රූත්ගේ කථාව 2:5-18

රූත්ගේ කථාව 2:5-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අස්වනු නෙළන්නන්ගේ වැඩ බලන තරුණයා ඇමතූ බෝවස්, “අර තරුණ කාන්තාව කාගේ කවුරු දැ?” යි ඇසී ය. එවිට අස්වනු වැඩ බලන්නා පිළිතුරු දෙමින්, “ඒ, මෝවබ් දේශයෙන් නායොමි සමඟ පැමිණි මෝවබ් තරුණ කාන්තාවයි; ඈ මා අමතා, ‘අස්වනු නෙළන්නන් පසු පස නෙළූ මිටි අතරේ වැටී ඇති කරල් ඇහිඳ, එකතු කර ගන්නට කරුණාකර මට ඉඩ දෙන්නැ’ යි ඉල්ලුවා. සෙවණට වී මද විවේකයක් ගත්තා විනා, කුඹුරට බැස්ස ඇය උදේ පටන් මේ දක්වා එක දිගට ම කාරියේ යැ” යි කීවේ ය. එවිට බෝවස් රූත්ට කතා කොට, “මේ අහන්න මා දියණිය, කරල් අහුලන්නට වෙනත් කුඹුරකට යන්න එපා. මෙතැන අත්හැර යන්නත් එපා. හැබැයි මගේ සේවක තරුණියන්ට ළං ව සිටින්න. මිනිසුන් ගොයම් කපන්නේ කවර ලියැද්දකදැයි හොඳින් බලාගෙන, ඔවුන් පස්සෙන් ම යන්න. ඔබට අත නො තබන ලෙස තරුණයින්ට මා අණ කළා. ඔබට පිපාස දැනුනාම, තරුණයින් පුරවා ඇති ජල බඳුන්වලින් ගෙන බොන්නැ” යි කීවේ ය. මෙවිට, ඈ බිමට හිස නවා, මුහුණ බිමට නමා, “පිටරැටියක වූ මා වෙත ඔබගේ අවධානය යොමුකරන්නට තරම් මා ඔබේ කරුණාව ලද්දේ මන්දැ?” යි ඇසුවා ය. එහෙත් බෝවස් ඇයට පිළිතුරු දෙමින්, “ඔබගේ සැමියාගේ මරණයේ පටන් ඔබගේ නැන්දම්මා උදෙසා ඔබ කළ සියල්ල ගැනත්, ඔබ ඔබගේ පියාත්, මවත්, ඔබේ මව් බිමත් අතහැර, කලින් ඔබ නෑඳින සිටි ජනතාවක් හා වාසයට පැමිණි හැටිත්, මුළුමනින් මට දැනගන්නට ලැබුණා. ඔබ කළ දෑට ස්වාමින්වහන්සේ ඔබට ඉටු විපාක දෙන සේක්වා! ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ පියාපත් සෙවණේ රැකවරණ ලබන්නට ආ ඔබට උන්වහන්සේගෙන් පූර්ණ ප්‍රතිවිපාක ලැබේවා!” යි පැවසී ය. එවිට ඈ, “ඔබේ ඇස් හමුවේ මට ප්‍රසාදය ලැබුණා මා ස්වාමිනි, මා ඔබගේ සේවිකාවන්ගෙන් කෙනකු නො වූවත් ඔබ මා සනසා, ඔබේ සේවිකාවට කරුණාවෙන් කතා කළා” යි කීවා ය. ආහාර වේලාවේදී ඇය ඇමතූ බෝවස්, “මෙහෙ එන්න; මේ රොටි ගෙන, මිදි යුෂ ඇඹුලේ කැබැල්ල පොඟවා, කන්නැ” යි කීවේ ය. ඇය අස්වනු නෙළන්නන් පසෙක හිඳගත් කල, ඔහු විලඳ බොහොමයක් ඇයට ළං කළේ ය. සෑහීමට පත් වන තුරු කෑ පසු, ඇයට තවත් ඉතිරි විය. කරල් ඇහිඳින්නට ඇය නැගිටි කල, බෝවස් තම සේවකයිනට උපදෙස් දෙමින්, “ගොයම් මිටි අතරේ වුව කරල් ඇහිඳ ගන්නට ඇයට ඉඩ හරින්න; ඇය අපහසුතාවට පත් කරන්න එපා; එපමණක් නො වේ; ගොයම් මිටිවලින් කරල් ඇද දමා, ඒවා ඇයට ඇහිඳ ගන්නට ඉඩ හරින්න. ඇයට තරවටු කරන්න එපා” යි කීවේ ය. මෙසේ ඈ සවස් වන තුරු කුඹුරෙහි කරල් ඇහින්දා ය. පසුව ඇය ඇහිඳ තිබූ කරල්වලින් ධාන්‍ය සූරාගත් කල, ඒෆාවක් පමණ යව එහි තිබිණ. ඈ ඒවා ද ගෙන, නගරයට ගියා ය. එවිට ඇය කොපමණ ප්‍රමාණයක් එකතු කර ගෙන තිබිණිදැයි ඇගේ නැන්දම්මා දුටුවා ය. සෑහීමට පත් වන තුරු කෑ පසුත්, ඉතිරි ව තිබූ දෑ පිටතට ගත් ඈ, ඒවා ද ඇයට දුන්නා ය.

