ප්‍රේම ගී 2:13-14
ප්‍රේම ගී 2:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අත්තික්කා ගහේ ගෙඩි ඉදෙන විට, මිදි වැල්වල මල් පිපෙන විට ඒවායේ සුවඳ පැතිරේ; නැගිටින්න, මා ප්‍රියාවිය, මගේ රූමතිය, එන්න මා සමඟ.” පර්වතයේ විවරවල ද කඳු බෑවුමේ සැඟවෙන තැන්වල ද වසන මගේ පරෙවි කිරිල්ලිය, නුඹේ මුහුණ මට පෙන්වන්න; නුඹේ කටහඬ ඇහෙන්න මට කතා කරන්න; මන්ද නුඹේ කටහඬ මිහිරියි; නුඹේ මුහුණ රමණීයයි.
ප්‍රේම ගී 2:13-14 Sinhala Revised Old Version (SROV)
දිඹුල් ගසේ අමු ගෙඩි ඉදීගන එයි, මිදිවැල්වල මල් පිපී, සුවඳ හමයි. මාගේ සොඳුර, මාගේ ශෝභන තැනැත්තිය, නැගිට එන්න. පර්වත විවරවලද උස් කඳුවල රහස් තැන්හිද සිටින මාගේ පරෙවිදෙන, නුඹේ මුහුණ මට දකින්ටත් නුඹේ හඬ අසන්ටත් දෙන්න; මක්නිසාද නුඹේ හඬ මිහිරිය, නුඹේ මුහුණ ශෝභනයයි කීවේය.
ප්‍රේම ගී 2:13-14 Sinhala New Revised Version (NRSV)
පැසුණු දිඹුල් පල ඉදෙන විට, මිදිවැල් සුවඳ හමන විට, මා සුරතලිය, නැඟිට එන්න; මා සොඳුරිය, දැන් එන්න. කඳු විවරවල, හෙල් කුහර තුළ මා පරෙවි දෙන, ඔබේ මුහුණ මට දකින්න දෙන්න; ඔබේ කට හඬ මට ඇසෙන්නට දෙන්න; ඔබේ කට හඬ මිහිරි ය; ඔබේ මුහුණ සෝබන ය.”
ප්‍රේම ගී 2:13-14 Sinhala New Revised Version 2018 (SNRV)
පැසුණු දිඹුල් පල ඉදෙන විට, මිදිවැල් සුවඳ හමන විට, මා සුරතලිය, නැඟිට එන්න; මා සොඳුරිය, දැන් එන්න. කඳු විවරවල, හෙල් කුහර තුළ මා පරෙවි දෙන, ඔබේ මුහුණ මට දකින්න දෙන්න; ඔබේ කට හඬ මට ඇසෙන්නට දෙන්න; ඔබේ කට හඬ මිහිරි ය; ඔබේ මුහුණ සෝබන ය.”
ප්‍රේම ගී 2:13-14 New International Version (NIV)
The fig tree forms its early fruit; the blossoming vines spread their fragrance. Arise, come, my darling; my beautiful one, come with me.” My dove in the clefts of the rock, in the hiding places on the mountainside, show me your face, let me hear your voice; for your voice is sweet, and your face is lovely.