සෙවුම් ප්‍රතිඵල
පිලිප්පි 4:13 (SCV)
මා ශක්තිමත් කරන ක්‍රිස්තුස්වහන්සේ තුළ හැම දෙයක් ම කරන්නට මට පුළුවන.
2 කොරින්ති 12:9 (SCV)
එහෙත් උන්වහන්සේ, “මගේ අනුග්‍රහය ඔබට සෑහේ; මන්ද මගේ බලය සම්පූර්ණ වන්නේ දුබලතාවයේදී යැ” යි කී සේක. එබැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ බලය මා මත රඳා පවත්නා පිණිස, මගේ දුබලතා ගැන වඩ වඩා ප්‍රමෝදයෙන් පාරට්ටු කර ගනිමි.
එපීස 6:10 (SCV)
අවසන් වශයෙන්, ස්වාමින්වහන්සේ තුළ ද උන්වහන්සේගේ පරාක්‍රමවත් බලයෙහි ද බලවත් වන්න.
යෙසායා 40:31 (SCV)
එහෙත් ස්වාමින්වහන්සේ තුළ අපේක්ෂාවෙන් බලා සිටින්නෝ, තම ශක්තිය අලුත් කර ගන්නෝ ය. ඔවුහු රාජාලීන් මෙන් පියාසලා, ඉහළ නගින්නෝ ය. ඔවුහු දුවන නමුදු වෙහෙසට පත් නො වන්නෝ ය. ඔවුහු ඇවිදින නමුදු ක්ලාන්ත නො වන්නෝ ය.
යෙසායා 41:10 (SCV)
එබැවින් භය නො වන්න. මන්ද මම ඔබ සමඟ සිටිමි. නො කැලඹෙන්න. මන්ද මම ඔබේ දෙවියන්වහන්සේ ය. මම ඔබ ශක්තිමත් කර, ඔබට උපකාර කරන්නෙමි. මගේ දමිටුකමේ දකුණතින්, මම ඔබ උසුලන්නෙමි.
යෝෂුවා 1:9 (SCV)
මම ඔබට අණ නො කළෙම් ද? ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; භය වන්න එපා; කැලඹෙන්න එපා. මන්ද ඔබ යන කොතැනක වුව, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ” යි පැවසූහ.
එපීස 6:11 (SCV)
යක්ෂයාගේ උපාය මාර්ගවලට එරෙහිව නැගී සිටිනු හැකි වන පිණිස, දෙවියන්වහන්සේගේ සම්පූර්ණ සන්නාහයෙන් සන්නද්ධ වන්න.
එපීස 3:17 (SCV)
එසේ කරන්නේ, ඇදහිල්ල මගින් ක්‍රිස්තුස්වහන්සේ ඔබේ හදවත්හි වාසය කරන පිණිස ය. තවද ප්‍රේමයෙහි ඔබ මුල් ඇද, ස්ථිර ව පිහිටන පිණිසත්,
1 පේතෘස් 5:10 (SCV)
ස්වල්ප කලක් දුක් විඳි පසු, ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්වහන්සේගේ සදාතනික තේජෝමහිමයට ඔබ කැඳවා ගත්, සකල අනුග්‍රහයේ දෙවියන්වහන්සේ, ඔබ ප්‍රකෘතිමත් කර, ශක්තිමත් කර, ස්ථාවර කර, ස්ථිර පදනමක ඔබ පිහිටු වන සේක.
එපීස 3:18 (SCV)
සියලු ශුද්ධවන්තයින් හා එක් ව ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයේ දිග හා පළලත්, උස හා ගැඹුරත් කොතෙක් ද කියා ග්‍රහණය කර ගැනීමේ බලය ඔබට ලැබෙන පිණිසත්,
එපීස 3:19 (SCV)
දැනුම ඉක්මවාලන ඒ ප්‍රේමය දැනගැනීමට දෙවියන්වහන්සේගේ සකල පරිපූර්ණත්වයේ මිනුමට ඔබ පූර්ණ කරන පිණිසත් ය.