රූත්ගේ කථාව 2:5-18 Sinhala Revised Old Version (SROV)

එවිට බෝවස්: මේ යෞවනිය කාගේදැයි ගොයම් කපන්නන්ගේ ප්‍රධානියාවූ තමාගේ මෙහෙකරුවාගෙන් ඇසීය. ගොයම් කපන්නන්ගේ ප්‍රධානියාවූ මෙහෙකරුවා උත්තර දෙමින්: මෑ නායොමි සමග මෝවබ් රටෙන් හැරී ආවාවූ මෝවබිය යෞවනීය. මෑ: ගොයම් කපන්නන් පස්සේ ගොයම් මිටි අතරේ කරල් ඇහිඳ එකතුකරන්ට මට අවසර ලැබේවයි කියා ඇවිත් ගෙයි ටිකක් ප්‍රමාදවුණා මිසක් උදය පටන් මේ වන තුරු කරල් ඇහිඳිමින් සිටින්නීයයි කීවේය. එවිට බෝවස්: මාගේ දියණියෙනි, අහන්න; වෙන කෙතකට ඇහිඳින්ට නොයන්න, මෙතැනින් නොගොස් මෙහි මාගේ තරුණියන් එක්කම සිටින්න. ඔවුන් කපන කෙත බලාගන ඔවුන් පස්සේ යන්න. නුඹට අත නොගසන ලෙස මා විසින් තරුණ පුරුෂයන්ට අණකර තිබෙනවා නොවේද? නුඹට පිපාසාවූ කල භාජන ළඟට ගොස් තරුණයන් ඇද තිබෙන වතුරෙන් බොන්නැයි රූත්ට කීවේය. එවිට ඈ බිම වැතිර මුහුණින් වැටී වැඳ: විදේශීවූ මා සලකන ලෙස ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන්නේ මක්නිසාදැයි ඔහුට කීවාය. බෝවස් උත්තරදෙමින්: නුඹේ පුරුෂයා නැසුණු පසු නුඹේ නැන්දාට නුඹ කළ සියල්ලත් නුඹේ පියා හා මවුද ජන්ම භූමියද අත්හැර මීට ප්‍රථම නුඹ නෑඳින්න සෙනඟක් වෙතට ආ බවත් මට සම්පූර්ණයෙන් දන්වා තිබේ. ස්වාමීන්වහන්සේ නුඹේ ක්‍රියාවට විපාක දෙනසේක්වා, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පියාපත් යටතේ ආරක්ෂාවී සිටින්ට ආවාවූ නුඹට උන්වහන්සේගෙන් සම්පූර්ණ විපාකයක් ලැබේවයි ඈට කීවේය. එවිට ඈ: මාගේ ස්වාමිනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා; මක්නිසාද මා ඔබගේ මෙහකොරියන්ගෙන් කෙනෙකු මෙන් නොවන නුමුත්, ඔබ මා සනසා ඔබගේ මෙහකොරිය සමග කරුණාවෙන් කථාකෙළෙහියයි කීවාය. කෑම කන වේලාවේ බෝවස් ඈට කථාකොට: මෙහාට ඇවිත් මේ රොටිවලින් අරන් නුඹේ කැබෙල්ල කාඩි හොද්දේ පොවා කන්නැයි ඈට කීවේය. ඈද ගොයම් කපන්නන් ළඟ ඉඳගත්තාය. ඔහු විලඳත් ඈට ළංකරදුන්නේය, ඈ කා තෘප්තියට පැමිණ ඉතුරු කරගත්තාය. ඈ කරල් ඇහිඳින්ට නැගිට ගිය විට බෝවස් තමාගේ වැඩකාරයන්ට අණකරමින්: ඈට මිටි අතරෙත් ඇහිඳින්ට ඉඩ දෙන්න, ඈට සැර නොකරන්න. අහුරුවලිනුත් සමහරක් ඇද දමා ඈට ඇහිඳ ගැනීමට අත්හරින්න, ඈට තරවටු නොකරන්නැයි කීවේය. මෙසේ ඈ සවස් වනතෙක් කෙතෙහි ඇහිඳ ඈ ඇහිඳපු ඒවා මැඩගත්තාය, යව ඒඵාවක් පමණ තිබුණේය. ඈ ඒවා රැගෙන නුවරට ගියාය. ඈ ඇහිඳපු ඒවා ඇගේ නැන්දා දුටුවාය. ඈ තෘප්තියට පැමිණි පසු ඉතුරු කරගත් ඒවාත් එළියට අරන් ඈට දුන්නාය.

