ගීතාවලිය 28:7-9

ස්වාමින්වහන්සේ මගේ ශක්තිය ය, මගේ පලිහ ය; මගේ මුළු හදින් ම උන්වහන්සේ තුළ මම විශ්වාසය තබමි. එබැවින් දැන් පිහිට ලබමි; මගේ හද ප්රීතියෙන් පිනා යයි; මම ගී ගයමින්, උන්වහන්සේට තුති පුදමි. ස්වාමින්වහන්සේ, උන්වහන්සේගේ ජනයාගේ ශක්තිය ය; උන්වහන්සේගේ ආලේපය ලද්දාණන්ට ගැලවීමේ බළකොටුව ය. අහෝ, ඔබගේ ජනයා ගැලෙවුව මැනව; ඔබගේ උරුමය වූ ජනයාට ආශිර්වාද කළ මැනව; ඔවුන්ගේ එඬේරාණන් වී, සදහට ම ඔවුන් උසුලා, ගෙන ගිය මැනව.
ගීතාවලිය 28:7-9