යෝෂුවා 4
4
1මුළු ජාතිය ම යොර්දාන් ගඟෙන් එතෙර වී අවසන් වූ කල, ස්වාමින්වහන්සේ යෝෂුවාට කතා කොට, 2“එක් ගෝත්‍රයකට එක් මිනිසකු බැගින් ජනයා අතරෙන් මිනිසුන් දොළොස් දෙනකු තෝරා, 3ඔවුන්ට අණ කරමින්, ‘යොර්දාන් ගඟ මැද හරියට ම පූජකයින් සිටගෙන සිටින මෙතැනින් ගල් දොළොසක් ගන්න. ඒවා ඔබ සමඟ ගෙන ගොස්, අද රැයේ ඔබ නවාතැන් ගන්නා තැන ඒවා තැන්පත් කරන්නැ’ යි කියා කියන්නැ” යි පැවසූ සේක.
4එබැවින් යෝෂුවා, ඉශ්රායෙල් ජනයාගෙන් එක් ගෝත්‍රයකට එක් කෙනකු බැගින් තමා පත් කර තිබූ මිනිසුන් දොළොස් දෙනා කැඳවා, 5ඔවුන්ට කතා කොට, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කරඬුව ඉදිරියට, යොර්දාන් ගඟ මැදට ගොස්, ඉශ්රායෙල් ගෝත්‍ර වංශ ගණනට අනුව ඔබ හැම කෙනකු ම ගලක් බැගින් උර මතට ගන්න. 6මෙය ඔබ අතරේ ලකුණක් වනු ඇත. මතු දවස්හි දී ඔබේ දරුවන්, ‘මොකක් ද මේ ගල්වල ඔබට ඇති තේරුම යැ?’ යි ඔබෙන් ඇසූ විටෙක, 7‘ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියේ යොර්දාන් ජල ප්‍රවාහය තීන්දුවට ම වෙන් ව ගිය වග ද එය යොර්දාන් ගඟෙන් එතෙර වීමේදී, යොර්දාන් ජලය බෙදී ගිය වග ද එබැවින් මේ ගල් ඉශ්රායෙල් ජනතාවට සදාතනික සිහිවටනයක් වනු ඇති වග ද ඔවුන්ට කියන පිණිස යැ’ යි” කීවේ ය.
8එබැවින් ඉශ්රායෙල් ජනයා, යෝෂුවා අණ කළ පරිදි කරමින්, ස්වාමින්වහන්සේ යෝෂුවාට පවසා තිබූ පරිද්දෙන්, ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍ර ගණනට අනුව, යොර්දාන් ගඟ මැදින් ගල් දොළොසක් උසුලා ගත්හ. ඔවුහු ඒවා තමන් සමඟ උසුලා, ඔවුන් කඳවුරු බැඳි ස්ථානයට ගෙන ගොස්, ඒවා එහි තැන්පත් කළහ. 9තවද යෝෂුවා ගිවිසුම් කරඬුව රැගත් පූජකයින් සිටගෙන සිටි ස්ථානයේ යොර්දාන් ගඟ මැද ද ගල් දොළසක් පිහිටෙවුවේ ය. ඒවා අද දක්වා එහි තිබේ.
10මන්ද මෝසෙස්, යෝෂුවාට අණ කර තිබූ සියල්ල පරිදි, ජනතාවට කියන්නට ස්වාමින්වහන්සේ යෝෂුවාට අණ කර තිබූ හැම දෙයක් ම නිම වන තුරු පූජකයෝ ගිවිසුම් කරඬුව දරාගෙන, යොර්දාන් ගඟ මැද සිටගෙන සිටියහ. ජනතාව, ලහි ලහියේ එතෙර වූහ. 11සියලු ජනයින් එතෙරවීම නිම වූ විගස ස්වාමින්වහන්සේගේ කරඬුව ද පූජකයෝ ද ජනයා ඉදිරියෙන් මෙතෙර වූහ. 12තවද රූබෙන් පුත්‍රයෝ, ගාද් පුත්‍රයෝ හා මනස්සේ ගෝත්‍ර අර්ධයේ ජනයා ඔවුන්ට මෝසෙස් පවසා තිබූ පරිදි ආයුධ සන්නද්ධ ව ඉශ්රායෙල්වරුන් ඉදිරිපිට එගොඩ වූහ. 13යුද්ධයට සැරසුණු හතළිස් දහසක් පමණ දෙනා ස්වාමින්වහන්සේ ඉදිරියෙන් යුද්ධයට යෙරිකෝ තැන්නට එගොඩ වූහ.
14ඒ දවසේ ස්වාමින්වහන්සේ මුළු ඉශ්රායෙල් ජනයාගේ ඇස් හමුවේ යෝෂුවා උසස් කළ සේක; එබැවින් ඔවුහු මෝසෙස්ට ගෞරව භය දැක් වූ පරිදි, යෝෂුවාගේ ජීවිත කාලය පුරාවට ඔහුට ද ගෞරව භය දැක්වූහ.
15ඉන්පසු යෝෂුවා ඇමතූ ස්වාමින්වහන්සේ, 16“සාක්ෂි කරඬුව උසුලා සිටින පූජකයින්ට යොර්දාන් ගඟෙන් මෙගොඩ වන්නට අණ කරන්නැ” යි කී සේක.
17එබැවින් යෝෂුවා පූජකයින්ට අණ කරමින්, “යොර්දානෙන් මෙතෙර වනු” යි පැවසී ය.
18 ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව දැරූ පූජකයින් යොර්දාන් ගඟ මධ්‍යයෙන් ගොඩට එමින්, ඔවුන්ගේ පා අඩි ගොඩ බිම පිට තැබූ සැණින්, යොර්දාන් ගං ජලය එහි සීමාවට ආපසු ගලමින්, පෙර පරිදි ඉවුරු තළා ගලා ගියේ ය.
19ජනයා පළමු මස දහ වන දින යොර්දානෙන් එගොඩ වී, යෙරිකෝවේ නැගෙනහිර මායිමේ ගිල්ගාල්හි කඳවුරු බැන්දහ. 20ඔවුන් යොර්දාන් ගඟෙන් ගත් ගල් දොළොස ගිල්ගාල්හි පිහිටෙවු යෝෂුවා, 21ඉශ්රායෙල්වරුන් අමතමින්, “ඔබේ දරුවන් මතු දවස ඔවුන්ගේ පියවරුන්ගෙන්, ‘මොකක් ද මේ ගල්වල තේරුම?’ යි ඇසූ විටෙක, 22‘ඉශ්රායෙල් මෙහිදී වියළි බිම පිට යොර්දානය තරණය කළ බව’ ඔබ ඔවුන් දැනුම්වත් කළ යුතු ය. 23මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ යොර්දානෙන් එතෙර වන තෙක් ම එහි ජලය හින්ද වූයේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ රතු මුහුදට කළ ලෙස ම ය. අප ඉන් එතෙර වන තෙක් ම උන්වහන්සේ එහි ජලය හින්ද වූ සේක. 24එසේ කළේ ස්වාමින්වහන්සේගේ හස්තය බලවත් වග පොළොවේ සියලු ජාතීන් දැනගන්නා පිණිසත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබ සදහට ම භය වන පිණිසත් යැ” යි පැවසී ය.
موجودہ انتخاب:
යෝෂුවා 4: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.