රූත්ගේ කථාව 4:3-13
රූත්ගේ කථාව 4:3-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු ඔහු, මිදීම සිදු කළ හැකි නෑයා අමතමින්, “මෝවබ් දේශයේ සිට පෙරළා පැමිණි නායොමි, අපගේ සහෝදර එලීමෙලෙක්ට අයත් වූ ඉඩම් කැබැල්ල විකුණන්නී ය. එබැවින් මෙහි අසුන් ගෙන සිටින මේ අය ඉදිරියේ හා මගේ ජනයාගේ වැඩිහිටියන් ඉදිරියේ, එය මිලයට ගන්නැයි ඔබට දැන්විය යුතු යැයි මා සිතුවා. එය මුදා ගන්නට ඔබ කැමති නම්, එය මුදා ගන්න. එහෙත් ඔබ නො කැමති නම්, මා එය දැනගන්නා පිණිස ඒ වග මට කියන්න. මන්ද ඔබට පෙරාතුව එය මුදාගැන්මේ අයිතිය වෙන කාටවත් නැත. ඊළඟට සිටින්නේ මමයි” කීවේ ය. “මා එය මුදා ගන්නවා” යි නෑයා පැවසී ය. එවිට බෝවස්, “නායොමි අතින් ඔබ මේ ඉඩම මිලයට ගන්නා දවසේ, මළ අයගේ උරුම දේපළ සමඟ ඔහුගේ නාමය පවතින පිණිස, මළ මිනිසාගේ වැන්දඹුව වූ මෝවබිය රූත් ද අත්කර ගන්නේ යැ” යි පැවසී ය. මෙවිට, මිදීම සිදු කළ හැකි නෑයා, “එසේ නම්, මට එය මුදා ගන්න බැහැ. මන්ද, එයින් මගේ ම උරුමයට අනර්ථයක් සිදු විය හැකියි. මුදා ගැනීමේ මා සතු අයිතිය ඔබ ම බාර ගන්න. මන්ද මට එය මුදා ගත නො හැකි යැ” යි පැවසී ය. ඒ කාලයේ ඉශ්‍රායෙල් දේපළ මුදාගැනීමක් හෝ පැවරීමක් හෝ තීන්දු කිරීමට එක් පාර්ශ්වයක් තම පාවහන ගලවා, අනෙක් පාර්ශ්වයට දෙන්නේ ය. ඉශ්‍රායෙලයේ ගනුදෙනු සහතික කිරීමේ නිත්‍යානුකූල පිළිවෙත වූයේ එයයි. එබැවින්, මිදීම සිදු කළ හැකි නෑයා බෝවස් අමතා, “ඔබ ම එය මිලයට ගන්නැ” යි කියා, තම පාවහන ගැලවී ය. එවිට බෝවස් වැඩිහිටියන් සියලු දෙනා අමතමින්, “එලීමෙලෙක්ට අයිති ව තිබූ සියල්ල ද කිලියොන්ට හා මාලොන්ට අයිති ව තිබූ සියල්ල ද නායොමිගෙන් මා මිලයට ගත් වගට අද ඔබ සාක්ෂිකරුවෝ ය. තවද, මළ මිනිසාගේ නාමය, ඔහුගේ පෙළපත් අතරින් හා නගර ලේඛනවලින් බැහැර නො වන්නට මළ මිනිසාගේ උරුම දේපළ සමඟ ඔහුගේ නාමය ද බල පැවැත්වෙන පිණිස, මාලොන්ගේ වැන්දඹුව වූ මෝවබිය රූත් මගේ බිරිඳ වශයෙන් මා අත්කර ගත් වගට ද අද දවසේ ඔබ සාක්ෂිකරුවෝ යැ” යි පැවසී ය. එවිට නගර දොරටුවේ සිටි සියල්ලෝ හා වැඩිහිටියෝ, “අපි සාක්ෂිකරුවෝයි. ඔබේ නිවසට එන කාන්තාව, ඉශ්‍රායෙල් වංශය එක් ව ගොඩ නැංවූ රාඛෙල් හා ලෙයා වාගේ වන්නට ස්වාමින්වහන්සේ සලස්වන සේක්වා! ඔබ එෆ්‍රාතාහි සමෘද්ධිමත් වී, බෙත්ලෙහෙම්හි කීර්තිමත් වේවා! මෙම තරුණ කාන්තාව තුළින් ස්වාමින්වහන්සේ ඔබට ලබා දෙන දරු පරපුර තුළින් ඔබගේ වංශය, යූදාට දාව තාමාර් බිහි කළ පෙරෙස්ගේ වංශය මෙන් වේවා!” යි කීහ. බෝවස් මෙසේ, රූත් අත්කර ගත්තේ ය. ඈ ඔහුගේ බිරිඳ වූවා ය. ඔහු ඇය හා එක් වූ කල, ඇයට ගැබ් ගන්නට ස්වාමින්වහන්සේ සැලසූ සේක. ඈ පුතකු බිහි කළා ය.
