රෝම 9:10-13
රෝම 9:10-13 SNRV
එපමණකුත් නොවේ, රෙබෙකාගේ දරුවන් දෙදෙනාට ඊසාක් නම් එක ම පියෙක් විය. එහෙත් ඔවුන් උපදින්න කලින්, යහපත හෝ අයහපත හෝ කරන්නටත් පෙර, “වැඩිමලා බාලයාට සේවය කරනු ඇතැ”යි ඈට කියන ලදී. එසේ කියන ලද්දේ, දෙවියන් වහන්සේගේ තෝරා ගැනීම, උන් වහන්සේගේ කැඳවීම අනුව මිස, මනුෂ්‍යයාගේ ක්‍රියා මත රඳා නැති බව ස්ථීර වන පිණිස ය. “මම ජාකොබ්ට ප්‍රේම කෙළෙමි. ඒසව්ට ද්වේෂ කෙළෙමි”යි ලියා තිබෙන්නේත් ඒ නිසා ය.

