ඔවුන්ගේ දේශය ඔබ අත්කර ගනු ඇත්තේ, ඔබේ ධර්මිෂ්ඨකම නිසාවත්, ඔබේ අවංකත්වය නිසාවත් නො වේ. මේ ජාතීන්ගේ දුෂ්ටකම් නිසා, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන් පන්නා දමන්නේ, ඔබේ ආදි පියවරුන් වන ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද උන්වහන්සේ දිවුළ වචනය, ඉෂ්ට කරන පිණිස ය.