මතෙව් 6:16-18

මතෙව් 6:16-18 SCV

“ඔබ නිරාහාර ශීලයෙන් සිටින කල, කුහකයින් කරන්නා සේ, අඳුරු මුහුණින් යුතු නො වන්න. මන්ද තමන් නිරාහාර ව සිටිනා බැව් පෙන්වීමට ඔවුහු වෙස් පෙරළා ගනිති. සත්තකින් ම මා ඔබට කියන්නේ, ඔවුන්ගේ ප්‍රති-විපාකය ඔවුන් ලබා ඇති බවයි. එහෙත් ඔබ නිරාහාර ව සිටින කල, හිස තෙල් ගල්වා, මුහුණ සෝදා සිටිය යුත්තේ, ඔබ නිරාහාර ව සිටින වග රහසිගත ව සිටින ඔබගේ පියාණන්වහන්සේ මිස අන්‍යයන් නො දකින පිණිස ය; එවිට රහසිගත ව එය දකින ඔබගේ පියාණන්වහන්සේ ඔබට ප්‍රතිවිපාක දෙන සේක.

చదువండి මතෙව් 6

సంబంధిత వీడియోలు