රූත්ගේ කථාව 2:5-18

රූත්ගේ කථාව 2:5-18 SROV

එවිට බෝවස්: මේ යෞවනිය කාගේදැයි ගොයම් කපන්නන්ගේ ප්‍රධානියාවූ තමාගේ මෙහෙකරුවාගෙන් ඇසීය. ගොයම් කපන්නන්ගේ ප්‍රධානියාවූ මෙහෙකරුවා උත්තර දෙමින්: මෑ නායොමි සමග මෝවබ් රටෙන් හැරී ආවාවූ මෝවබිය යෞවනීය. මෑ: ගොයම් කපන්නන් පස්සේ ගොයම් මිටි අතරේ කරල් ඇහිඳ එකතුකරන්ට මට අවසර ලැබේවයි කියා ඇවිත් ගෙයි ටිකක් ප්‍රමාදවුණා මිසක් උදය පටන් මේ වන තුරු කරල් ඇහිඳිමින් සිටින්නීයයි කීවේය. එවිට බෝවස්: මාගේ දියණියෙනි, අහන්න; වෙන කෙතකට ඇහිඳින්ට නොයන්න, මෙතැනින් නොගොස් මෙහි මාගේ තරුණියන් එක්කම සිටින්න. ඔවුන් කපන කෙත බලාගන ඔවුන් පස්සේ යන්න. නුඹට අත නොගසන ලෙස මා විසින් තරුණ පුරුෂයන්ට අණකර තිබෙනවා නොවේද? නුඹට පිපාසාවූ කල භාජන ළඟට ගොස් තරුණයන් ඇද තිබෙන වතුරෙන් බොන්නැයි රූත්ට කීවේය. එවිට ඈ බිම වැතිර මුහුණින් වැටී වැඳ: විදේශීවූ මා සලකන ලෙස ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන්නේ මක්නිසාදැයි ඔහුට කීවාය. බෝවස් උත්තරදෙමින්: නුඹේ පුරුෂයා නැසුණු පසු නුඹේ නැන්දාට නුඹ කළ සියල්ලත් නුඹේ පියා හා මවුද ජන්ම භූමියද අත්හැර මීට ප්‍රථම නුඹ නෑඳින්න සෙනඟක් වෙතට ආ බවත් මට සම්පූර්ණයෙන් දන්වා තිබේ. ස්වාමීන්වහන්සේ නුඹේ ක්‍රියාවට විපාක දෙනසේක්වා, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පියාපත් යටතේ ආරක්ෂාවී සිටින්ට ආවාවූ නුඹට උන්වහන්සේගෙන් සම්පූර්ණ විපාකයක් ලැබේවයි ඈට කීවේය. එවිට ඈ: මාගේ ස්වාමිනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා; මක්නිසාද මා ඔබගේ මෙහකොරියන්ගෙන් කෙනෙකු මෙන් නොවන නුමුත්, ඔබ මා සනසා ඔබගේ මෙහකොරිය සමග කරුණාවෙන් කථාකෙළෙහියයි කීවාය. කෑම කන වේලාවේ බෝවස් ඈට කථාකොට: මෙහාට ඇවිත් මේ රොටිවලින් අරන් නුඹේ කැබෙල්ල කාඩි හොද්දේ පොවා කන්නැයි ඈට කීවේය. ඈද ගොයම් කපන්නන් ළඟ ඉඳගත්තාය. ඔහු විලඳත් ඈට ළංකරදුන්නේය, ඈ කා තෘප්තියට පැමිණ ඉතුරු කරගත්තාය. ඈ කරල් ඇහිඳින්ට නැගිට ගිය විට බෝවස් තමාගේ වැඩකාරයන්ට අණකරමින්: ඈට මිටි අතරෙත් ඇහිඳින්ට ඉඩ දෙන්න, ඈට සැර නොකරන්න. අහුරුවලිනුත් සමහරක් ඇද දමා ඈට ඇහිඳ ගැනීමට අත්හරින්න, ඈට තරවටු නොකරන්නැයි කීවේය. මෙසේ ඈ සවස් වනතෙක් කෙතෙහි ඇහිඳ ඈ ඇහිඳපු ඒවා මැඩගත්තාය, යව ඒඵාවක් පමණ තිබුණේය. ඈ ඒවා රැගෙන නුවරට ගියාය. ඈ ඇහිඳපු ඒවා ඇගේ නැන්දා දුටුවාය. ඈ තෘප්තියට පැමිණි පසු ඉතුරු කරගත් ඒවාත් එළියට අරන් ඈට දුන්නාය.

රූත්ගේ කථාව 2:5-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය