ගීතාවලිය 51:1-6

ගීතාවලිය 51:1-6 - අහෝ දෙවියන්වහන්ස, ඔබගේ නොමියෙන ප්‍රේමය නිසා,
මට දයා වුව මැනව;
ඔබගේ ඉමහත් අනුකම්පාවට අනුව,
මගේ අපරාධය මකා දැමුව මැනව;
මගේ සියලු අයුතුකමින් මා සෝදා,
මගේ පාපයෙන් මා පවිත්‍ර කළ මැනව.

මන්ද මගේ අපරාධ මම හඳුනමි,
මගේ පාප නිතර දෙවේලේ මට සිහිවෙයි.
ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කර ඇත්තෙමි.
ඔබ හමුවේ දුෂ්ටකම් කළෙමි;
ඒ ගැන ඔබ පවසන කල, ඔබ සාධාරණ ය.
ඔබ විනිශ්චය කරන කල, ඔබ යුක්ති සහගත ය.
උපතේදීත්, ඇත්තෙන් ම මා අයුතුකමින් යුතු විණි;
මා මව් කුස පිළිසිඳි වේලේ පටන් පාපයෙන් යුතු විණි.
සැබවින් ම හද අභ්‍යන්තරයේ සත්‍යයට ඔබ අබිමත වන සේක;
හද ඇතුල් ගැබෙහි ඔබ මට ප්‍රඥාව උගන්වන සේක.
ගීතාවලිය 51:1-6