රෝම 2:7-11
රෝම 2:7-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉවසීමෙන් යුතු ව යහ වැඩ කරමින් මහිමයත්, ගෞරවයත්, අමරණීයත්වයත් සොයන්නන්ට උන්වහන්සේ සදාතන ජීවනය දෙනු ඇත. එහෙත් ආත්මාර්ථයෙන් යුතු ව, සත්‍යයට කීකරු නො වී, අධර්මිෂ්ඨකමට කීකරු වන්නන්ට උදහසත්, උග්‍ර-කෝපයත් වේ. නපුර කරන හැම මනුෂ්‍යයකුට ම, පළමු කොට යුදෙව්වාට ද එසේ ම ග්‍රීකයාට ද පීඩා හා විපත් පැමිණේ. එහෙත් හොඳ වැඩ කරන හැම කෙනකුට ම, පළමු කොට යුදෙව්වාට ද එසේ ම ග්‍රීකයාට ද තේජසත්, ගෞරවයත්, සාමයත් අත් වේ. මන්ද දෙවියන්වහන්සේ පක්ෂ-භජනයක් දක්වන්නේ නැත.
රෝම 2:7-11 Sinhala Revised Old Version (SROV)
ඉවසීම ඇතුව යහපත්කම් කිරීමෙන් මහිමයද ගෞරවයද අමරණභාවයද සොයන්නන්ට සදාකාල ජීවනය දෙනසේක; නුමුත් සැබෑකමට අකීකරුවූ, අධර්මිෂ්ඨකමට කීකරුවූ විරුද්ධවාදීන්ට උදහස හා තද කෝපයත්, නපුරුකම් කරන සියලු මනුෂ්‍ය ආත්මවලට, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, පීඩාව හා සිත් වේදනාවත් පැමිණෙන්නේය. නුමුත් යහපත්කම් කරන්නාවූ සියලු මනුෂ්‍යයන්ට, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, මහිමයත් ගෞරවයත් සමාදානයත් ලැබෙන්නේය. මක්නිසාද දෙවියන්වහන්සේ තරාතිරම් නොබලනසේක.
රෝම 2:7-11 Sinhala New Revised Version (NRSV)
නොපසුබස්නා වීර්යයෙන් යහපත කරමින් කීර්තිය ද ගෞරවය ද අමරණීයත්වය ද සොයන්නන්ට උන් වහන්සේ සදාතන ජීවනය දෙන සේක. ආත්මාර්ථකාමී වූ, සත්‍යයට පිටුපා අධර්මයට හිස නැමූ, අය මත දේව උදහස හා කෝපය ඇවිලෙයි. ජුදෙව්වා වේවා, ග්‍රීකයා වේවා, නපුර කරන කා හට වුවත්, පළමුකොට ජුදෙව්වාට ද, දෙවනු ව ග්‍රීකයාට ද ප්රතිවිපාකය, පීඩාව හා සිත් වේදනාව වන්නේ ය. යහපත කරන කා හට වුවත්, පළමු ව ජුදෙව්වාට ද, එලෙස ම ග්‍රීකයාට ද, ඔහුගේ ප්රතිවිපාකය, කීර්තිය, ගෞරවය හා ශාන්තිය වන්නේ ය. දෙවියන් වහන්සේ මිනිසාගේ තරාතිරම් නොබලන සේක.
රෝම 2:7-11 Sinhala New Revised Version 2018 (SNRV)
නොපසුබස්නා වීර්යයෙන් යහපත කරමින් කීර්තිය ද ගෞරවය ද අමරණීයත්වය ද සොයන්නන්ට උන් වහන්සේ සදාතන ජීවනය දෙන සේක. ආත්මාර්ථකාමී වූ, සත්‍යයට පිටුපා අධර්මයට හිස නැමූ, අය මත දේව උදහස හා කෝපය ඇවිලෙයි. ජුදෙව්වා වේවා, ග්‍රීකයා වේවා, නපුර කරන කා හට වුවත්, පළමුකොට ජුදෙව්වාට ද, දෙවනු ව ග්‍රීකයාට ද ප්රතිවිපාකය, පීඩාව හා සිත් වේදනාව වන්නේ ය. යහපත කරන කා හට වුවත්, පළමු ව ජුදෙව්වාට ද, එලෙස ම ග්‍රීකයාට ද, ඔහුගේ ප්රතිවිපාකය, කීර්තිය, ගෞරවය හා ශාන්තිය වන්නේ ය. දෙවියන් වහන්සේ මිනිසාගේ තරාතිරම් නොබලන සේක.
රෝම 2:7-11 New International Version (NIV)
To those who by persistence in doing good seek glory, honor and immortality, he will give eternal life. But for those who are self-seeking and who reject the truth and follow evil, there will be wrath and anger. There will be trouble and distress for every human being who does evil: first for the Jew, then for the Gentile; but glory, honor and peace for everyone who does good: first for the Jew, then for the Gentile. For God does not show favoritism.