සෙකරියා 1:1-6
සෙකරියා 1:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාරෙයාවෙෂ් රජුගේ දෙවන වසරේ අට වන මස ස්වාමින්වහන්සේගේ වචනය ඉද්දෝගේ පුත්‍ර, බෙරෙකියාගේ පුත්‍ර, දිවැසිවර සෙකරියා වෙත පැමිණියේ ය: “ඔබගේ පියවරුන් කෙරෙහි ස්වාමින්වහන්සේ බෙහෙවින් උරණ ව ඇත. එබැවින්, ඔවුනට මෙසේ පවසන්න: සේනාංකවල ස්වාමින්වහන්සේ කියන්නේ මෙයයි: ‘මා වෙත හැරී එන්නැ’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක. ‘එවිට මමත් ඔබ වෙත හැරී එන්නෙමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක. ඔබේ පියවරුනට අනුව නො යන්න; පෙර සිටි දිවැසිවරු ඔවුන් අමතමින්, ‘නුඹලාගේ දුෂ්ටකමින් ද දුෂ්ට ක්‍රියාවලින් ද ඉවත හැරෙනු’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේකැයි ඔවුන්ට ප්‍රකාශ කළහ. එහෙත් ඔවුන් මට සවන් දුන්නේවත්, අවධානය යොමු කළේවත් නැතැයි ස්වාමින්වහන්සේ කියන සේක. නුඹලාගේ ඒ පියවරුන් දැන් කොහේ ද? ඒ දිවැසිවරු සැමදා ජීවත්වන්නෝ ද? එහෙත් මගේ මෙහෙකරුවන් වන ඒ දිවැසිවරුනට මා අණ කළ මගේ වචන හා මගේ නියෝග ඔබගේ මුතුන් මිත්තන් පසු පස හඹා ගොස්, ඔවුන් අල්ලා ගත්තේ නැති ද? “එවිට පසුතැවිලි වූ ඔවුහු, ‘සේනාංකවල ස්වාමින්වහන්සේ අප ගැන, අපගේ මාර්ගවලට හා අපගේ ක්‍රියා කලාපයට අනුව අදිටන් කර තිබූ පරිදි අපට කළ සේකැ’ යි” කීහ.
සෙකරියා 1:1-6 Sinhala Revised Old Version (SROV)
දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ අටවෙනි මාසයේදී ස්වාමීන්වහන්සේගේ වචනය ඉද්දෝගේ පුත්‍රයා වන බෙරෙකියාගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ සෙකරියා වෙතට පැමිණ කියනුයේ: ස්වාමීන්වහන්සේ නුඹලාගේ පියවරුන් කෙරෙහි ඉතා අප්‍රසන්නවූසේක. එබැවින්: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න–මා වෙතට හැරීඑන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක, එවිට මම නුඹලා වෙතට හැරීඑන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ පියවරුන්ට සමාන නොවෙන්න, පළමු අනාගතවක්තෘවරුන්: නුඹලාගේ නපුරු මාර්ගවලින්ද නපුරු ක්‍රියාවලින්ද හැරෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක කියා ඔවුන්ට මොරගැසූ නුමුත්, ඔවුන් ඇසුවේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ පියවරු කොයිද? අනාගතවක්තෘවරු සැමකල්ම ජීවත්වෙද්ද? නුමුත් මාගේ මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට මා විසින් අණකළ මාගේ වචනත් මාගේ නියෝගත් නුඹලාගේ පියවරුන් කරා පැමුණුනා නොවේද? එවිට ඔව්හු හැරී: සේනාවල ස්වාමීන්වහන්සේ අපට කරන්ට අදහස්කළ ප්‍රකාරයට අපේ මාර්ග සහ අපේ ක්‍රියාවල හැටියට උන්වහන්සේ අපට කළසේකැයි කීවෝයයි කීය.
සෙකරියා 1:1-6 Sinhala New Revised Version (NRSV)
දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ අට වන මාසයේ දී සමිඳාණන් වහන්සේ ඉද්දෝගේ පුත්‍ර වන බෙරෙකියාගේ පුත්‍ර වූ දිවැසිවර සෙකරියාට වදාළ පණිවුඩය මෙය වේ. සියලු බලැති සමිඳාණන් වහන්සේ සෙකරියාට කතා කොට සෙනඟට මෙසේ ප්‍රකාශ කරන ලෙස වදාළ සේක: “ස්වාමීන් වන මම, නුඹලාගේ මුතුන්මිත්තන් ගැන ඉතා අප්‍රසන්න වීමි. එබැවින් සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි කියන්න. ‘මා වෙත හැරී එන්න. මම ද නුඹලා වෙත හැරී එන්නෙමි. නුඹලාගේ මුතුන්මිත්තන්ට සමාන නොවන්න. පෙර සිටි දිවැසිවරු ඔවුන් අමතා, ‘නුඹලාගේ නපුරු මාර්ගවලින් ද නපුරු ක්‍රියාවලින් ද හැරෙන්නැ’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ කියන සේකැ’යි ඔවුන්ට මොරගැසූ හ. ඔවුන් එයට සවන් දුන්නේ වත්, ඒ ගැන සැලකුවේ වත් නැත. නුඹලාගේ මුතුන්මිත්තෝ දැන් කොහේ ද? ඒ දිවැසිවරු සදාකාලයට ම සිටිත් ද? ඔවුන් දැන් නැති වුවත් මාගේ මෙහෙකරු දිවැසිවරුන් මඟින් මා ප්‍රකාශ කළ මාගේ වචනත්, නියෝගත් නුඹලාගේ මුතුන්මිත්තන් කෙරෙහි බලපෑවේ නැද් ද?” ඒ නිසා ඔව්හු පසුතැවී සිත් හරවා ගෙන, “සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉටාගත් පරිදි අපේ කල්ක්‍රියාව අනුව අපට දඬුවම් කළ සේකැ”යි කීවෝ ය.
සෙකරියා 1:1-6 Sinhala New Revised Version 2018 (SNRV)

සෙකරියා 1:1-6 New International Version (NIV)
In the eighth month of the second year of Darius, the word of the LORD came to the prophet Zechariah son of Berekiah, the son of Iddo: “The LORD was very angry with your ancestors. Therefore tell the people: This is what the LORD Almighty says: ‘Return to me,’ declares the LORD Almighty, ‘and I will return to you,’ says the LORD Almighty. Do not be like your ancestors, to whom the earlier prophets proclaimed: This is what the LORD Almighty says: ‘Turn from your evil ways and your evil practices.’ But they would not listen or pay attention to me, declares the LORD. Where are your ancestors now? And the prophets, do they live forever? But did not my words and my decrees, which I commanded my servants the prophets, overtake your ancestors? “Then they repented and said, ‘The LORD Almighty has done to us what our ways and practices deserve, just as he determined to do.’ ”