රූත්ගේ කථාව 2:5-18 Sinhala New Revised Version (NRSV)

බෝවස් ගොයම් කපන්නන් භාර ව සිටි තම සේවකයා අමතා, “අර තරුණිය කාගේ කවුදැ”යි ඇසී ය. සේවකයා උත්තර දෙමින් මෙසේ කී ය: “ඒ මෝවබ් දේශයෙන් නයෝමි සමඟ ආ මෝවබ් ජාතික තරුණිය ය. ‘ගොයම් කපන්නන් පස්සේ ගොසින් කරල් අහුලාගන්න දැ’යි ඈ මාගෙන් ඇසුවා ය. ඈ අලුයම සිට මේ වන තෙක් විවේක නොගෙන කරල් අහුලමින් සිටින්නී ය.” එවිට බෝවස් රූත්ට මෙසේ කී ය: “මාගේ දියණිය, මට ඇහුම්කන් දෙන්න, මේ කෙතෙහි හැර වෙන කිසි තැනක කරල් අහුලන්නට නොයන්න. මෙහි නැවතී මාගේ සේවිකාවන් සමඟ වැඩ කරන්න. ඔවුන් අස්වැන්න එකතු කරගන්නේ කොහේ දැ යි බලාගෙන ඔවුන් පස්සෙන් යන්න. ඔබට කිසි හිරිහැරයක් නොකිරීමට මම මාගේ සේවකයන්ට අණ කෙළෙමි. ඔබට පිපාසය ඇති වූවොත්, ගොස් ඔවුන් පුරවා තබා තිබෙන වතුර භාජනවලින් බොන්න.” රූත් බෝවස්ගේ පාමුල මුණින්තළා වැඳ වැටී, “විදේශික ගැහැණියක වන මා දෙස ඇස් හෙළා ඔබ මට මෙපමණ කරුණාවන්ත වන්නේ මන්දැ”යි ඇසුවා ය. බෝවස් මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔබේ ස්වාමි පුරුෂයාගේ මරණින් පසු ඔබේ නැන්දම්මාට ඔබ සලකා තිබෙන අන්දම ගැන සියලු කාරණා මම දැනගතිමි. ඔබේ දෙමාපියන් ද මවුබිම ද හැර දමා නන්නාඳුනන සෙනඟක් මැදට ඔබ පැමිණි ආකාරය ගැන සියලු කාරණා මම දනිමි. ඔබ කළ යහපතට සමිඳාණන් වහන්සේ ඔබට සෙත සලසන සේක් වා; ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ රැකවරණය සොයා පැමිණි ඔබට උන් වහන්සේ ආශීර්වාද කරන සේක් වා!” එවිට රූත් උත්තර දෙමින්, “ස්වාමීනි, ඔබ මට බොහෝ කරුණාවන්ත ය. ඔබේ සේවිකාවන්ගෙන් එක් අයකුට වත් සමානකමක් නැති සේවිකාවක වන මට කරුණාවන්ත ලෙස කතා කිරීමෙන් ඔබ මා ධෛර්යවත් කර ඇතැ”යි කීවා ය. කෑම කන වේලාවේ දී බෝවස් රූත් අමතා, “මෙහි අවුත් රොටි කැබැල්ලක් ඇඹුල් මිදියුසේ පොඟවා කන්නැ”යි කී ය. රූත් ද ගොයම් කපන අය සමඟ එකට වාඩිවුණා ය. බෝවස් විළඳ ස්වල්පයක් ඇයට ළං කළේ ය. ඈ සෑහෙන පමණ කෑ පසු එහි තවත් ඉතිරි විය. ඈ නැවතත් කරල් අහුලාගන්නට යෑමට නැඟිටි විට, බෝවස් තම සේවකයන් හට මෙසේ අණ කෙළේ ය: “ගොයම් මිටි බැඳ තිබෙන තැන්වල වුවත් කරල් අහුලාගන්නට ඇයට ඉඩ හරින්න. ඇයට අවහිර නොකරන්න. ගොයම් මිටිවලින් ද කරල් ටිකක් ඇද දමා ඇයට අහුලාගන්නට ඉඩ දෙන්න. ඈට දොස් නොකියන්න.” මෙසේ හවස් වනතුරු රූත් කෙතෙහි කරල් ඇහුලුවා ය. ඈ අහුලාගත් කරල්වලින් ධාන්‍ය සූරා ගත්විට එය කිලෝග්‍රෑම් දහයක් පමණ විය. ඈ එය රැගෙන නගරයට ගිය විට තමා කොපමණ ධාන්‍ය ප්‍රමාණයක් එකතු කරගත්තා දැ යි ඇගේ නැන්දම්මා දුටුවා ය. රූත් ඉතුරු කර ගෙනා ආහාර කොටස ද ඇයට දුන්නා ය.

