පාළුකරයේ ආශ්චර්යයනියැදිය

පාළුකරයේ ආශ්චර්යය

6 න් 1 වන දිනය

පාළුකරයටමුහුණ දීම

පාළුකරය යනු ජේසුස් වහන්සේගේ සෑම අනුගාමිකයෙකුම තමාගේ ජීවිතයේ අවම වශයෙන් එක් වරක්වත් ගමන් කරන අවධියකි. එය දිගු කාලයක් බලා සිටීම, දිගු කාලයක්වසා ඇති දොරවල් සහ බොහෝ බලාපොරොත්තු සුන්වීම් වලින් සලකුණු වූ කාලයකි. එය දඬුවමක් නොවඉදිරියෙන් ඇති දේ සඳහා සූදානම් වන සමයකි. කැරලිකාර සහ නොඇදහිලිවන්ත පරම්පරාවක ජනගහනයගලවා ඉවත් කිරීමේ අරමුණ සඳහා දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ව අවරුදු හතළියක ගමනක් පාළුකරය හරහා රැගෙන ගියහ. ඔවුන්ගේදින දහයක ගමනක් විය යුතුව තිබුණපොරොන්දු වූ දේශයට යන ගමන දෙවියන් වහන්සේ විසින් තම ජනතාව වෙනුවෙන් ඉතා සූක්ෂම ලෙස සැලසුම් කළ වසර හතළිහක දිගු ගමනක්බවට පත් විය. මෙම පාළුකරයේ තාවකාලිකව වාසය කරන කාලය තුළ, දෙවියන් වහන්සේ කිසි විටෙකත් දුරස්වනොසිටි නමුත් ඔවුන් අසල සහ ඔවුන් අතර සිටියේය.උන්වහන්සේ නිතරම් ඔවුන් සමඟ මෝසෙස් තුලින් හාපසුව ජෝෂුවා තුලින්ද සමීපව සන්නිවේදනය කළේය.උන්වහන්සේ ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට ක්‍රියාකාරීවසම්බන්ධ වූ අතර ඔවුන් උන්වහන්සේ කෙරෙහි දක්වන නොසැලෙන ඇදහිල්ල සඳහාද සමානව ආයෝජනය කළේය.

පාළුකරයේ ඇති ගැටලුව නම් එහි කටුක සහ තද ඉඩෝරය වැනි තත්වයේ නිමක් නැති බවක් පෙනෙන්නට තිබීමයි. සබඳතා අරගලකාරී විය හැකිය, මූල්‍ය කටයුතු වෙනදාට වඩා තදින් දැනෙන්නට පුළුවන,ඔබේ ලගම ස්ථානවල අධෛර්යමත් වීම සහ බලාපොරොත්තු සුන්වීම දෙස බලා සිටින විට ඔබේ සෞඛ්‍යය දෘඩ හා අස්ථාවර බවක් දැනේ.ඔබ ඔබේම පාළුකර ගමන දෙස සමීපව බලන විට, දෙවියන් වහන්සේ නිශ්ශබ්දතාවයේ නොසිටින බවත්, ඔබේ පරීක්ෂාවල උණුසුමෙන් උන්වහන්සේ දුරස් වී නැති බවත් ඔබට පෙනී යනු ඇත, නමුත් උන්වහන්සේ ඔබ සමඟ රැඳී සිටින අතර ඔබට පහර දෙන විට උන්වහන්සේ ඔබව අල්ලාගෙන සිටියි. "මම කිසිදා ඔබව අත් නොහරිමි, ඔබෙන් අහක්ව නොයන්නෙමි.” යයි උන්වහන්සේ පවසන විට උන්වහන්සේ තම වචනයට විශ්වාසවන්තව සිටින සේක.

ඔබේ පාළුකරයේ උමග අවසානයේ ඔබට ආලෝකය දැකීමට නොහැකි වනු ඇත, නමුත් සෑම පියවරකදීම ලෝකයේ ගමනේ ආලෝකය ඔබ සමඟ ඇති බව ඔබට සහතික විය හැකිය. ඔබ වඩාත් හුදකලා අවස්ථාවන්හිදී උන්වහන්සේගේ හෘද ස්පන්දනය ඔබට දැනෙනු ඇත.ඔබ වටා ශබ්දනගා සුළං හමන විට උන්වහන්සේගේ අසමසමශක්තිය ඔබට දැනෙනු ඇත. ඔබේ ලොකුම සිත් වේදනාවන් සහ බලාපොරොත්තු සුන්වීම් මධ්‍යයේ වුවද උන්වහන්සේගේ කරුණාව ඔබට පෙනෙනු ඇත.

ඒ නිසා බලාපොරොත්තු නැති කරගන්න එපා. ඔබ පාළුකරයක සිටින විට, සියල්ලේ ස්වාමින් වහන්සේට කන්නලව් කරන්න.උන්වහන්සේ කඳුකරයේ, නිම්නවල,පාළුකරයේ සහ උද්‍යානවල දෙවියන් වහන්සේය.උන්වහන්සේ ඔබේ වත්මන් අවධිය තේරුම් ගැනීමට ඔබට උපකාර කරන අතරම, ඔබව මෘදු ලෙස හා ආදරයෙන් ඊළඟ අවධියට ගෙන යනු ඇත.

ලියවිල්ල

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

පාළුකරයේ ආශ්චර්යය

ජේසුස් වහන්සේගේ සෑම අනුගාමිකයෙකුටම අනිවාර්යයෙන්ම හමුවන පාළුකරය, සම්පූර්ණයෙන්ම නරක නැත.එය දෙවියන් වහන්සේට ඉමහත් සමීපත්වයක් සහ අපගේ ජීවිතයේ උන්වහන්සේගේ අරමුණු පිළිබඳ වඩාත් පැහැදිලි බවක් ඇති කරන ස්ථානයක් විය හැකිය. මෙම සැලැස්ම පාළුකර සමයේ ආශ්චර්යය වෙත ඔබේ නෙත් විවර කිරීමට බලාපොරොත්තු වේ.

More

මෙම සැලසුම අපට ලබා දීම ගැන අපි Christine Jayakaran ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: www.instagram.com/christinejayakaran