ගණන් 5
5
කඳවුරේ පවිත්‍රත්වය රැකීම
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“බෝ වන කුෂ්ඨ රෝගයක් හෝ යම් අයුරක මෝචනයක් හෝ ඇති කෙනකු හෝ මළ සිරුරක් හේතු කොට අපවිත්‍ර වූ කෙනකු සිටී නම්, ඔවුන් කඳවුරෙන් පිටතට යවන ලෙස, ඉශ්‍රායෙල් ජනයාට අණ කරන්න. 3ගැහැනු වුව, පිරිමි වුව, එක ලෙස පිටතට යවන්න; ඔවුන් අතරේ මා වෙසෙන ඔවුන්ගේ කඳවුර, ඔවුන් අතින් දූෂ්‍ය නො වන පිණිස, ඔවුන් කඳවුරෙන් පිටතට යවන්නැ” යි කී සේක. 4ඉශ්‍රායෙල්වරු එසේ කළහ. ඔවුහු එවැන්නන් කඳවුරෙන් පිටතට යැවූහ. ස්වාමින්වහන්සේ මෝසෙස්ට උපදෙස් දී තිබූ පරිද්දෙන් ඔවුහු කළහ.
වරද සඳහා වන්දිය
5 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 6“ඉශ්‍රායෙල්වරුන්ට මෙසේ කියන්න: ‘පුරුෂ හෝ ස්ත්‍රී හෝ යමෙක් අන් කෙනකුට කිසියම් වරදක් කරයි නම්, ඒ අය ස්වාමින්වහන්සේට එරෙහිව විශ්වාසය කඩ කළා වෙයි. එසේ ඒ අය වරදකරුවකු වෙයි. 7ඒ අය තමා කළ වරද පාපොච්චාරණ කළ යුතු ය. ඒ අය තමා කළ වරද සඳහා සම්පූර්ණ වන්දියක් ගෙවමින්, එහි වටිනාකමට පහෙන් එකක් ද එකතු කොට, වරදට ලක් වූ අයට ඒ සියල්ල දිය යුතු ය. 8එහෙත් එම වරද සඳහා වන්දිය ලැබීමට වරදට ලක් වූ අයට ළඟ නෑයකු නො වේ නම්, එම වන්දිය අයිති ස්වාමින්වහන්සේට ය. වරද කළ අයගේ පාප වන්දි නිවාරණය සඳහා වන බැටළුවා සමඟ එම වන්දිය පූජකයාට දිය යුතු ය. 9ඉශ්‍රායෙල් ජනයා පූජකයා වෙත ගෙනෙන සියලු ශුද්ධ පඬුරු හිමි පූජකයාට ය. 10එක් එක් මිනිසා ගෙනෙන ශුද්ධ පඬුරු පූජකයාට ය. ඔහුට පිරිනමන කවර කොටසක් වුව හිමි ඔහුට යැ’ යි” පැවසූ සේක.
අවිශ්වාසී බිරිඳ ගැන පරීක්ෂණය
11ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 12“ඉශ්‍රායෙල්වරුන් අමතා මෙසේ කියන්න: ‘යම් කෙනකුගේ බිරිඳ නොමග ගොස්, තම සැමියාට අවිශ්වාසවන්ත වෙමින්, 13අන් මිනිසකු හා සංවාසයෙහි යෙදී, දූෂිත වූ නමුදු, ඇයට එරෙහිව සාක්ෂි නොමැතිකමින් හා වරද කරද්දී හසු නො වීමේ හේතුවෙන් එය එළිදරවු නො වී, ඇගේ සැමියාට ද එය රහසක් ව තිබිය හැකි ය. 14එවන් විටෙක, ඇගේ සැමියාට ඊර්ෂ්‍යා සහගත හැඟීමක් පහළ වී, දූෂ්‍ය ව සිටින ඇය ගැන සැක කළහොත්, හෝ ඇය දූෂ්‍ය ව නො සිටින විටෙක වුව ද, ඔහු ඇය ගැන ඊර්ෂ්‍යා සහගත ව සැක පහළ කළහොත්, 15ඔහු තම බිරිඳ පූජකයා වෙත කැඳවාගෙන යා යුතු ය. ඇය වෙනුවෙන් පූජාවක් වශයෙන්, යව පිටි ඒෆාවකින් දහයෙන් එකක් ද ගෙන යා යුතු ය. එය වරද කෙරේ අවධානය යොමු කරන සිහිගැන්වීමේ පූජාවක් වන ඊර්ෂ්‍යාව සඳහා වූ ධාන්‍ය පූජාවක් බැවින්, ඔහු ඒ මත තෙල් වත් කිරීම හෝ සුවඳ ද්‍රව්‍ය දැමීම හෝ නො කළ යුතු ය.