රූත්ගේ කථාව 2:5-18 Sinhala New Revised Version 2018 (SNRV)

රූත්ගේ කථාව 2:5-18 New International Version (NIV)

Boaz asked the overseer of his harvesters, “Who does that young woman belong to?” The overseer replied, “She is the Moabite who came back from Moab with Naomi. She said, ‘Please let me glean and gather among the sheaves behind the harvesters.’ She came into the field and has remained here from morning till now, except for a short rest in the shelter.” So Boaz said to Ruth, “My daughter, listen to me. Don’t go and glean in another field and don’t go away from here. Stay here with the women who work for me. Watch the field where the men are harvesting, and follow along after the women. I have told the men not to lay a hand on you. And whenever you are thirsty, go and get a drink from the water jars the men have filled.” At this, she bowed down with her face to the ground. She asked him, “Why have I found such favor in your eyes that you notice me—a foreigner?” Boaz replied, “I’ve been told all about what you have done for your mother-in-law since the death of your husband—how you left your father and mother and your homeland and came to live with a people you did not know before. May the LORD repay you for what you have done. May you be richly rewarded by the LORD, the God of Israel, under whose wings you have come to take refuge.” “May I continue to find favor in your eyes, my lord,” she said. “You have put me at ease by speaking kindly to your servant—though I do not have the standing of one of your servants.” At mealtime Boaz said to her, “Come over here. Have some bread and dip it in the wine vinegar.” When she sat down with the harvesters, he offered her some roasted grain. She ate all she wanted and had some left over. As she got up to glean, Boaz gave orders to his men, “Let her gather among the sheaves and don’t reprimand her. Even pull out some stalks for her from the bundles and leave them for her to pick up, and don’t rebuke her.” So Ruth gleaned in the field until evening. Then she threshed the barley she had gathered, and it amounted to about an ephah. She carried it back to town, and her mother-in-law saw how much she had gathered. Ruth also brought out and gave her what she had left over after she had eaten enough.