රෝම 5:6-15

රෝම 5:6-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අප බෙලහීන ව සිටියදී, නිසි කල්හි ක්‍රිස්තුස්වහන්සේ අධාර්මිකයින් උදෙසා මැරුණු සේක. දැහැමි මිනිසකු උදෙසා වුව මැරෙන්නට කෙනකු හමුවන්නේ කලාතුරකිනි. ඇතැම් විට, සද්ගුණවත් කෙනකු උදෙසා මැරෙන්නට කෙනකු ධෛර්යවත් වනු ඇත. එහෙත් දෙවියන්වහන්සේ අප උදෙසා ස්වකීය ප්‍රේමය පෙන්වන්නේ, අප තවමත් පව්කරුවන් ව සිටියදී, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මරණය විඳීමෙන් ය. එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින්, දැන් අප නිර්දෝෂ කරනු ලැබ ඇති බැවින්, උන්වහන්සේ මගින් ඊට කොතරම් වැඩියෙන් දෙවියන්වහන්සේගේ උදහසින් අපි ගලවනු නො ලබන්නෙමු ද! අප සතුරන් ව සිටියදීත් ස්වකීය පුත්‍රයාණන්ගේ මරණය හේතු කොට, දෙවියන්වහන්සේ සමඟ අප සමඟි කරනු ලැබුවා නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, උන්වහන්සේගේ ජීවනය හේතු කොට ඊට කොතරම් වැඩියෙන් ගලවනු නො ලබන්නෙමු ද! එපමණක් නො වේ; එම සමඟියට අප පත් කළ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මගින් දෙවියන්වහන්සේ තුළ අපි ප්‍රමෝද වන්නෙමු. එබැවින් එක් මිනිසකු මගින් පාපය ද පාපය මගින් මරණය ද ලොවට පිවිස, සියල්ලන් ම පව් කළ බැවින්, මුළු මිනිස් වර්ගයා වෙත ම මරණය පැමිණියේ ය. මන්ද සැබවින් ම ව්‍යවස්ථාව දීමට පෙර සිට ම, පාපය ලොවෙහි තිබිණි. එහෙත් ව්‍යවස්ථාව නැති තැන පාපය ගණන් නො ගැනිණි. කෙසේ වෙතත්, ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම්ගේ වැනි අයුතුකමින් පව් නො කළ අය කෙරේ පවා, මරණය රජකම් කළේ ය. ඔහු ලොවට එන්නට සිටි තැනැත්තාණන්ගේ පූර්ව ආදර්ශයක් විය. එහෙත් තිළිණ දීමනාව, අයුතුකම වගේ නො වේ. මන්ද එක මිනිසාගේ අයුතුකම හේතු කොට බොහෝ දෙනෙක් මිය ගියාහු නම්, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයත්, මේ එක මිනිසා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහයේ තිළිණ දීමනාවත් බොහෝ දෙනකුට ඊට වඩා කොපමණ වැඩියෙන් අධික නො වන්නේ ද!

බෙදාගන්න
රෝම 5 කියවන්න

රෝම 5:6-15 Sinhala Revised Old Version (SROV)

