රෝම 9:10-13
රෝම 9:10-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එපමණක් නො වේ; රෙබෙකා, එක මිනිසකු මගින්, අප ආදි පිය ඊසාක් මගින් දරුවන් පිළිසිඳ ගත් කල, ඔවුන් උපදින්නටත් පෙර, ඔවුන් හොඳක් හෝ නරකක් හෝ කරන්නට පෙර, දෙවියන්වහන්සේගේ තෝරාගැන්මේ තීරණය රඳා පවත්නේ, උන්වහන්සේගේ කැඳවීම අනුව මිස, ක්‍රියා මත නො වන වග තහවුරු වන පිණිස, “වැඩිමලා බාලයාට මෙහෙ කරනු ඇතැ” යි ඇයට පවසන ලද්දේ, “මම යාකොබ්ට ප්‍රේම කළෙමි; එහෙත් ඒසව්ට ද්වේෂ කළෙමි” යි ලියා ඇති පරිදි ය.
රෝම 9:10-13 Sinhala Revised Old Version (SROV)
එපමණක්ද නොවේය; එක්කෙනෙකු නිසා එනම් අපේ පියවූ ඊසාක් නිසා රෙබෙකා ගර්භිණීවූ කල්හිද, ඒ තාක් දරුවන් නොඉපද, යහපතවත් අයහපතවත් නොකර සිටි කල්හිද, ක්‍රියා නිසා නොව කැඳවන තැනන්වහන්සේ නිසා, තෝරාගැනීමේ ප්‍රකාරයට දෙවියන්වහන්සේගේ නියමය ස්ථිරවන පිණිස: වැඩිමහල්ලා බාලයාට සේවයකරන්නේයයි ඈට කියනලද්දේය. එසේම: මම යාකොබ්ට ප්‍රේමකෙළෙමි, ඒසව්ට අප්‍රියවීමියි ලියා තිබේ.
රෝම 9:10-13 Sinhala New Revised Version (NRSV)
එපමණකුත් නොවේ, රෙබෙකාගේ දරුවන් දෙදෙනාට ඊසාක් නම් එක ම පියෙක් විය. එහෙත් ඔවුන් උපදින්න කලින්, යහපත හෝ අයහපත හෝ කරන්නටත් පෙර, “වැඩිමලා බාලයාට සේවය කරනු ඇතැ”යි ඈට කියන ලදී. එසේ කියන ලද්දේ, දෙවියන් වහන්සේගේ තෝරා ගැනීම, උන් වහන්සේගේ කැඳවීම අනුව මිස, මනුෂ්‍යයාගේ ක්‍රියා මත රඳා නැති බව ස්ථීර වන පිණිස ය. “මම ජාකොබ්ට ප්‍රේම කෙළෙමි. ඒසව්ට ද්වේෂ කෙළෙමි”යි ලියා තිබෙන්නේත් ඒ නිසා ය.
රෝම 9:10-13 Sinhala New Revised Version 2018 (SNRV)
එපමණකුත් නොවේ, රෙබෙකාගේ දරුවන් දෙදෙනාට ඊසාක් නම් එක ම පියෙක් විය. එහෙත් ඔවුන් උපදින්න කලින්, යහපත හෝ අයහපත හෝ කරන්නටත් පෙර, “වැඩිමලා බාලයාට සේවය කරනු ඇතැ”යි ඈට කියන ලදී. එසේ කියන ලද්දේ, දෙවියන් වහන්සේගේ තෝරා ගැනීම, උන් වහන්සේගේ කැඳවීම අනුව මිස, මනුෂ්‍යයාගේ ක්‍රියා මත රඳා නැති බව ස්ථීර වන පිණිස ය. “මම ජාකොබ්ට ප්‍රේම කෙළෙමි. ඒසව්ට ද්වේෂ කෙළෙමි”යි ලියා තිබෙන්නේත් ඒ නිසා ය.
රෝම 9:10-13 New International Version (NIV)
Not only that, but Rebekah’s children were conceived at the same time by our father Isaac. Yet, before the twins were born or had done anything good or bad—in order that God’s purpose in election might stand: not by works but by him who calls—she was told, “The older will serve the younger.” Just as it is written: “Jacob I loved, but Esau I hated.”