ඉවසීම ඇතුව යහපත්කම් කිරීමෙන් මහිමයද ගෞරවයද අමරණභාවයද සොයන්නන්ට සදාකාල ජීවනය දෙනසේක; නුමුත් සැබෑකමට අකීකරුවූ, අධර්මිෂ්ඨකමට කීකරුවූ විරුද්ධවාදීන්ට උදහස හා තද කෝපයත්, නපුරුකම් කරන සියලු මනුෂ්‍ය ආත්මවලට, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, පීඩාව හා සිත් වේදනාවත් පැමිණෙන්නේය. නුමුත් යහපත්කම් කරන්නාවූ සියලු මනුෂ්‍යයන්ට, එනම් පළමුකොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද, මහිමයත් ගෞරවයත් සමාදානයත් ලැබෙන්නේය. මක්නිසාද දෙවියන්වහන්සේ තරාතිරම් නොබලනසේක.
රෝම 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: රෝම 2:7-11
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