මක්නිසාද අප දුර්වලව සිටියදීම නියම කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ අභක්තිකයන් උදෙසා මළසේක. ධර්මිෂ්ඨයෙකු උදෙසා යමෙකු මැරෙන්ට කැමතිවීම දුර්ලභය. සමහරවිට සත්පුරුෂයා උදෙසා මැරෙන්ට යමෙකු ධෛර්ය ඇතුව සිටින්ට පුළුවන. නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය. එබැවින් ඊටත් වඩා ක්‍රිස්තුස්වහන්සේගේ ලේ කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලැබූ අපි උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ උදහසෙන් ගළවනු ලබන්නෙමුව. මක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරණකොටගෙන උන්වහන්සේ සමඟ අපි සමඟිකරනු ලැබුවෙමු නම්, සමඟිවුණාවූ අපි ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරණකොටගෙන ගළවනු ලබන්නෙමුව. එපමණක් නොව, සමඟිකිරීම අපට ලබාදුන්නාවූ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිද වෙමුව. එහෙයින් එක් මනුෂ්‍යයෙකු කර ණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය. මක්නිසාද ව්‍යවස්ථාව දෙන තෙක් පාපය ලෝකයෙහි තිබුණේය. නුමුත් ව්‍යවස්ථාවක් නැති කල්හි පාපය ගණන්ගනු නොලැබේ. එසේවී නුමුත් ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම්ගේ වරදකිරීමේ ආකාරයෙන් පව් නොකළවුන් කෙරෙහි පවා මරණය රජකම්කෙළේය. ඒ ආදම් වනාහි එන්නාවූ තැනන්වහන්සේගේ ආදර්ශයක්ය. නුමුත් වරද යම්සේද නොමිලයේ දීමනාව එසේ නොවේ. මක්නිසාද එක්කෙනාගේ වරදෙන් බොහෝදෙනා මළාහු නම්, ඊටත් වඩා දෙවියන්වහන්සේගේ කරුණාවත් එකම මනුෂ්‍යයාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙන් වූ දීමනාවත් බොහෝ දෙනා සඳහා වැඩිවූයේය.

බෙදාගන්න
රෝම 5 කියවන්න

රෝම 5:6-15 Sinhala New Revised Version (NRSV)

අප අනාථ ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ පව්කාරයන් උදෙසා නියමිත කාලයේ දී සිය දිවි පිදූ සේක. සත් ගුණවත් කෙනෙකු උදෙසා දිවි පිදීමට යමෙකු තුළ ධෛර්යය තිබුනත් එවැන්නෙකු උදෙසා දිවි පිදීමක් සිදුවන්නේ කලාතුරකිනි. අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පව්කාරයන් ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දිවි පිදූ බැවිනි. ක්‍රිස්තුන් වහන්සේගේ යාගික රුධිරය හේතුවෙන් දමිටු බවට පමුණුවනු ලැබ, උන් වහන්සේ කරණකොටගෙන දේව උදහසින් මිදීම ගැන අපට වඩාත් සහතික ය. අපි සතුරන් ව සිටිය දී ම දේව පුත්‍රයාණන්ගේ මරණය නිසා උන් වහන්සේ සමඟ සමඟි කරනු ලැබුවෙමු නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, දැන් ඊටත් වඩා ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය නිසා ගැළවීම ලබමු. එපමණකුත් නොව, දෙවියන් වහන්සේ හා සමඟ නැවත අපට සමඟිය අත් කර දුන් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් අපි දෙවියන් වහන්සේ කෙරේ අතිශයින් ප්‍රීති ප්‍රමෝද වෙමු. එක මනුෂ්‍යයෙකු නිසා පාපයත්, පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින්, මරණය මුළු මිනිස් සංහතියට ම පොදු ව පවතී. කිසි ම නීතියක් ඇති වීමට පෙර ලෝකයෙහි පාපය තිබිණි. එහෙත් නීතියක් නැති තැන මිනිසාට විරුද්ධ ව පාපය ගණන් ගනු නොලැබේ. එසේ ව තිබියදීත්, ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම් මෙන් ආඥා කඩ කිරීමෙන් පව් නොකළ අය කෙරේ පවා මරණය රජකම් කෙළේ ය. ආදම් වනාහි එන්නට සිටින තැනැන් වහන්සේ පිළිබඳ පූර්ව ආදර්ශයක් විය. එහෙත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ ක්‍රියාවත්, ආදම්ගේ පාපී ක්‍රියාවත් අතර සමානත්වයක් නැත. එසේ කියන්නේ, එක මිනිසෙකුගේ පාපය හැම මිනිසාගේ ම මරණයට හේතු වූ නමුත්, දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය හා ජේසුස් ක්‍රිස්තුස් නම් එක මනුෂ්‍යයාගේ දයාන්විත දීමනාව බොහෝ දෙනෙකුට විපුල ආසිරි ගෙන දීමේ අමුතු ම හේතුවක් වූ බැවිනි.

බෙදාගන්න
රෝම 5 කියවන්න

රෝම 5:6-15 Sinhala New Revised Version 2018 (SNRV)