1 සාමුවෙල් 27

27
දාවිත් පිලිස්ති දේශයේදී
1ඉන්පසු දාවිත් තම හදවතින් මෙසේ කීවේ ය. “දවසක සාවුල් අතින් මා විනාශයට පත් විය හැකියි. පිලිස්තිවරුන්ගේ දේශයට පලා යෑම තරම් හොඳ දෙයක් මට තවත් නැහැ. එවිට ඉශ්‍රායෙල් දේශ සීමා තුළ තවදුරටත් මා සෙවීම සාවුල් අත්හැර දමනු ඇති. එසේ ඔහුගේ අතින් මා ගැලවෙනු ඇත.”
2එබැවින් දාවිත් නැගිට, ඔහු සමඟ හයසීයක් පමණ වූ මිනිස්සු ද සමඟ පිටත් ව, මාවොක්ගේ පුත් ගාත්හි රජු වූ ආකීෂ් වෙත ගියේ ය. 3දාවිත් හා ඔහුගේ මිනිස්සු ආකීෂ් සමඟ ගාත්හි පදිංචි වූහ. එක් එක් මිනිසා සමඟ ඔහුගේ දරු පවුල ද විය. දාවිත් සමඟ ඔහුගේ භාර්යාවන් දෙදෙනා වන යෙස්රෙයෙලීය අහිනොවම් ද නාබාල්ගේ වැන්දඹුව වූ කර්මෙලීය අබිගායිල් ද වූහ. 4දාවිත්, ගාත් වෙත පලා ගොස් ඇති වග සාවුල්ට දන්වනු ලැබී ය. ඉන්පසු තවදුරටත් ඔහු දාවිත් සොයා ගියේ නැත.
5දාවිත් පසුව ආකීෂ් අමතමින්, “ඔබ හමුවේ මට ප්‍රසාදය ලැබී ඇත්නම්, වාසය පිණිස ගම්බද නගරවලින් එකක තැනක් මට පවරා දෙන්න. ඔබගේ සේවකයා ඔබ හා සමඟ රාජකීය නගරයේ වෙසෙන්නේ කුමට දැ?” යි කී ය.
6එබැවින් ආකීෂ් ඒ දවසේ සික්ලග් නගරය ඔහුට දුන්නේ ය. එතැන් පටන් සික්ලග් යූදාහි රජුනට අයත් විය. 7දාවිත් පිලිස්තිවරුන්ගේ නගරයේ වාසය කළ කාල වකවානුව අවුරුද්දකුත් මාස හතරකි.
8මේ අතර දාවිත් සහ ඔහුගේ මිනිස්සු පිටත් ව ගොස්, ගෙෂූර්වරුන් ද ගිර්සිවරුන් ද අමලෙක්වරුන් ද ආක්‍රමණ කළහ. ඈත අතීතයේ පටන් ෂූර් හා ඊජිප්තුව දක්වා විහිදෙන දේශයේ විසූවෝ මොවුහු ය. 9දාවිත් යම් දේශයකට පහර දුන් හැම විට එහි පිරිමියකු හෝ ස්ත්‍රියක පණ පිටින් ඉතිරි කළේ නැත. එහෙත් බැටළු, ගව, බූරු හා ඔටු යන සතුන් ද රෙදි පිළි ද ඔහු ගත්තේ ය. ඉන්පසු ඔහු ආකීෂ් වෙත පෙරළා ආයේ ය.
10“අද ඔබ ආක්‍රමණ කළේ කොහේ දැ?” යි ආකීෂ් ඇසූ කල, දාවිත් පිළිතුරු දුන්නේ, “යූදාහි නෙගෙබ් පෙදෙසට එරෙහිව ය” කියා හෝ, “දකුණු දිග යෙරාමෙයෙල්වරුන්ගේ පෙදෙසට එරෙහිව ය” කියා හෝ, “දකුණු දිග කේනිවරුන්ට එරෙහිව ය” කියා යන වශයෙනි. 11ගාත් වෙත ගෙනෙනු පිණිස ඔහු එක මිනිසකුදු, එක ස්ත්‍රියකුදු පණ පිටින් ඉතිරි කළේ නැත. ඊට හේතුව, “ ‘දාවිත් කළ දේ මේ යැ’ යි අප ගැන කියන්නට ඔවුනට නො හැකි වන පිණිස යැ” යි ඔහු සිතී ය. පිලිස්ති දේශයේ ඔහු විසූ කාලය මුළුල්ලේ ඔහුගේ ක්‍රියා කලාපය එසේ විය. 12එබැවින් දාවිත් කෙරේ විශ්වාසය තැබූ ආකීෂ් තමාට ම මෙසේ කියා ගත්තේ ය: “ඔහු තමාගේ ජනයා වන ඉශ්‍රායෙල්වරුන් ඉදිරියේ තමා ම පිළිකුලක් වන්නට සලසා ගත් බැවින්, සදහට ම ඔහු මගේ සේවකයා වනු ඇත.”

موجودہ انتخاب:

1 සාමුවෙල් 27: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in