රූත් 4:16-22
රූත් 4:16-22 SCV
එවිට නායොමි දරුවා ගෙන, තම උකුළේ හොවා, ඔහුගේ ඇතිදැඩි කරන්නිය වූවා ය. අසල්වැසි කාන්තාවෝ, “නායොමිට පුතකු ඉපදී ඇතැ” යි කියමින්, ඔහුට ඕබේද් යන නම තැබූහ. දාවිත්ගේ පියා වූ යෙස්සේගේ පියා ඔහු ය. එබැවින් පෙරෙස්ගේ පෙළපත් නාමාවලිය මෙසේ වෙයි. පෙරෙස්, හෙස්රොන්ගේ පියා ය. හෙස්රොන්, රාම්ගේ පියා ය. රාම්, අම්මිනාදාබ්ගේ පියා ය. අම්මිනාදාබ්, නාෂොන්ගේ පියා ය. නාෂොන්, සල්මොන්ගේ පියා ය. සල්මොන්, බෝවස්ගේ පියා ය. බෝවස්, ඕබේද්ගේ පියා ය. ඕබේද්, යෙස්සේගේ පියා ය. යෙස්සේ, දාවිත්ගේ පියා ය.

