2 සාමුවෙල් 18:9-10
2 සාමුවෙල් 18:9-10 SCV
මේ අතර දාවිත්ගේ මිනිසුන්ට අබ්සලොම් මුණ ගැසිණ. අබ්සලොම් තම කොටළුවා පිට යද්දී කොටළුවා ඝන අතු සහිත මහ ඒලා ගසක් යටින් ගමන් ගත්තේ ය. අබ්සලොම්ගේ හිස එහි අතුවල පටැලිණි. ඔහු අහසත්, පොළොවත් අතර එල්ලී සිටියදී ඔහු නැගී ගිය කොටළුවා දිගට ම යන්නට ගියේ ය. ඒ දුටු එක් මිනිහෙක් යෝවාබ්ට ඒ වග දන්වමින්, “අන්න, අබ්සලොම් ඒලා ගසක එල්ලී සිටිනවා මා මේ දැන් දුටුවා” යි කීවේ ය.