ගීතාවලිය 27:14 (SCV)
ස්වාමින්වහන්සේ ගැන බලා සිටින්න; ශක්තිමත් වන්න: ධෛර්යවත් වන්න; ස්වාමින්වහන්සේ ගැන බලා සිටින්න.
එපීස 6:12 (SCV)
මන්ද අපගේ සටන ලෙයින්-මසින් යුතු මිනිස් සතුරනට එරෙහිව නො වේ. පාලන-බලවේගයනට එරෙහිව ය; අධිපතීන්ට එරෙහිව ය; මේ අන්ධකාර ලෝක බලවේගයනට එරෙහිව ය. ආකාශ බලමණ්ඩල දුෂ්ටාත්ම සේනාවන්ට එරෙහිව ය.
එපීස 6:13 (SCV)
එබැවින්, නපුරු දවස පැමිණි කල, ඊට විරුද්ධ ව, ඔබගේ තැන පිහිටා සිටිනු හැකි වනු පිණිස, කළ හැකි සියල්ල කළ පසු නො සැලී සිටගත හැකි වන පිණිස දෙවියන්වහන්සේගේ සම්පූර්ණ සන්නාහයෙන් සන්නද්ධ වන්න.
එපීස 6:14 (SCV)
එබැවින්, සත්‍යයේ ඉඟ පටිය ඉඟ බැඳ, ධර්මිෂ්ඨකමේ ළය වැස්ම පැලඳ,
එපීස 6:16 (SCV)
ඒ සියල්ලට අමතරව ඇදහිල්ලේ පලිහ අතට ගන්න. නපුරාගේ සියලු ගිනිමය හී නිවා, මැඩලන්නට ඉන් ඔබට හැකි වෙයි.
එපීස 6:17 (SCV)
ගැලවීම නැමති ආරක්ෂක තොප්පිය ද දේව වචනය නැමති ආත්මයාණන්වහන්සේගේ අසිපත ද ගන්න.
2 තිමෝති 1:7 (SCV)
මන්ද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නො ව, බලයේත්, ප්‍රේමයේත්, සංයමයේත් ආත්මයකි.
රෝම 5:3 (SCV)
ඊටත් වැඩියෙන් අපගේ පීඩා විඳීම්වලදීත් අපි ප්‍රමෝද වන්නෙමු. මන්ද විඳවීමෙන් ඉවසීම ද
රෝම 5:4 (SCV)
ඉවසීමෙන් චරිතය ද චරිතයෙන් බලාපොරොත්තුව ද උපදින බව දනිමු.
එපීස 6:15 (SCV)
සාමයේ සුබ අස්නට සූදානම් වහන් පය ලා ස්ථාවර ව සිටගන්න.
එපීස 6:18 (SCV)
තවද හැම විට, හැම විදියකම යාච්ඤා හා ඉල්ලීම් සමඟ ආත්මයාණන්වහන්සේ තුළ යාච්ඤාවෙහි යෙදෙන්න. මෙය සිත්හි තබාගෙන, සුපරීක්ෂාකාරී ව සිටිමින් සියලු ශුද්ධවතුන් උදෙසා නිරතුරු ව යාච්ඤා කරන්න.
යාකොබ් 1:2 (SCV)
මා සහෝදරයිනි, නොයෙක් විදියේ පරීක්ෂාවනට ඔබ මුහුණ පාන කල, ඒවා මහා ප්‍රීතියකැයි සලකන්න.
යාකොබ් 1:3 (SCV)
මන්ද පරීක්ෂාවනට මැදිවීමෙන් ඔබේ ඇදහිල්ල, ස්ථිරත්වය උපද්ද වන වග ඔබ දන්නා බැවිනි.
1 පේතෘස් 5:9 (SCV)
ලොව පුරා ඔබගේ සහෝදරයින් ද ඔබ මෙන් එක ම විදියේ දුක් පීඩා මැදින් ගමන් ගන්නා බව ඔබ දන්නා බැවින්, ඇදහිල්ලේ ස්ථාවර ව පිහිටා සිට, යක්ෂයාට එරෙහි වන්න.