1
උත්පත්ති 17:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
ආබ්රම් අනූනව වන වියට පත් කල, ස්වාමින්වහන්සේ ඔහුට පෙනී, “මම සර්ව පරාක්රම දෙවියන්වහන්සේ ය. මා අබියස හැසිරෙමින් නිර්දෝෂී ව සිටින්න
Karşılaştır
උත්පත්ති 17:1 keşfedin
2
උත්පත්ති 17:5
තවදුරටත් ඔබ ආබ්රම් යනුවෙන් අමතනු ලබන්නේ නැත. ඔබගේ නම ආබ්රහම් වන්නේ ය. මන්ද, බොහෝ ජාතීන්ගේ පියා බවට මම ඔබ පත් කළෙමි.
උත්පත්ති 17:5 keşfedin
3
උත්පත්ති 17:7
ඔබේ දෙවියන්වහන්සේ වන පිණිස ද ඔබෙන් පසු ඔබේ දරු පරපුරේ දෙවියන්වහන්සේ වන පිණිස ද මා හා ඔබ අතරේත්, ඔබෙන් පසු මා හා ඔබේ දරු පරපුර අතරේත් පරපුරින් පරපුරට සදාතනික ගිවිසුමක් කොට, මගේ ගිවිසුම පිහිටු වන්නෙමි.
උත්පත්ති 17:7 keşfedin
4
උත්පත්ති 17:4
“මෙන්න! මා ඔබ සමඟ කරන මගේ ගිවිසුම මෙයයි; බොහෝ ජාතීනට ඔබ පියා වනු ඇත.
උත්පත්ති 17:4 keşfedin
5
උත්පත්ති 17:19
එවිට දෙවියන්වහන්සේ, “සැබවින් ම ඔබේ බිරිඳ සාරා, ඔබට පුතකු බිහි කර දෙනු ඇත. ඊසාක් නමින් ඔබ ඔහු ඇමතිය යුතු ය. ඔහු සමඟ මගේ ගිවිසුම සදාතනික ගිවිසුමක් කොට මා පිහිටුවන්නේ, ඔහුගෙන් පසු ඔහුගේ දරු පරපුර සඳහා ය.
උත්පත්ති 17:19 keşfedin
6
උත්පත්ති 17:8
පිටදේශක්කරුවකු සේ ඔබ දැන් වෙසෙන දේශය, මේ මුළු කානාන් දේශය, මම ඔබටත්, ඔබෙන් පසු ඔබේ දරු පරපුරටත් සදාතනික උරුමයක් කොට දෙන්නෙමි. මම ද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි” යි පැවසූ සේක.
උත්පත්ති 17:8 keşfedin
7
උත්පත්ති 17:17
ආබ්රහම් මුහුණ බිමට නමා, වැඳ වැටුණේ ය. ඔහුට සිනා ගියේ ය. “අවුරුදු සීයක් වයස්ගත කෙනකුට දාව, පුතකු බිහි වෙයි ද? සාරා, ඇගේ වයස අනූවේදී දරුවකු ලබන්නේ දැ?” යි තමාට ම කියා ගත්තේ ය.
උත්පත්ති 17:17 keşfedin
8
උත්පත්ති 17:15
දෙවියන්වහන්සේ තවදුරටත් ආබ්රහම් ඇමතූ සේක්, “සාරයි ගැන කියතහොත්, ඔබ තවදුරටත් ඔබේ භාර්යාව, සාරයි නමින් අමතන්නේ නැත. ඇගේ නම මින් මතු සාරා වනු ඇත.
උත්පත්ති 17:15 keşfedin
9
උත්පත්ති 17:11
ඔබ ඔබේ ලිංගාග්ර චර්මයෙහි මාංසය ඡේදන කළ යුතු ය. මාත්, ඔබත් අතර ගිවිසුමේ ලකුණ වන්නේ එයයි.
උත්පත්ති 17:11 keşfedin
10
උත්පත්ති 17:21
එහෙත් මගේ ගිවිසුම මා පිහිටුවනු ලබන්නේ, ලබන වසරේ මේ කාලයට සාරා විසින් ඔබට බිහි කරන ඊසාක් සමඟිනි” යි පැවසූ සේක.
උත්පත්ති 17:21 keşfedin
11
උත්පත්ති 17:12-13
මතු එන පරම්පරාවලදී දින අටක් වයස් වූ ඔබ අතරෙහි හැම පිරිමියකු ම චර්මඡේද කළ යුතු ය. ඔබෙන් පැවත එන්නන් නො වුව ද, ඔබ නිවසේ උපන් අය ද විදෙස්සකුගෙන් මිල දී ගත් අය ද මීට ඇතුළත් ය. ඔබේ නිවසේ ම උපන්නේ වුව ද ඔබේ මුදලින් මිල දී ගනු ලැබුවේ වුව ද ඔවුන් චර්මඡේද කළ යුතු ම ය. මෙසේ, මගේ ගිවිසුම සදාතනික ගිවිසුමක් ව ඔබේ මාංසයෙහි වන්නේ ය.
උත්පත්ති 17:12-13 keşfedin