1
උත්පත්ති 15:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
ආබ්‍රම් ස්වාමින්වහන්සේ විශ්වාස කළේ ය. එය, ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් උන්වහන්සේ ගණන් ගත් සේක.
موازنہ
تلاش උත්පත්ති 15:6
2
උත්පත්ති 15:1
මින් අනතුරුව ස්වාමින්වහන්සේගේ වචනය, දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණියේ ය: “භය නො වන්න ආබ්‍රම්, ඔබේ පලිහ මමයි; ඔබේ ත්‍යාගය ද අති මහත් ය.”
تلاش උත්පත්ති 15:1
3
උත්පත්ති 15:5
උන්වහන්සේ පිටතට ඔහු කැඳවා, “අහස දෙස ඉහළ බලා, තරු ගණින්න. සැබවින් ම ඔබට එය ගැණිය හැකි වේ ද! ඔබේ දරු පරපුරත් එසේ ම වන්නේ යැ” යි පැවසූ සේක.
تلاش උත්පත්ති 15:5
4
උත්පත්ති 15:4
එවිට මෙන්න! ස්වාමින්වහන්සේගේ වචනය, ඔහු වෙත මෙසේ කියමින් පැමිණියේ ය: “ඒ මිනිසා ඔබේ උරුමකරු වන්නේ නැත. ඔබට දාව උපදින, ඔබේ ම පුතකු ඔබේ උරුමකරු වනු ඇතැ” යි පැවසී ය.
تلاش උත්පත්ති 15:4
5
උත්පත්ති 15:13
ස්වාමින්වහන්සේ එවිට ආබ්‍රම් ඇමතූ සේක්, “ඔබේ දරු පරපුරට අනුන්ගේ දේශයක විදේශීන් ව සිටින්නට සිදුවන බවත්, වසර හාරසියයක් ඔවුන් වහල් භාවයට පත් වී, තාඩන පීඩන විඳින බවත් සැක හැර දැනගන්න.
تلاش උත්පත්ති 15:13
6
උත්පත්ති 15:2
එහෙත් ආබ්‍රම් කතා කරමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, තවම දරුවකු නැතිව සිටින මට කුමක් ඔබ දෙන සේක් ද? මා සතු වස්තුවට උරුමකරුවා වනු ඇත්තේ, දමස්කයේ එලියේසර්” යැයි පැවසී ය.
تلاش උත්පත්ති 15:2
7
උත්පත්ති 15:18
ඒ දවසේ ස්වාමින්වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් කළ සේක්, මෙසේ පැවසූ සේක: “ඔබෙන් පැවතෙන්නන්ට මම මේ දේශය දෙන්නෙමි. ඊජිප්තු ගංගාවේ සිට යුප්‍රටීස් මහ ගංගාව තෙක් වූ
تلاش උත්පත්ති 15:18
8
උත්පත්ති 15:16
හතර වන පරම්පරාවේදී ඔබෙන් පැවත එන්නන් යළි මෙහි පැමිණෙනු ඇත. මන්ද අමෝරිවරුන්ගේ අයුතුකම, උපරිම තත්වයට තවම පත් ව නැතැ” යි පැවසූ සේක.
تلاش උත්පත්ති 15:16