ගීතාවලිය 9:1-10

ගීතාවලිය 9:1-10 - අහෝ ස්වාමින්වහන්ස, මගේ මුළු හදින් මම ඔබට ස්තුති පුදන්නෙමි.
ඔබ සිදු කළ සකල අසිරිමත් ක්‍රියා ගැන මම පවසන්නෙමි.
ඔබ තුළ මම ප්‍රීති වන්නෙමි; ප්‍රමෝද වන්නෙමි.
ඔබගේ නාමයට මම පැසසුම් ගී ගයන්නෙමි, මහෝත්තමයාණනි.

මගේ සතුරෝ ආපසු හැරුණු කල,
ඔබ අබියස පැකිළී, වැනසෙති.
මන්ද, ඔබ මගේ නඩුව අසා, මට පක්ෂ ව තීන්දුව දුන් සේක;
ඔබගේ සිංහාසනයේ හිඳිමින් ඔබ ධර්මිෂ්ඨ ව විනිශ්චය කරන සේක.
ඔබ, ජාතීන්ට දෝෂාරෝපණ කළ සේක්, දුෂ්ටයින් විනාශ කර දැමූ සේක;
ඔබ, ඔවුන් ගැන මතකය පවා සදහට ම මකා දැමූ සේක.
සදාතනික විනාශයකින් සතුරා යට ව ගියේ ය.
ඔවුන්ගේ පුර නගර ඔබ මුලිනුපුටා දැමූ සේක්,
ඒවායේ මතකය පවා නැත්තට ම නැති කළ සේක.

ස්වාමින්වහන්සේ සදහට ම රජකම් කරන සේක;
විනිශ්චය පිණිස උන්වහන්සේ තම සිංහාසනය ස්ථාපිත කළ සේක;
ධර්මිෂ්ඨත්වයෙන් උන්වහන්සේ ලෝකයා විනිශ්චය කරන සේක;
සාධාරණත්වයෙන් උන්වහන්සේ ජනයා ආණ්ඩු කරන සේක.
ස්වාමින්වහන්සේ පීඩිත ජනයාට රක්ෂස්ථානයකි;
දුක්-විපත් අවස්ථාවන්හි බළකොටුවකි.
සැබවින් ම ඔබගේ නාමය හඳුනන්නෝ ඔබ තුළ විශ්වාසය තබති;
මන්ද ස්වාමින්වහන්ස, ඔබගේ සරණ සොයා එන්නන් ඔබ කිසි දින අත්හැර නොමැත.

අහෝ ස්වාමින්වහන්ස, මගේ මුළු හදින් මම ඔබට ස්තුති පුදන්නෙමි. ඔබ සිදු කළ සකල අසිරිමත් ක්‍රියා ගැන මම පවසන්නෙමි. ඔබ තුළ මම ප්‍රීති වන්නෙමි; ප්‍රමෝද වන්නෙමි. ඔබගේ නාමයට මම පැසසුම් ගී ගයන්නෙමි, මහෝත්තමයාණනි. මගේ සතුරෝ ආපසු හැරුණු කල, ඔබ අබියස පැකිළී, වැනසෙති. මන්ද, ඔබ මගේ නඩුව අසා, මට පක්ෂ ව තීන්දුව දුන් සේක; ඔබගේ සිංහාසනයේ හිඳිමින් ඔබ ධර්මිෂ්ඨ ව විනිශ්චය කරන සේක. ඔබ, ජාතීන්ට දෝෂාරෝපණ කළ සේක්, දුෂ්ටයින් විනාශ කර දැමූ සේක; ඔබ, ඔවුන් ගැන මතකය පවා සදහට ම මකා දැමූ සේක. සදාතනික විනාශයකින් සතුරා යට ව ගියේ ය. ඔවුන්ගේ පුර නගර ඔබ මුලිනුපුටා දැමූ සේක්, ඒවායේ මතකය පවා නැත්තට ම නැති කළ සේක. ස්වාමින්වහන්සේ සදහට ම රජකම් කරන සේක; විනිශ්චය පිණිස උන්වහන්සේ තම සිංහාසනය ස්ථාපිත කළ සේක; ධර්මිෂ්ඨත්වයෙන් උන්වහන්සේ ලෝකයා විනිශ්චය කරන සේක; සාධාරණත්වයෙන් උන්වහන්සේ ජනයා ආණ්ඩු කරන සේක. ස්වාමින්වහන්සේ පීඩිත ජනයාට රක්ෂස්ථානයකි; දුක්-විපත් අවස්ථාවන්හි බළකොටුවකි. සැබවින් ම ඔබගේ නාමය හඳුනන්නෝ ඔබ තුළ විශ්වාසය තබති; මන්ද ස්වාමින්වහන්ස, ඔබගේ සරණ සොයා එන්නන් ඔබ කිසි දින අත්හැර නොමැත.

ගීතාවලිය 9:1-10

ගීතාවලිය 9:1-10