රෝම 15:20-22
රෝම 15:20-22 NRSV
හැම විට ම මාගේ පරමාර්ථය වූයේ, අන් කෙනෙකු දැමූ පදනමක් පිට ගොඩනැඟීමෙන් වැළකෙන පිණිස, කවරදා වත් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය සඳහන් නොවූ තැන්වල සුබ අස්න දේශනා කිරීම ය. මන්ද: “උන් වහන්සේ ගැන ආරංචියක් නොලත් අය උන් වහන්සේ දකිති. උන් වහන්සේ ගැන නෑසූ අය උන් වහන්සේ තේරුම්ගනිති”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත. ඔබ වෙත මාගේ පැමිණීම කීප වරක් වැළකුණේ ඒ නිසා ය.

