යෝනා 3

3
පසුතැවිල්ල හා කමාව
1ඉන්පසු ස්වාමින්වහන්සේගේ වචනය දෙවන වරටත් යෝනා වෙත පැමිණියේ ය. 2“නැගිට, නිනිවය මහ-පුරවරයට යන්න; මා ඔබට පවසන පණිවුඩය එහි ප්‍රකාශ කරන්නැ” යි ඉන් කියැවිණි.
3එවිට යෝනා නැගිට, ස්වාමින්වහන්සේගේ වචනයට අනුව, නිනිවය වෙත ගියේ ය. නිනිවය මහ විශාල පුරවරයක් විය. තුන් දවසක ගමන් දුරකින් යුක්ත ය. 4යෝනා එක්-දින ගමනක යෙදෙමින් පුරය මැදට ගමන් ඇරඹී ය. “තව හතළිස් දවසකින් නිනිවය බිඳ හෙළනු ලැබේ” යි ඔහු මොර ගසා ප්‍රකාශ කළේ ය. 5නිනිව වාසීහු දෙවියන්වහන්සේ විශ්වාස කළහ. ඔවුහු උපවාසයක් ප්‍රකාශයට පත් කොට, උත්තමයාගේ පටන් පහත් ම අය දක්වා සැවොම ගෝණි රෙදි හැඳ ගත්හ.
6නිනිවයේ රජුට මෙම පුවත සැල වූ කල, ඔහු තම සිහසුනෙන් නැගිට, රජ ඇඳුම් පසෙක ලා, ගෝණි රෙදි දවටාගෙන, අළු මත හිඳ ගත්තේ ය. 7තවද ඔහු නිනිවයෙහි ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කළේ ය:
“රජුගේ ද ඔහුගේ වංශාධිපතීන්ගේ ද නියමය පරිදි මෙසේ දැන්වී ය:
“යම් මිනිසෙක්, සතෙක් හෝ ගව-එළු බැටළු කිසිවකු කිසිවක් හෝ රස නො බලත්වා! කිසිවක් කෑමට හෝ බීමට හෝ නො ගනිත්වා! 8මිනිසා මෙන් ම සත්වයා ද ගෝණි රෙදි දවටා ගනිත්වා! හැම කෙනෙක් ම ඉතා ඕනෑකමින් දෙවියන්වහන්සේට කන්නලව් කරත්වා! ඔවුහු තමන්ගේ දුෂ්ට මාර්ග ද ප්‍රචණ්ඩකම් ද අත්හරිත්වා! 9කවුරු දනිත් ද? අප විනාශ නො වන පිණිස, දෙවියන්වහන්සේ ඇතැම් විට සිත වෙනස් කර ගෙන, ලිහිල පා, තම රුදුරු කෝපය අස්කර ගනු ඇත.”
10එවිට ඔවුන් ක්‍රියා කළ අයුරු ද ඔවුන් තම දුෂ්ට මාර්ගවලින් ඉවත හැරුණු අයුරු ද දෙවියන්වහන්සේ දුටු සේක්, තම සිත වෙනස් කර ගෙන, ඔවුන්ට එරෙහිව ප්‍රකාශ කොට තිබූ විපත්තිය, ඔවුන් පිටට නො පැමිණ වූ සේක.

ప్రస్తుతం ఎంపిక చేయబడింది:

යෝනා 3: SCV

హైలైట్

షేర్ చేయి

సరిపోల్చండి

కాపీ

None

మీ పరికరాలన్నింటి వ్యాప్తంగా మీ హైలైట్స్ సేవ్ చేయబడాలనుకుంటున్నారా? సైన్ అప్ చేయండి లేదా సైన్ ఇన్ చేయండి