සෙවුම් ප්‍රතිඵල
යොහන් 15:13 (SCV)
තම මිතුරන් උදෙසා ජීවිතය පිදීමට වඩා ශ්‍රේෂ්ඨ ප්‍රේමයක් කිසිවකුටත් තිබිය නො හැක.
හිතෝපදේශ 18:24 (SCV)
යහළුවන් බොහොමයක් ඇති මිනිසා නාස්තියට පැමිණේ; එහෙත් සහෝදරයකුට වඩා ළබැඳි මිතුරෙක් සිටී.
හිතෝපදේශ 17:17 (SCV)
මිතුරෙක් හැම විටෙක ම ප්‍රේම කරන්නේ ය; සහෝදරයෙක් ඉපිද ඇත්තේ විපතේදී පිහිට වීමට ය.
හිතෝපදේශ 27:17 (SCV)
යකඩින් යකඩ මුවහත් වන සේ, මිනිසෙක් තවත් මිනිසකු මුවහත් කරයි.
දේශනාකරු 4:9 (SCV)
එක් කෙනකුට වඩා දෙදෙනකු හොඳ ය; මන්ද ඔවුන් කරන කාරියෙන් හොඳ ප්‍රතිඵල ලැබේ;
දේශනාකරු 4:10 (SCV)
ඔවුන්ගෙන් එක් කෙනකු වැටුණ ද ඔහු නැගුටුවන්නට අනෙකාට පුළුවන. එහෙත් තමාගේ උදව්වට කෙනකු නැතිව තනි ව වැටෙන මනුෂ්‍යයාට දුක් පැමිණේ.
හිතෝපදේශ 13:20 (SCV)
ප්‍රඥාවතුන් ඇසුරු කරන්නා ද ප්‍රඥාවත් වෙයි; එහෙත් අඥානයින්ගේ මිත්‍රයා උපද්‍රවයට හසුවෙයි.
හිතෝපදේශ 27:6 (SCV)
මිතුරකුගේ රිද්දවීම විශ්වාස කටයුතු ය; එහෙත් සතුරකුගේ සිඹීම්වල තොරක් නැත.
දේශනාකරු 4:12 (SCV)
තනි කෙනකු පැරදවීමට යමකුට හැකි නමුදු දෙදෙනකු සිටින කල ඔවුන් යටත් නො වනු ඇත. තුන්-පොටක් වූ ලණුවක් ලෙහෙසියෙන් නො කැඩේ.
1 කොරින්ති 15:33 (SCV)
නො රැවටෙන්න: “නරක ඇසුරින් හොඳ චරිත දූෂ්‍ය වේ.”
ගලාති 6:2 (SCV)
එකිනෙකාගේ බර ඉවසා දරා ගැනීමෙන්, ක්‍රිස්තුස්වහන්සේගේ නීතිය ඉෂ්ට කරන්න.
හෙබ්‍රෙව් 10:24 (SCV)
තවද ප්‍රේමයට හා හොඳ වැඩට එකිනෙකා පොලඹවන්නේ කෙසේදැයි සිතා බලමු;
හෙබ්‍රෙව් 10:25 (SCV)
ඇතමුන් කරන ලෙස අප එකට රැස්වීම අතපසු කිරීමෙන් නො ව, ඒ දවස ළං ව එන බැව් ඔබට පෙනෙන නිසා, වඩ වඩා එකිනෙකා දිරි ගන්වමින් එසේ කරමු.
හිතෝපදේශ 18:19 (SCV)
අමනාප වූ සහෝදරයකු දිනාගැනීම බළකොටුවක් දිනා ගැනීමට වඩා අමාරු ය; ආරවුල්, බළකොටුවක දොරටුවේ අගුල් වැනි ය.
හිතෝපදේශ 12:26 (SCV)
ධර්මිෂ්ඨ මිනිසා, තම අසල්වැසියාට මග පෙන්වන්නෙකි; එහෙත් දුෂ්ටයාගේ මාර්ගය ඔහු මංමුළා කරවයි.
හිතෝපදේශ 17:9 (SCV)
වරදක් වසා දමන්නා ප්‍රේමය වඩවයි; එහෙත් කාරණයක් යළි මතුකරන්නා මිත්‍රත්වය බිඳියි.
හිතෝපදේශ 22:24 (SCV)
වහා කිපෙන සුළු මිනිසකු හා මිතුරු නො වන්න; නිකම්ම තරහ යන කෙනකුගේ ඇසුරට නො යන්න.
හිතෝපදේශ 22:25 (SCV)
නැතහොත් ඔබත් ඔහුගේ එම ගති-මාර්ග ඉගෙන, ඔබ ම උගුලක හිරවනු ඇත.
හිතෝපදේශ 27:5 (SCV)
නො පෙන්වන ප්‍රේමයට වඩා, විවෘත ව කෙරෙන තරවටුව හොඳ ය.
දේශනාකරු 4:11 (SCV)
තවද දෙදෙනකු එක් ව සැතපේ නම් ඔවුනට උණුසුම ලැබේ. එහෙත් කෙනකු තනි ව ම උණුහුම ලබන්නේ කෙසේ ද?
රෝම 12:9 (SCV)
ප්‍රේමය අව්‍යාජ වේවා. නපුර පිළිකුල් කරන්න; යහපත වැලඳගන්න.
රෝම 12:15 (SCV)
ප්‍රීති වන්නන් සමඟ ප්‍රීති වන්න. ශෝක වන්නන් සමඟ ශෝක වන්න.
එපීස 4:2 (SCV)
සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න.
එපීස 4:29 (SCV)
ඔබේ මුවින් කැත කතා පිටවීමට ඉඩ නො දෙන්න. ඒ වෙනුවට අසන අයට සෙත සැලසෙන, තැනට උචිත, අන්‍යයන්ගේ වර්ධනයට තුඩු දෙන කතාවෙන් යුතු වන්න.
එපීස 4:31 (SCV)
සියලු අමනාප ද ක්‍රෝධය හා කෝපය ද උද්ඝෝෂණ හා අපවාද ද හැම අයුරු ද්වේෂ ද ඉවත දමන්න.