1
උත්පත්ති 22:14
සිංහල කාලීන පරිවර්තනය
SCV
එබැවින් ආබ්‍රහම් එම ස්ථානයට යෙහෝවා-යීරේ යන නම තැබුවේ ය. “ස්වාමින්වහන්සේගේ කන්දේදී සපයා දෙනු ලැබේ” යන කියමන අද දවස දක්වා ව්‍යවහාර වේ.
Karşılaştır
උත්පත්ති 22:14 keşfedin
2
උත්පත්ති 22:2
දෙවියන්වහන්සේ කතා කරමින්, “ඔබේ පුත්‍රයා, ඔබ ප්‍රේම කරන ඔබේ එක ම පුත්‍රයා, ඊසාක් කැටුව, මොරීයා පෙදෙසට යන්න. එහිදී මා ඔබට පවසන කන්ද මත දවන පූජාවක් කොට ඔහු ඔප්පු කරන්නැ” යි පැවසූ සේක.
උත්පත්ති 22:2 keşfedin
3
උත්පත්ති 22:12
එවිට දූතයා, “ළමයාට අත තියන්න එපා. ඔහුට කිසිවක් කරන්න එපා. දෙවියන්වහන්සේට ඔබ භය පක්ෂපාත බව දැන් මම දනිමි. මන්ද ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා මට පූජා කිරීමට ඔබ පැකිළුණේ නැතැ” යි කීවේ ය.
උත්පත්ති 22:12 keşfedin
4
උත්පත්ති 22:8
එවිට ආබ්‍රහම්, “මා පුත, දෙවියන්වහන්සේ ම දවන යාග පූජාවට බැටළු පැටවා සපයා ගනු ඇතැ” යි පිළිතුරු දුන්නේ ය. දෙදෙනා එක් ව මෙසේ ගමන් ගත්හ.
උත්පත්ති 22:8 keşfedin
5
උත්පත්ති 22:17-18
මම සැබවින් ම ඔබට ආශිර්වාද කරන්නෙමි; ඔබෙන් පැවතෙන්නන් අහසේ තරු ද මුහුදු වෙරළේ වැලි ද මෙන් අසංඛ්‍ය වන්නට සලස්සමි. ඔබෙන් පැවතෙන්නෝ ඔවුන්ගේ සතුරන්ගේ දොරටු අත්පත් කර ගන්නෝ ය. ඔබ මට කීකරු වූ නිසා, මිහි පිට සියලු ජාතීන් ඔබේ වංශය තුළින් ආශිර්වාද ලබනු ඇතැ” යි පැවසී ය.
උත්පත්ති 22:17-18 keşfedin
6
උත්පත්ති 22:1
මේ සිදුවීම්වලින් ඉක්බිති, දෙවියන්වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කළ සේක. උන්වහන්සේ, “ආබ්‍රහම්” යැයි ඔහු ඇමතූ සේක. “මම මෙහේ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
උත්පත්ති 22:1 keşfedin
7
උත්පත්ති 22:11
එහෙත් ස්වාමින්වහන්සේගේ දූතයා, “ආබ්‍රහම්! ආබ්‍රහම්!” යැයි ස්වර්ගයේ සිට ඔහුට හඬ ගැසී ය. එවිට ඔහු, “මම මෙහේ” යි කීවේ ය.
උත්පත්ති 22:11 keşfedin
8
උත්පත්ති 22:15-16
ස්වාමින්වහන්සේගේ දූතයා දෙවන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම් අමතමින්, “ඔබ මෙසේ කළ නිසාත්, ඔබේ පුතු, ඔබේ එක ම පුතු පූජා කිරීමට ඔබ නො පැකිළුණු නිසාත්, මම මගේ ම නාමයෙන් ඔබට මෙසේ දිවුරමියි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
උත්පත්ති 22:15-16 keşfedin
9
උත්පත්ති 22:9
දෙවියන්වහන්සේ ඔහුට පවසා තිබූ තැනට ළඟා වූ කල, එතැන පූජාසනයක් ගොඩ නැගූ ආබ්‍රහම් ඒ මත දර අසුරා, තම පුත් ඊසාක් බැඳ, පූජාසනය මත වූ දර ගොඩ උඩ ඔහු තැබී ය.
උත්පත්ති 22:9 keşfedin