රූත්ගේ කථාව 4:3-13 Sinhala Revised Old Version (SROV)
ඔහු ඒ ළඟ නෑයාට කථාකොට: මෝවබ් රටින් හැරී ඇවිත් සිටින නායොමි අපගේ සහෝදරවූ එලීමෙලෙක්ට තිබුණු බිම් කොටස විකුණන්නීය. මෙහි හිඳින්නන් සහ මාගේ සෙනඟගේ වැඩිමහල්ලන් ඉදිරියෙහි ඒක මිලේට ගන්න කියා කාරණය නුඹට දන්වන්ට සිතුවෙමි. ඉතින් ඒක ගළවාගන්ට කැමතිනම් ගළවාගන්න. ගළවාගන්ට අකැමැතිනම් ඒ බව දැනගන්නා පිණිස මට කියන්න. මක්නිසාද ඒක ගළවාගන්ට නුඹ සහ නුඹට පසුව මාත් ඇර වෙන කිසිවෙක් නැතැයි කීවේය. ඒක මම ගළවා ගන්නෙමියි ඔහු කීය. එවිට බෝවස්: නායොමි අතින් ඒ බිම මිලේට ගන්නා දවසේදී, මැරුණු අයගේ නම උරුමය කෙරෙහි පවතින පිණිස මැරුණු අයගේ භාර්යාවවූ මෝවබිය රූත්ගෙනුත් ඒක මිලේට ගන්ට ඕනෑයයි කීවාය. ඒ ළඟ නෑයා කථාකොට: මට ඒක ගළවාගන්ට බැරිය; එසේ කළොත් මාගේ උරුමයට අලාභවෙයි. මට ගළවාගන්ට බැරි නිසා මට තිබෙන මිදීමේ බලය නුඹම භාරගන්නැයි කීවාය. පෙර කාලයේ මුදාගැනීමද හුවමාරු කරගැනීමද ගැන සියලු කාරණා ඉශ්‍රායෙල්වරුන් අතරේ ස්ථිරකිරීමේ සිරිත මෙසේය: එක්කෙනෙක් තමාගේ මිරිවැඩිය ගළවා අනික් අයට දෙන්නේය. ඒක ඉශ්‍රායෙල්වරුන් අතරේ සහතිකකිරීමේ විධියව තිබුණේය. ඒ නිසා ළඟ නෑයා: නුඹ ඒක මිලේට ගන්නැයි බෝවස්ට කියා තමාගේ මිරිවැඩිය ගැළෙවුවේය. බෝවස් වැඩිමහල්ලන්ටත් මුළු සෙනඟටත් කථාකොට: එලීමෙලෙක්ට තිබුණ සියල්ලත් කිලියොන්ට සහ මාලොන්ට තිබුණු සියල්ලත් මා විසින් නායොමි අතින් මිලදී ගත් බවට නුඹලා අද සාක්ෂිකාරයෝය. ඇරත් මැරුණු අයගේ නාමය ඔහුගේ සහෝදරයන් අතරෙන්ද ඔහුගේ ස්ථානයේ දොරටුවෙන්ද මැකීනොයන පිණිස මැරුණු අයගේ උරුමය කෙරෙහි ඔහුගේ නාමය ගෙනයන පිණිස මාලොන්ගේ භාර්යාවවූ මෝවබිය රූත් මාගේ භාර්යාව කොට මිලදී ගතිමි. ඊට නුඹලා අද සාක්ෂිකාරයෝයයි කීවේය. දොරටුවේ සිටි මුළු සෙනඟද වැඩිමහල්ලෝද කථාකොට: අපි සාක්ෂිකාරයෝය. ස්වාමීන්වහන්සේ නුඹේ ගෙට එන මේ ස්ත්‍රිය ඉශ්රායෙල් වංශය ගොඩනැගූ රාඛෙල්ද ලෙයාද යන ස්ත්‍රීන් දෙදෙනා මෙන් කරනසේක්වා. නුඹ එප්‍රාතාහි සම්පත් උපදවා ගන්න, බෙත්-ලෙහෙමෙහි කීර්තිමත් වෙන්න. ස්වාමීන්වහන්සේ මේ යෞවනීගෙන් නුඹට දෙන බීජය කරණකොටගෙන නුඹේ වංශය යූදා නිසා තාමාර් බිහිකළ පෙරෙශ්ගේ වංශය හා සමානවේවයි කීවෝය. මෙසේ බෝවස් රූත් පාවාගත්තේය, ඈ ඔහුගේ භාර්යාව වූවාය. ඔහු ඈ වෙතට පැමිණි කල ස්වාමීන්වහන්සේ ඈට ගර්භෝත්පත්තිය දුන්සේක, ඈ පුත්‍රයෙකු බිහිකළාය.
රූත්ගේ කථාව 4:3-13 Sinhala New Revised Version (NRSV)
