බා දේවදාර වෘක්ෂය, කෑමොරගසන්න, මක්නිසාද කිහිරි ගස වැටුණේය, උත්තමයෝ නාස්තිවුණෝය. බාෂාන්හි අලෝන වෘක්ෂ, කෑමොරගසන්න, මක්නිසාද දුර්ග වනය හෙළාදමනු ලැබුවේය. 3එඬේරුන්ගේ ඓශ්වර්යය නාස්තිවූ බැවින් ඔවුන්ගේ කෑමොරගැසීමේ හඬ ඇසෙන්නේය. යොර්දානේ මහිමය නාස්තිවූ බැවින් තරුණ සිංහයන්ගේ ගෙරවීමේ හඬ ඇසෙන්නේය. 4මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කීසේක: මරනු ලබන්ට සිටින බැටළු රැළ පෝෂ්‍යකරන්න; 5ඔවුන් මිලේට ගන්න අය ඔවුන් මරන නුමුත් වරදට පත් නොවී සිටිති; උන් විකුණන්නෝද කථාකොට–ස්වාමීන්වහන්සේට ස්තුතිවේවා, මම පොහොසත්යයි කියති. ඔවුන්ගේ එඬේරුද උන්ට කරුණා නොකරති. 6මක්නිසාද මම දේශයේ වැසියන්ට තවත් කරුණා නොකර, ඒ මනුෂ්‍යයන් එකිනෙකා තම තමාගේ අසල්වැසියා අතටත් තම තමාගේ රජු අතටත් අසුකරදෙන්නෙමි. ඔවුන් දේශය නටබුන්කර දමනවා ඇත, මම ඔවුන්ගේ අතින් ඔවුන් මුදා නොගන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. 7එසේ මරන්ට සිටි බැටළු රැළ පෝෂණයකෙළෙමි, ඔව්හු සැබෑවටම අසරණ රැළක්ය. මම සැරයටි දෙකක් රැගෙන එකකට ප්‍රසන්නකමය කියාද අනිකට බැඳුම්ය කියාද නම් තබා, බැටළු රැළ පෝෂණයකෙළෙමි. 8එක මාසයකදී එඬේරුන් තුන්දෙනා සිඳදැමීමි; මක්නිසාද මාගේ ආත්මය ඔවුන් ගැන වෙහෙසට පත්විය, ඔවුන්ගේ ආත්මයද මට පිළිකුල්කෙළේය. 9එවිට මම කථාකොට: නුඹලා පෝෂණය නොකරන්නෙමි. නසින අය නසීවා; සිඳදමනු ලබන අය සිඳදමනු ලැබේවා; ඉතිරි අයද එකිනෙකාගේ මාංස කත්වයි කීමි. 10එවිට මම සියලු ජනයන් සමග කළාවූ මාගේ ගිවිසුම වලංගුකරන පිණිස ප්‍රසන්නකම නම්වූ මාගේ සැරයටිය රැගෙන කඩාදැමුවෙමි. 11එසේ ඒ දවසේදී එය අවලංගුවීමෙන්, මා සැලකුවාවූ අසරණ බැටළු රැළ එය ස්වාමීන්වහන්සේගේ වචනය බව දැනගත්තෝය. 12මමද: නුඹලාට හොඳව පෙනේනම් මාගේ කුලිය දෙන්න; නැත්නම් නොදී සිටින්නැයි ඔවුන්ට කීවෙමි. ඔව්හු මාගේ කුලිය වන රිදී තිහක් කිරාදුන්නෝය. 13ඔවුන් විසින් මා මිලකළ වටිනා අගය වන ඒවා කුම්භකාරයාට හෙළන්නැයි ස්වාමීන්වහන්සේ මට කීසේක. මමද රිදී තිහ රැගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි කුම්භකාරයාට හෙළීමි. 14තවද යූදා සහ ඉශ්‍රායෙල් අතරේ තිබුණු සහෝදරකම බඳින පිණිස බැඳුම් නම්වූ මාගේ අනික් සැරයටිය කඩාදැමුවෙමි.
15 ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ නැවත අඥාන එඬේරෙකුගේ ආයුධ අරගන්න. 16මක්නිසාද එඬේරෙකු දේශයෙහි නැගුටුවමි, ඔහු සිඳිනු ලබන්නන් බලාගන්නේවත් විසුරුවනු ලබන්නන් සොයන්නේවත් තුවාල වෙන එකාට සුවකරන්නේවත් නවතින එකාට කෑම ගෙනදෙන්නේවත් නැතුව, තරවූ එකාගේ මස් කමින් උන්ගේ කුර කඩාදමන්නේය. 17රැළ අත්හරින්නාවූ නොවටිනා එඬේරාට දුක් වන්නේය! ඔහුගේ හස්තයටත් දකුණු ඇසටත් විරුද්ධව කඩුවක් පැමිණෙන්නේය. ඔහුගේ හස්තය වේළීයන්නේය, ඔහුගේ දකුණැසද අන්ධවන්නේයයි කීසේක.

دیاریکراوەکانی ئێستا:

සෙකරියා 11: SROV

بەرچاوکردن

لەبەرگرتنەوە

بەراوردکردن

هاوبەشی بکە

None

دەتەوێت هایلایتەکانت بپارێزرێت لەناو ئامێرەکانتدا> ? داخڵ ببە