ප්‍රේම ගී 3:1-4
ප්‍රේම ගී 3:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ යහන මත මුළු රැය පුරා මා හද ප්‍රේම කරන්නා සෙව්වෙමි; මා ඔහු සෙව් නමුදු ඔහු මට හමු වූයේ නැත. දැන් මම නැගිට, පුරවරය ඔස්සේ ඇවිදිමින්, එහි වීදි හා කඩ-මණ්ඩි අතරේ මා හද ප්‍රේම කරන්නා සොයන්නෙමි; එසේ මම ඔහු සෙව්වෙමි; එහෙත් මට ඔහු හමු වුණේ නැත. නගර සංචාරයේ යෙදෙන මුර සෙබළුනට මා හමු විණ. “දැක්ක ද නුඹලා? මා හද ප්‍රේම කරන තැනැත්තා?” මා ඔවුන් පසු කළ විගස, මා හද ප්‍රේම කරන්නා මට හමු වූ කල, මම ඔහු අල්ලාගෙන, මගේ මවගේ ගෙදරට, මා පිළිසිඳ ගත් තැනැත්තියගේ කාමරයට ඔහු පමුණු වන තෙක්, ඔහුට යන්නට නුදුන්නෙමි.
ප්‍රේම ගී 3:1-4 Sinhala Revised Old Version (SROV)
රාත්‍රියෙහි මාගේ යහනේදී මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා සෙවීමි. ඔහු සෙවු නුමුත් මට සම්බවුණේ නැත. ඉතින් මම නැගිට නුවර වීදිවලද එළිමහන් තැන්හිද ඇවිද: මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා සොයන්නෙමියි කීයෙමි. ඔහු සෙවු නුමුත් මට සම්බවුණේ නැත. නුවර ඇවිදින රැකවලුන් මට සම්බවී: මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා දුටුවහුදැයි ඇසීමි. මා මදක් දුර ඔවුන් පසුකර ගියවිට, මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්තා මට සම්බවිය. මම ඔහු අල්ලාගෙන, මාගේ මවුගේ ගෙටත් මා බිහිකළ තැනැත්තියගේ ඇතුල් ගෙටත් ඔහු පමුණුවන තෙක් ඔහු යන්ට නෑරියෙමි.
ප්‍රේම ගී 3:1-4 Sinhala New Revised Version (NRSV)
රාත්‍රියෙහි මා යහනේ දී මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මම සෙවීමි. ඔහු සෙවූ නමුත්, ඔහු මට සම්බ නො වී ය. ඉතින් මම නැඟිට නුවර වීදිවල ද මංහන්දිවල ද ඇවිද මා සිතින් ප්‍රේම කරන තැනැත්තා සොයන්නෙමි. ඔහු සෙවූ නමුත්, මට ඔහු සම්බ නො වී ය. නුවර ඇවිදින මුර සෙබළුන් මට හමු වී “මා සිතින් ප්‍රේම කරන තැනැත්තා ඔබ දුටුවහු දැ”යි මම ඇසීමි. මා මඳක් දුර ඔවුන් පසු කර ගිය විට මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මට සම්බ විය. මම ඔහු අල්ලාගෙන, මාගේ මවුගේ ගෙදරටත්, මා උපන් කාමරයටත් ඔහු පමුණුවන තෙක් ඔහුට යන්න ඉඩ නුදුනිමි.
ප්‍රේම ගී 3:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
රාත්‍රියෙහි මා යහනේ දී මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මම සෙවීමි. ඔහු සෙවූ නමුත්, ඔහු මට සම්බ නො වී ය. ඉතින් මම නැඟිට නුවර වීදිවල ද මංහන්දිවල ද ඇවිද මා සිතින් ප්‍රේම කරන තැනැත්තා සොයන්නෙමි. ඔහු සෙවූ නමුත්, මට ඔහු සම්බ නො වී ය. නුවර ඇවිදින මුර සෙබළුන් මට හමු වී “මා සිතින් ප්‍රේම කරන තැනැත්තා ඔබ දුටුවහු දැ”යි මම ඇසීමි. මා මඳක් දුර ඔවුන් පසු කර ගිය විට මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මට සම්බ විය. මම ඔහු අල්ලාගෙන, මාගේ මවුගේ ගෙදරටත්, මා උපන් කාමරයටත් ඔහු පමුණුවන තෙක් ඔහුට යන්න ඉඩ නුදුනිමි.
ප්‍රේම ගී 3:1-4 New International Version (NIV)
All night long on my bed I looked for the one my heart loves; I looked for him but did not find him. I will get up now and go about the city, through its streets and squares; I will search for the one my heart loves. So I looked for him but did not find him. The watchmen found me as they made their rounds in the city. “Have you seen the one my heart loves?” Scarcely had I passed them when I found the one my heart loves. I held him and would not let him go till I had brought him to my mother’s house, to the room of the one who conceived me.