ඉක්බිති ඔහු කිට්ටු ම නෑයාට කතා කොට මෙසේ කී ය: “දැන් නයෝමි මෝවබ් දේශයෙන් ආපසු පැමිණ සිටින බැවින් අපේ නෑයා වූ එලිමෙලෙක්ට අයිති ව තිබුණ කුඹුර විකිණීමට අදහස් කර ඇත. ඒ බව ඔබට දන්වන්නටත්, මෙසේ කියන්නටත් මම සිතුවෙමි. ඔබට එය උවමනා නම්, මෙහි සිටින තැනැත්තන් හා අපේ සෙනඟගේ මෙම ප්‍රජා මූලිකයන් ඉදිරියේ ඔබ එය මුදාගන්න. එය ඔබට උවමනා නැත්නම්, මට ඒ බව කියන්න. මන්ද, එය මුදාගැනීමේ අයිතිවාසිකම තිබෙන්නේ පළමු ව ඔබට ය; ඊට පසු ව මට ය. මම එය මුදාගනිමි.” බෝවස් තවදුරටත් කතා කරමින්, “නයෝමිගෙන් එය මිලයට ගන්න දවසේ දී, මෝවබ් ජාතික වැන්දඹුව වන රූත් ද ඔබ පෙළවහ කොට ගත යුතු ය. එසේ කළ යුත්තේ ඇගේ මියගිය පුරුෂයාගේ කුඹුර එම පවුලට ම උරුම වන පිණිස ය”යි ද කී ය. එයට ඇවැස්ස නෑයා උත්තර දෙමින්, “කාරණය එසේ නම්, මම කුඹුර මිලයට ගැනීමට මාගේ අයිතිවාසිකම යොදවන්නේ නැත. එසේ කළොත් මාගේ උරුමයන් නැති වන්නට ඉඩ තිබේ. කුඹුර මිලේට ගැනීමට මට ඇති අයිතිවාසිකම ඔබට ම භාර කරමි. මට එය උවමනා නැතැ”යි කී ය. යම්කිසි විටක ඉඩකඩම් මුදාගැනීමේ දී හෝ හුවමාරු කිරීමේ දී හෝ ඉශ්රායෙල් රටේ මිනිසුන් අතරේ පැවති ස්ථීර කිරීමේ සිරිත මෙසේ ය: විකුණන්නා පාවහන ගලවා මිලයට ගන්නාට දෙයි. ඉශ්රායෙල්හි පැවති ගනුදෙනුව සහතික කිරීමේ පිළිවෙළ මෙය විය. එහෙයින් ඒ ඇවැස්ස නෑයා, “ඔබ ම මිලයට ගන්නැ”යි බෝවස්ට කියා, තම පාවහන ගලවා බෝවස්ට දුන්නේ ය. එවිට එතැන සිටි ප්‍රජා මූලිකයන්ට සහ අනිකුත් අයට බෝවස් මෙසේ කී ය: “එලිමෙලෙක්ටත්, කිලියොන් සහ මාලොන්ටත් අයිති ව තිබුණු සියල්ල නයෝමිගෙන් අද මා මිලයට ගත් බවට ඔබ හැම සාක්ෂිකාරයෝ ය. තවද, මළ මිනිසාගේ පවුලට කුඹුර උරුම වන පිණිස මාලොන්ගේ වැන්දඹුව වන මෝවබ් ජාතික රූත් මාගේ භාර්යාව වශයෙන් ද ගන්නෙමි. මෙසේ කිරීමෙන් ඔහුගේ නාමය ඔහුගේ සෙනඟ අතරේ ද ඔහු උපන් නගරයේ ද අමතක නොවී පවතිනු ඇත. මේ බවට ඔබ හැම අද දින සාක්ෂිකාරයෝ වන්නහු ය.” “ඔව්, අපි සාක්ෂිකාරයෝ ය”යි එතැන සිටි සෙනඟ කී හ. ප්‍රජා මූලිකයෝ මෙසේ කී හ: “ඔබේ ගෙදරට පැමිණෙන මේ ස්ත්‍රිය, ඉශ්රායෙල් වංශය ගොඩනැඟුව රාකෙල් සහ ලෙයා මෙන් වේ වා! ඔබ එප්‍රාතාහි බලවත් වේ වා! බෙත්ලෙහෙම්හි කීර්තිමත් වේ වා! සමිඳාණන් වහන්සේ මේ කාන්තාවගෙන් ඔබට දෙන දරුවන් කරණකොටගෙන ඔබේ පවුල ජුදාගේ ද තාමාර්ගේ ද පුත් පෙරෙශ්ගේ වංශය මෙන් වේ වා!” මෙසේ බෝවස් සිය භාර්යාව ලෙස රූත් පෙළවහට ගත්තේ ය. ඔහු ඈ සමඟ එක් වූ විට සමිඳාණන් වහන්සේ ඇය පිළිසිඳ ගැනීමට සැලැසූ සේක. ඈ පුතෙකු ලැබුවා ය.
රූත්ගේ කථාව 4:3-13 Sinhala New Revised Version 2018 (SNRV)

