රෝම 13:3-8
රෝම 13:3-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
වැරදි කරන්නන්ට මිස, නිවැරදි අයට පාලකයින්ගෙන් බයක් නැත. පාලකයනට බයක් නැතිව සිටින්නට ඔබට ඕනෑ ද? එසේ නම් හරි දේ කරන්න. එවිට ඔහුගේ පැසසුම ඔබට ලැබේ. මන්ද ඔබගේ යහපත තකා දෙවියන්වහන්සේගේ සේවකයා ඔහු ය. එහෙත් ඔබ වැරදි කරනවා නම් බය වන්න; මන්ද ඔහු අසිපත දරන්නේ අහේතුක ව නො වේ. වරදකරුවාට දෙවියන්වහන්සේගේ උදහස පමුණුවන්නා වන දෙවියන්වහන්සේගේ සේවකයා ඔහු ය. එබැවින්, දෙවියන්වහන්සේගේ උදහසින් වළකින්නට පමණක් නො ව, හෘදය සාක්ෂිය ද නිසා යටත් විය යුතු ය. ඔබ බදු ගෙවන්නේ ද මේ හේතුව නිසා ය. මන්ද බලධාරීන් මෙම කාරියට උරදෙන දෙවියන්වහන්සේගේ සේවකයින් ය. ගෙවිය යුතු හැමට ගෙවන්න; වරිපණම් ගෙවිය යුත්තාට වරිපණම් ද බදු ගෙවිය යුත්තාට බදු ද ගෙවන්න. අවනත විය යුත්තාට අවනත වන්න. ගරු කළ යුතු අයට ගරු කරන්න. එකිනෙකාට ප්‍රේම කිරීම ගැන මිසක කිසිවකුට කිසිවක් ණය නො වන්න. මන්ද අනෙකකුට ප්‍රේම කරන්නා, ව්‍යවස්ථාව සම්පූර්ණ කරයි.
රෝම 13:3-8 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ආණ්ඩුකාරයෝ නපුරු ක්‍රියාවට මිස යහපත් ක්‍රියාවට භය උපදවන්නෝ නොවෙති. නුඹ මුලාදෑනියාට භයක් නැතුව සිටින්ට කැමැත්තෙහිද? යහපත් දේ කරන්න, එවිට ඔහුගෙන් නුඹට ප්‍රශංසාව ලැබේ. මක්නිසාද නුඹට යහපත පිණිස ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ය. නුමුත් නුඹ නපුර කෙරෙහි නම්, භයවෙන්න; මක්නිසාද ඔහු නිරර්ථකයේ කඩුව නොදරයි. ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ව, නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස පළිගන්නා කෙනෙක්ය. එබැවින් උදහස නිසා පමණක් නොව හෘදයසාක්ෂිය නිසාද යටත්වෙන්ට ඕනෑය. එසේය, නුඹලා සුංගම් දෙන්නෙත් මේ නිසාය; මක්නිසාද ඔව්හු මේ කාරණයෙහිම නොකඩව යෙදී සිටින්නාවූ දෙවියන්වහන්සේගේ සේවකයෝය. එබැවින් සියල්ලන්ට දෙන්ට යුතු දේ දෙන්න. සුංගම් දෙන්ට නිස්සාට සුංගම්ද අයබදු දෙන්ට නිස්සාට අයබදුද දෙන්න; භයවෙන්ට නිස්සාට භයවෙන්න; ගෞරව ලබන්ට නිස්සාට ගෞරවකරන්න. එකිනෙකාට ප්‍රේමවීම මිස, අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව නොසිටින්න. මක්නිසාද තමාගේ අසල්වාසියාට ප්‍රේමකරන්නා ව්‍යවස්ථාව සම්පූර්ණකර තිබේ.
රෝම 13:3-8 Sinhala New Revised Version (NRSV)
රාජ්‍ය පාලකයෝ අයහපතට මිස යහපතට බිය උපදවන්නෝ නොවෙති. ඔබ රාජ්‍ය පාලකයාට බිය නොවී ඉන්නට කැමැත්තෙහි ද? එසේ නම්, යහපත කරන්න. එවිට ඔහුගෙන් ඔබට ප්‍රශංසාව ලැබෙයි. මන්ද, ඔහු ඔබගේ යහපත පිණිස දෙවියන් වහන්සේ පත් කළ සේවකයා වේ. එහෙත් ඔබ වරද කරන්නෙහි නම්, බිය වන්න. මන්ද, ඔහු, කඩුව දරන්නේ නිකමට නොවේ; ඔහු දෙවියන් වහන්සේගේ සේවකයෙක් ව, වරද කරන්නාට දේව උදහස විදහා පානා දඬුවම් දීමේ ආයුධයකි. එහෙත් දේව උදහස නිසා පමණක් නොව, ඔබගේ හෘදය සාක්ෂිය නිසා ද ඔහුට කීකරු විය යුතු ය. ඔබ අයබදු ගෙවන්නේත් ඒ නිසා ය. රාජ්‍ය පාලකයෝ සිය යුතුකම් නොපිරි හෙළා ඉටු කරන දෙවියන් වහන්සේගේ සේවකයෝ වෙති. එබැවින් හැමට ම දිය යුතු දෙය දෙන්න; වරිපනම්, ගෙවිය යුත්තාට වරිපනම් ද අයබදු ගෙවිය යුත්තාට අයබදු ද දෙන්න. පිදිය යුත්තාට පුදන්න, ගරු කළ යුත්තාට ගරු කරන්න. එකිනෙකාට ප්‍රේම කිරීම හැර අන් කිසිවක් ගැන කිසිවෙකුට ණය ගැති නොවන්න. අසල්වැසියාට ප්‍රේම කරන්නෝ ව්‍යවස්ථාව ඉටු කරති.
රෝම 13:3-8 Sinhala New Revised Version 2018 (SNRV)

රෝම 13:3-8 New International Version (NIV)
For rulers hold no terror for those who do right, but for those who do wrong. Do you want to be free from fear of the one in authority? Then do what is right and you will be commended. For the one in authority is God’s servant for your good. But if you do wrong, be afraid, for rulers do not bear the sword for no reason. They are God’s servants, agents of wrath to bring punishment on the wrongdoer. Therefore, it is necessary to submit to the authorities, not only because of possible punishment but also as a matter of conscience. This is also why you pay taxes, for the authorities are God’s servants, who give their full time to governing. Give to everyone what you owe them: If you owe taxes, pay taxes; if revenue, then revenue; if respect, then respect; if honor, then honor. Let no debt remain outstanding, except the continuing debt to love one another, for whoever loves others has fulfilled the law.