සෙවුම් ප්‍රතිඵල

එපීස 4:26 (SCV)

කෝප වූවත් පව් නො කරන්න ; ඔබ කෝපයෙන් සිටියදී හිරු බැස යන්නට ඉඩ නො දෙන්න.

යාකොබ් 1:19 (SCV)

මෙය සිහි තබා ගන්න, මා ප්‍රේමණීය සහෝදරයිනි, හැම කෙනෙක් ම ඇසීමට ඉක්මන් වන්න. කතා කිරීමට පමා වන්න. කෝපවීමටත් පමා වන්න.

යාකොබ් 1:20 (SCV)

මන්ද දෙවියන්වහන්සේට ඕනෑ කරන ධර්මිෂ්ඨකම මිනිස් කෝපයෙන් ඉටු වන්නේ නැත.

එපීස 4:27 (SCV)

තවද යක්ෂයාට කිසිදු ඉඩක් නො දෙන්න.

එපීස 4:31 (SCV)

සියලු අමනාප ද ක්‍රෝධය හා කෝපය ද උද්ඝෝෂණ හා අපවාද ද හැම අයුරු ද්වේෂ ද ඉවත දමන්න.

එපීස 4:32 (SCV)

ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ ඔබට කමා වූ අයුරින්, ඔබත් එකිනෙකාට කමා කරමින්, එකිනෙකාට කරුණාවෙන් හා දයානුකම්පාවෙන් සලකන්න.

රෝම 12:19 (SCV)

ප්‍රේමණීයයනි, පළි ගැනීමට නො යන්න; මන්ද, “පළි ගැනීම මා සතු ය. මම විපාක දෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ කියන සේකැයි ලියා ඇති බැවින්, එය දෙවියන්වහන්සේගේ උදහසට ඉඩ හරින්න.

යාකොබ් 1:21 (SCV)

එබැවින් සියලු අපවිත්‍රතා හා ගහන ව ඇති දුෂ්ටකම ඉවත ලා, ඔබගේ ආත්මය ගලවන්නට සමත්, ඔබ තුළ පැළ කරන ලද වචනය මෘදු ලෙස පිළිගන්න.

එපීස 4:29 (SCV)

ඔබේ මුවින් කැත කතා පිටවීමට ඉඩ නො දෙන්න. ඒ වෙනුවට අසන අයට සෙත සැලසෙන, තැනට උචිත, අන්‍යයන්ගේ වර්ධනයට තුඩු දෙන කතාවෙන් යුතු වන්න.

දේශනාකරු 7:9 (SCV)

ඔබගේ ආත්මයෙන් කෝපවීමට ඉක්මන් නො වන්න; මන්ද කෝපය ලැග සිටින්නේ, අඥානයාගේ ළයෙහි ය.

හිතෝපදේශ 15:1 (SCV)

මෘදු පිළිතුරකින් උදහස පහ වේ; එහෙත් රළු වචනයකින් කෝපය ඇවිස්සේ.

ගීතාවලිය 37:8 (SCV)

කෝපවීමෙන් වළකින්න: උදහස අතහරින්න; නො කලකිරෙන්න; කලකිරීමෙන් වන්නේ නපුරට යොමුවීම පමණි.

හිතෝපදේශ 19:11 (SCV)

දැනුම් තේරුම් ඇත්තා කෝප ගන්න පමාවෙයි; අන් කෙනකුගේ වරද නො සැලකීම ඔහුගේ ගෞරවයයි.

හිතෝපදේශ 29:11 (SCV)

අඥානයා තම කෝපය මුළුමනින් පිට කරයි; එහෙත් ප්‍රඥාවන්තයා තමා පාලනය කර ගනියි.

හිතෝපදේශ 14:29 (SCV)

ඉවසිලිවන්ත පුද්ගලයාට මහා අවබෝධයක් ඇත; එහෙත් වහා කිපෙන්නා මෝඩකම ප්‍රදර්ශන කරයි.

කොලොස්සි 3:8 (SCV)

එහෙත් දැන්: කෝපය, වියරුව, ද්වේෂය, අවලාද-අපහාස හා ඔබගේ මුඛයෙන් අසභ්‍ය කතා යන ඒ හැම දෑ දුරු කළ යුතු ය.

මතෙව් 5:22 (SCV)

එහෙත් මා ඔබට කියන්නේ තම සහෝදරයා සමඟ කෝප වන කවරකු වුවත්, විනිශ්චයට යටත් වගයි. තම සහෝදරයාට ‘රකා ’ හෙවත් මෝඩයායි අපහාස කරන කවරකු වුව, මන්ත්‍රණ සභාවට යටත් ය, ‘ජඩයා’ යි අවමන් කරන කවුරුන් වුව, නිරා ගින්නට යටත් ය.

ගීතාවලිය 4:4 (SCV)

කෝප වූවත්, පව් නො කරන්න; නිදි යහනේදී ඔබේ ම හද සමඟ කතා කර, නිහඬ ව සිටින්න. සෙලා

හිතෝපදේශ 15:18 (SCV)

වහා කිපෙන මිනිසා ආරවුල් අවුස්සයි; එහෙත් ඉවසිලිවන්ත මිනිසා කලහ සන්සිඳුවයි;

හිතෝපදේශ 16:32 (SCV)

ඉවසිලිවන්තයා , රණවිරුවකුට වඩා අගේ ය; ආත්ම දමනය කරන්නා පුරවරයක් අල්ලා ගන්නාට වඩා වටනේ ය.

හිතෝපදේශ 29:22 (SCV)

කෝප වූ මිනිසා ආරවුල් අවුස්සයි; වහා කිපෙන මිනිසා බොහෝ පව් කරයි.

හිතෝපදේශ 22:24 (SCV)

වහා කිපෙන සුළු මිනිසකු හා මිතුරු නො වන්න; නිකම්ම තරහ යන කෙනකුගේ ඇසුරට නො යන්න.

රෝම 12:18 (SCV)

හැකි පමණින්, හැම කෙනකු සමඟ සාමයෙන් වෙසෙන්න.

එපීස 4:30 (SCV)

දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්ට දුක් නො දෙන්න. ඔබගේ මිදීම සම්පූර්ණ වන දවස දක්වා ඔබ මුද්‍රා තබා ඇත්තේ උන්වහන්සේගෙනි.

හිතෝපදේශ 12:16 (SCV)

අඥානයා තම නොරිස්සුම එවෙලේම පෙන්වයි; එහෙත් බුද්ධිමතා නිග්‍රහ ගණන් නො ගනී.