16“ ‘පූජකයා ඇය කැඳවා, ස්වාමින්වහන්සේ ඉදිරියේ ඇය සිටුවිය යුතු ය. 17ඉන්පසු පූජකයා, මැටි බඳුනකට ශුද්ධ ජලය ස්වල්පයක් ගෙන, මණ්ඩප බිමෙහි දූලි ස්වල්පයක් ඒ ජලයට දැමිය යුතු ය. 18පූජකයා, ස්වාමින්වහන්සේ ඉදිරියේ එම ස්ත්‍රිය සිට වූ පසු, ඇගේ කෙස් වැටිය ලිහා වැටෙන්නට සලස්වා, සිහිගැන්වීමේ පූජාව වන ඊර්ෂ්‍යාවේ ධාන්‍ය පූජාව, ඇගේ දෝතෙහි තබා, ශාපයක් ගෙනෙන තිත්ත වතුර බඳුන, තමන් ම දැරිය යුතු ය. 19ඉන්පසු පූජකයා ඇය දිවුරවමින්, ඇය අමතා, “ඔබේ සැමියා හා විවාහක ව සිටියදී, වෙනත් පිරිමියකු ඔබ හා සංවාසය නො කළේ නම්, ඔබ නොමග ගොස්, දූෂ්‍ය නො විණි නම්, ශාපයක් ගෙනෙන මේ තිත්ත වතුර ඔබට කිසිදු හානියක් නො කෙරේවා. 20එහෙත් ඔබේ සැමියා හා විවාහක ව සිටියදී ඔබ නොමග ගියේ නම්, ඔබේ සැමියා හැර අන් පිරිමියකු හා සංවාස කොට, ඔබ දූෂ්‍ය වූයේ නම්” කියා, 21ඉන්පසු දිවුරුමේ මෙම ශාපයට ස්ත්‍රිය නතු කළ යුතු ය. එනම්, “ස්වාමින්වහන්සේ, ඔබේ කලවය#5:21 කලවය නොහොත් ගර්භාශය බෙලහීන වන්නටත්, ඔබේ උදරය ඉදිමෙන්නටත් සලස්වා, ඔබේ ජනයාගේ ශාපයටත්, දෝෂ දර්ශනයටත් ඔබ ලක් කරන සේක්වා. 22ඔබගේ උදරය ඉදිමෙන පිණිසත්, ඔබගේ කලවය බෙලහීන වන පිණිසත් ශාපයක් රැගත් මෙම වතුර ඔබේ සිරුරට ඇතුළු වේවා” යි කිය යුතු ය.
“ ‘එවිට එම ස්ත්‍රිය “ආමෙන්, එසේ ම වේවා!” යි කිය යුතු ය.
23“ ‘ඉන්පසු පූජකයා, මෙම ශාප, පොතක ලියා, තිත්ත වතුරට එය සෝදා හැරිය යුතු ය. 24ඉන්පසු ඔහු ශාපයක් රැගත් එම තිත්ත වතුර එම ස්ත්‍රියට බොන්නට සැලැස්විය යුතු ය. ශාපයක් හා තද වේදනාවක් පමුණු වන මෙම වතුර ඇගේ සිරුර තුළට පිවිසෙනු ඇත. 25පූජකයා ඉන්පසු ඊර්ෂ්‍යාව සඳහා වූ ධාන්‍ය පූජාව, ස්ත්‍රිය අතින් ගෙන, ස්වාමින්වහන්සේ ඉදිරියේ තේව කොට, එය පූජාසනය වෙත ගෙන ආ යුතු ය. 26ඉන්පසු ධාන්‍ය පූජාවෙන් අහුරක් සිහිවීමේ පූජාවක් වශයෙන් ගෙන, පූජකයා එය පූජාසනය මත දවාලිය යුතු ය. ඉන්පසු ස්ත්‍රියට ඒ වතුර බොන්නට සැලසිය යුතු ය. 27ඇය තමා දූෂ්‍ය කර ගෙන, තම සැමියාට අවිශ්වාසී වී නම්, ශාපයක් හා තද වේදනාවක් ගෙනෙන එම වතුර ඇයට බොන්නට සැලසූ කල, ඒවා ඇගේ සිරුර තුළට වැද, ඇගේ උදරය ඉදිමෙනු ඇත. ඇගේ කලවය බෙලහීන වනු ඇත. මෙසේ තම ජනයා අතරේ ඇය ශාපයක් වනු ඇත. 28එහෙත් එම ස්ත්‍රිය තමා දූෂ්‍ය කර නො ගත්තී නම්, අපවිත්‍රතාවෙන් තොර ව සිටින්නී නම්, ඈ වරදින් නිදහස් වන්නී ය. දරුවන් ලබන්නට ද සමත් වන්නී ය.
29“ ‘ස්ත්‍රියක, තම සැමියා හා විවාහක ව සිටියදී නොමග ගොස්, තමා දූෂ්‍ය කර ගත් කල ඊට අදාළ ඊර්ෂ්‍යාව හා සබැඳි නීතිය මෙයයි. 30තම බිරිඳ ගැන සැක උපදවන සැමියකු තුළ ඊර්ෂ්‍යා සහගත හැඟීම් පහළ වූ කල ද අදාළ වන්නේ එම නීතිය ම ය. පූජකයා, ස්වාමින්වහන්සේ ඉදිරියේ එම ස්ත්‍රිය සිටුවා, මෙම නීතිය මුළුමනින් ඇය කෙරේ ක්‍රියාත්මක කළ යුතු ය. 31මෙහිදී කවර වරදකින් වුව ද, සැමියා නිදොස් වෙයි. එහෙත් තම පාපයේ විපාකය ස්ත්‍රිය දරනු ඇතැ’ යි” පැවසූ සේක.
موجودہ انتخاب:
ගණන් 5: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: