රෝම 15:20-22
රෝම 15:20-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අන් කෙනකු දැමූ අත්තිවාරමක් මත ගොඩ නැගීමට සිදු නො වන පිණිස, හැම විට මගේ අභිලාෂය වූයේ ක්රිස්තුස්වහන්සේගේ නාමය සඳහන් නො වූ තැන්වල ශුභාරංචිය දේශනා කිරීම ය. ඒ, ලියා ඇති පරිද්දෙනි: “උන්වහන්සේ ගැන කිසි දා දන්වනු නො ලැබූ අය දකිනු ඇත. තවද උන්වහන්සේ ගැන කිසි දා නෑසූ අය වටහා ගනු ඇත.” ඔබ වෙත ඒමෙන් බොහෝ වර මා වළකන ලද්දේ ඒ හේතුව නිසා ය.
රෝම 15:20-22 Sinhala Revised Old Version (SROV)
එසේය, වෙන කෙනෙකුගේ අත්තිවාරම පිට ගොඩ නොනගන පිණිස ක්රිස්තුස්වහන්සේගේ නාමය සඳහන්කරනු ලැබූ තැන්වල නොව: උන්වහන්සේ ගැන ආරංචි නොලැබූ අය දකින්නෝය, උන්වහන්සේ ගැන නෑසූ අය තේරුම්ගන්නෝයයි ලියා තිබෙන ලෙස, ශුභාරංචිය දේශනාකරන්ට අභිප්රායකෙළෙමි. නුඹලා ළඟට මාගේ ඊම කීප වරක් වැලකුණෙත් ඒ නිසාය.
රෝම 15:20-22 Sinhala New Revised Version (NRSV)
හැම විට ම මාගේ පරමාර්ථය වූයේ, අන් කෙනෙකු දැමූ පදනමක් පිට ගොඩනැඟීමෙන් වැළකෙන පිණිස, කවරදා වත් ක්රිස්තුන් වහන්සේගේ නාමය සඳහන් නොවූ තැන්වල සුබ අස්න දේශනා කිරීම ය. මන්ද: “උන් වහන්සේ ගැන ආරංචියක් නොලත් අය උන් වහන්සේ දකිති. උන් වහන්සේ ගැන නෑසූ අය උන් වහන්සේ තේරුම්ගනිති”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත. ඔබ වෙත මාගේ පැමිණීම කීප වරක් වැළකුණේ ඒ නිසා ය.
රෝම 15:20-22 Sinhala New Revised Version 2018 (SNRV)
හැම විට ම මාගේ පරමාර්ථය වූයේ, අන් කෙනෙකු දැමූ පදනමක් පිට ගොඩනැඟීමෙන් වැළකෙන පිණිස, කවරදා වත් ක්රිස්තුන් වහන්සේගේ නාමය සඳහන් නොවූ තැන්වල සුබ අස්න දේශනා කිරීම ය. මන්ද: “උන් වහන්සේ ගැන ආරංචියක් නොලත් අය උන් වහන්සේ දකිති. උන් වහන්සේ ගැන නෑසූ අය උන් වහන්සේ තේරුම්ගනිති”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත. ඔබ වෙත මාගේ පැමිණීම කීප වරක් වැළකුණේ ඒ නිසා ය.
රෝම 15:20-22 New International Version (NIV)
It has always been my ambition to preach the gospel where Christ was not known, so that I would not be building on someone else’s foundation. Rather, as it is written: “Those who were not told about him will see, and those who have not heard will understand.” This is why I have often been hindered from coming to you.