යෝෂුවා 5
5
1ඉශ්රායෙල් ජනයා උදෙසා ඔවුන් එතෙර වන තෙක් ස්වාමින්වහන්සේ යොර්දාන් ගඟ වියළූ අයුරු ඇසූ යොර්දානයට එහා බටහිරින් වූ අමෝරි රජුන් හැමගේ හා මුහුදුබඩ පෙදෙස්හි කානානි රජුන් හැමගේ සිත් දියවී, ඉශ්රායෙල්වරුන් නිසා කිසි ධෛර්යයක් ඔවුන් තුළ ඉතිරි නො වී ය.
ගිල්ගාල්හි දී චර්ම-ඡේදනය සහ පාස්කුව
2ඒ අවස්ථාවේ ස්වාමින්වහන්සේ යෝෂුවා අමතමින්, “ගිනි-ගල් පිහි සාදා, ඉශ්රායෙල් පුත්‍රයින් දෙවන වතාවටත් චර්මඡේද කරන්නැ” යි පැවසූ සේක. 3එබැවින් යෝෂුවා ගිනි-ගල් පිහි සාදා, ගිබෙයත්-හා-අරාලොත්හි#5:3 ගිබෙයත්-හා-අරාලොත්හි එනම් චර්මාග්‍ර කන්ද දී ඉශ්රායෙල් පුත්‍රයින් චර්මඡේද කළේ ය.
4යෝෂුවා ඔවුන් චර්මඡේද කරන්නට හේතු වූයේ, ඊජිප්තුවෙන් පිටතට පැමිණි ජනයා අතරේ වූ සියලු පිරිමි, එනම් යුධ වයසේ පසු වූ සියලු මිනිස්සු, ඊජිප්තුව හැර ඒමෙන් පසු, පාළුකර ගමනේදී මිය ගිය බැවිනි. 5එසේ පිටත් ව පැමිණි සියලු ජනයා චර්මඡේද කරනු ලැබ සිටි නමුදු ඊජිප්තුවේ සිට පිටත් ව පැමිණි පසු පාළුකර ගමනේදී උපන් ජනයා සියල්ලන් චර්මඡේද කරනු ලැබ සිටියේ නැත. 6මන්ද ඊජිප්තුවෙන් නික්ම ආ මුළු ජනයා, එනම් යුධ වයසේ පසු වූ මිනිසුන් හැම දෙනා, ස්වාමින්වහන්සේගේ කටහඬට කීකරු නො වූ බැවින්, ඔවුන් වැනසී යන තෙක් ඉශ්රායෙල්වරු අවුරුදු හතළිහක් පාළුකරයේ ගමනේ යෙදුණහ. මන්ද කිරි හා පැණි ගලා යන දේශය වන, අපට දෙන ලෙස ඔවුන්ගේ පියවරුන්ට ස්වාමින්වහන්සේ දිවුරා තිබූ දේශය දකින්නට උන්වහන්සේ ඔවුන්ට ඉඩ දෙන්නේ නැත කියා ස්වාමින්වහන්සේ ඔවුන්ට දිවුරා තිබුණේ ය. 7එබැවින් ඔවුන්ගේ තැනට උන්වහන්සේ ඔවුන්ගේ පුතුන් පත් කළ සේක. යෝෂුවා විසින් චර්මඡේද කරන ලද්දේ ඔවුන් ව ය. එන ගමනේදී චර්මඡේද කරනු නො ලැබූ බැවින් ඔවුන් සිටියේ චර්ම-අඡේදිත ව ය. 8සමස්ත ජාතියේ ම චර්ම-ඡේදනයෙන් අනතුරුව ඔවුන් සුවය ලබන තුරු ඔවුහු කඳවුරේ ම තම තමන්ගේ ස්ථානවල නැවතී සිටියහ.
9ඉන්පසු යෝෂුවා ඇමතූ ස්වාමින්වහන්සේ, “අද දවසේ මම ඊජිප්තුවේ නින්දාව ඔබ වෙතින් ඉවත පෙරළා දැමුවෙමි” යි කී සේක. එබැවින් එම ස්ථානය අද දක්වා ගිල්ගාල්#5:9 ගිල්ගාල් එනම් පෙරළීම නමින් හැඳින්වෙයි.
10ඉශ්රායෙල් ජනයා ගිල්ගාල්හි කඳවුරු ගසා සිටියදී, මාසයේ දාහතර වන දවසේ සවස යෙරිකෝ තැනිතලාවේදී ඔවුහු පාස්කුව පැවැත් වූහ. 11පාස්කු දවසට පසු දවසේ, හරියට ම ඒ දවසේ, ඔවුහු දේශයේ පලදාවෙන් සෑදූ නුමුහුන් රොටි ද බැදපු ධාන්‍ය ද අනුභව කළහ. 12ඔවුන් දේශයේ පලදාව අනුභව කළ දවසට පසු දා ම#5:12 පසු දා ම හෝ අනුභව කළ දවසේ ම, මන්නා නැවතිණි. තවදුරටත් ඉශ්රායෙල්වරුන්ට මන්නා ලැබුණේ නැත. එහෙත් ඔවුහු ඒ වසරේ කානාන්හි පලදාව අනුභව කළහ.
යෙරිකෝව යටත් කරනු ලැබීම
13යෝෂුවා, යෙරිකෝව සමීපයේ ඇස් ඔසවා බැලූ කල, මෙන්න! අමෝරා ගත් කඩුවක් අතැතිව මිනිසෙක් ඔහු අබියස සිටගෙන! යෝෂුවා ඔහු වෙත ගොස්, “ඔබ අපේ පැත්තට ද? නැති නම් අපගේ සතුරන්ගේ පැත්තට දැ?” යි ඇසී ය.
14ඔහු පිළිතුරු දෙමින්, “එසේ නො වේ; ස්වාමින්වහන්සේගේ හමුදාවේ ආඥාපති වශයෙන් දැන් මම ඇවිත් සිටිමි” යි පැවසී ය. එවිට යෝෂුවා මුණින් තලා බිම වැටී, “මගේ ස්වාමියාණන් ඔබේ මෙහෙකරුවාට කුමක් අණ කරන සේක් දැ?” යි ඇසී ය.
15 ස්වාමින්වහන්සේගේ හමුදාවේ ආඥාපති, යෝෂුවාට පිළිතුරු දෙමින්, “ඔබේ පාවහන් ගලවනු; මන්ද ඔබ සිටගෙන සිටින ස්ථානය ශුද්ධ යැ” යි පැවසී ය. යෝෂුවා එසේ කළේ ය.
موجودہ انتخاب:
යෝෂුවා 5: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.