රූත්ගේ කථාව 4:16-22 - Compare All Versions
රූත්ගේ කථාව 4:16-22 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට නායොමි දරුවා ගෙන, තම උකුළේ හොවා, ඔහුගේ ඇතිදැඩි කරන්නිය වූවා ය. අසල්වැසි කාන්තාවෝ, “නායොමිට පුතකු ඉපදී ඇතැ” යි කියමින්, ඔහුට ඕබේද් යන නම තැබූහ. දාවිත්ගේ පියා වූ යෙස්සේගේ පියා ඔහු ය. එබැවින් පෙරෙස්ගේ පෙළපත් නාමාවලිය මෙසේ වෙයි. පෙරෙස්, හෙස්රොන්ගේ පියා ය. හෙස්රොන්, රාම්ගේ පියා ය. රාම්, අම්මිනාදාබ්ගේ පියා ය. අම්මිනාදාබ්, නාෂොන්ගේ පියා ය. නාෂොන්, සල්මොන්ගේ පියා ය. සල්මොන්, බෝවස්ගේ පියා ය. බෝවස්, ඕබේද්ගේ පියා ය. ඕබේද්, යෙස්සේගේ පියා ය. යෙස්සේ, දාවිත්ගේ පියා ය.
රූත්ගේ කථාව 4:16-22 SROV (Sinhala Revised Old Version)
නායොමි ළදරුවා ගෙන තමාගේ ළයෙහි හොවා ඇතිකළාය. අසල්වාසි ස්ත්‍රියෝ: නායොමිට පුත්‍රයෙක් උපන්නේය කියා ඕබෙද් යන නම ඔහුට තැබුවෝය. ඔහු දාවිත්ගේ පියවූ යෙස්සේගේ පියාය. පෙරෙශ්ගේ පෙළපත් මේය: පෙරෙශ් හෙශ්රොන් ඉපදවිය; හෙශ්රොන් රාම් ඉපදවිය, රාම් අම්මිනාදාබ් ඉපදවිය; අම්මිනාදාබ් නාෂොන් ඉපදවිය, නාෂොන් සල්මොන් ඉපදවිය; සල්මොන් බෝවස් ඉපදවිය, බෝවස් ඕබෙද් ඉපදවිය; ඕබෙද් යෙස්සේ ඉපදවිය, යෙස්සේ දාවිත් ඉපදවිය.
රූත්ගේ කථාව 4:16-22 NRSV (Sinhala New Revised Version)
නයෝමි ඒ දරුවා වඩාගෙන ළයෙහි හොවා රැකබලාගත්තා ය. අසල්වැසි ස්ත්‍රීහු, “නයෝමිට පුතෙක් උපන්නේ යැ”යි කියමින්, ඔහුට ඕබෙද් යන නම තැබූ හ. ඔහු දාවිත්ගේ පියා වූ ජෙස්සේගේ පියා විය. පෙරෙශ්ගේ පෙළපත මේ ය: පෙරෙශ් හෙශ්රොන්ගේ පියා ය. හෙශ්රොන් රාම්ගේ ද රාම් අම්මිනාදාබ්ගේ ද අම්මිනාදාබ් නාෂොන්ගේ ද නාෂොන් සල්මොන්ගේ ද සල්මොන් බෝවස්ගේ ද බෝවස් ඕබෙද්ගේ ද ඕබෙද් ජෙස්සේගේ ද ජෙස්සේ දාවිත්ගේ ද පියා විය.
රූත්ගේ කථාව 4:16-22 SNRV (Sinhala New Revised Version 2018)
නයෝමි ඒ දරුවා වඩාගෙන ළයෙහි හොවා රැකබලාගත්තා ය. අසල්වැසි ස්ත්‍රීහු, “නයෝමිට පුතෙක් උපන්නේ යැ”යි කියමින්, ඔහුට ඕබෙද් යන නම තැබූ හ. ඔහු දාවිත්ගේ පියා වූ ජෙස්සේගේ පියා විය. පෙරෙශ්ගේ පෙළපත මේ ය: පෙරෙශ් හෙශ්රොන්ගේ පියා ය. හෙශ්රොන් රාම්ගේ ද රාම් අම්මිනාදාබ්ගේ ද අම්මිනාදාබ් නාෂොන්ගේ ද නාෂොන් සල්මොන්ගේ ද සල්මොන් බෝවස්ගේ ද බෝවස් ඕබෙද්ගේ ද ඕබෙද් ජෙස්සේගේ ද ජෙස්සේ දාවිත්ගේ ද පියා විය.
රූත්ගේ කථාව 4:16-22 NIV (New International Version)
Then Naomi took the child in her arms and cared for him. The women living there said, “Naomi has a son!” And they named him Obed. He was the father of Jesse, the father of David. This, then, is the family line of Perez: Perez was the father of Hezron, Hezron the father of Ram, Ram the father of Amminadab, Amminadab the father of Nahshon, Nahshon the father of Salmon, Salmon the father of Boaz, Boaz the father of Obed, Obed the father of Jesse, and Jesse the father of David.