රූත්ගේ කථාව 4:3-13 New International Version (NIV)
Then he said to the guardian-redeemer, “Naomi, who has come back from Moab, is selling the piece of land that belonged to our relative Elimelek. I thought I should bring the matter to your attention and suggest that you buy it in the presence of these seated here and in the presence of the elders of my people. If you will redeem it, do so. But if you will not, tell me, so I will know. For no one has the right to do it except you, and I am next in line.” “I will redeem it,” he said. Then Boaz said, “On the day you buy the land from Naomi, you also acquire Ruth the Moabite, the dead man’s widow, in order to maintain the name of the dead with his property.” At this, the guardian-redeemer said, “Then I cannot redeem it because I might endanger my own estate. You redeem it yourself. I cannot do it.” (Now in earlier times in Israel, for the redemption and transfer of property to become final, one party took off his sandal and gave it to the other. This was the method of legalizing transactions in Israel.) So the guardian-redeemer said to Boaz, “Buy it yourself.” And he removed his sandal. Then Boaz announced to the elders and all the people, “Today you are witnesses that I have bought from Naomi all the property of Elimelek, Kilion and Mahlon. I have also acquired Ruth the Moabite, Mahlon’s widow, as my wife, in order to maintain the name of the dead with his property, so that his name will not disappear from among his family or from his hometown. Today you are witnesses!” Then the elders and all the people at the gate said, “We are witnesses. May the LORD make the woman who is coming into your home like Rachel and Leah, who together built up the family of Israel. May you have standing in Ephrathah and be famous in Bethlehem. Through the offspring the LORD gives you by this young woman, may your family be like that of Perez, whom Tamar bore to Judah.” So Boaz took Ruth and she became his wife. When he made love to her, the LORD enabled her to conceive, and she gave birth to a son.