විනිසුරුවෝ 12:5-6

විනිසුරුවෝ 12:5-6 SCV

එප්‍රායිම් වෙත එගොඩ වන යොර්දාන් ගං-තොටවල් අල්ලා ගත් ගිලියාද්වරු, පලා යන එප්‍රායිම්වරයකු පැමිණ, “මට එගොඩ වෙන්න දෙන්නැ” යි කී කල, “නුඹ එප්‍රායිම්වරයකු දැ” යි අසති. “නැතැ” යි ඔහු පිළිතුරු දුනහොත්, “එසේ නම් ‘ෂිබ්බොලෙත්’ කියා කියන්නැ” යි කියති. ඒ වචනය නිවැරදි ව උච්චාරණ කළ නො හැකි ව ඔහු, “සිබ්බොලෙත්” යි කීවොත් ඔවුහු ඔහු අල්ලා, යොර්දාන් ගං තොටේදී ම මරා දැමූහ. එකල්හි දී එප්‍රායිම්වරු හතළිස් දෙදාහක් මරා දමන ලදහ.