රෝම 1:1-4
රෝම 1:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ක්රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ, අපෝස්තුලුවරයකු වීමට කැඳවීම ලැබූ, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට වෙන් කරන ලද පාවුල් වෙතිනි. කල් ඇති ව උන්වහන්සේ තම දිවැසිවරුන් මගින් ශුද්ධ ලියවිලි තුළින් පොරොන්දු වූ මෙම ශුභාරංචිය, උන්වහන්සේගේ පුත්රයාණන් පිළිබඳව ය. මාංසාකාරයෙන් දාවිත්ගෙන් පැවත ආ මෙතුමාණෝ, ශුද්ධත්වයේ ආත්මයාණන් මගින්, මළවුන්ගෙන් නැගිටීම තුළින්, දේව පුත්රයාණන් බවට බලයෙන් යුක්ත ව ප්රකාශ කරනු ලැබූ යේසුස් ක්රිස්තුස් අප ස්වාමින්වහන්සේ ය.
රෝම 1:1-4 Sinhala Revised Old Version (SROV)
යේසුස් ක්රිස්තුස්වහන්සේගේ දාසයෙක්වූ, ප්රේරිතයෙක් වෙන්ට කැඳවනු ලැබුවාවූ, දෙවියන්වහන්සේ තමන්ගේ පුත්රයා වන අපගේ ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේ ගැන අනාගතවක්තෘවරුන් ලවා ශුද්ධ ලියවිලිවල පූර්වයෙහි පොරොන්දුකෙරෙවු උන්වහන්සේගේ ශුභාරංචියට වෙන්කරනු ලැබුවාවූ පාවුල්, දෙවියන්වහන්සේට ප්රියවූ, ශුද්ධවන්තයන්ව සිටින්ට කැඳවනු ලැබුවාවූ, රෝමයෙහි සිටින සියල්ලන්ට ලියා එවන වගනම්: අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේගෙන්ද අනුග්රහයත් සමාදානයත් නුඹලාට වේවා.
රෝම 1:1-4 Sinhala New Revised Version (NRSV)
ක්රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන, උන් වහන්සේගේ සුබ අස්න දේශනා කිරීම පිණිස ප්රේරිතවරයෙකු වීමට දේව වරමින් කැඳවීම ලත්, පාවුලු වෙතිනි. බොහෝ කලකට පෙර දෙවියන් වහන්සේ ස්වකීය දිවැසිවරයන් මඟින් ඒ සුබ අස්න ගැන ශුද්ධ ලියවිල්ලෙහි පොරොන්දු දුන් සේක. ඒ සුබ අස්න උන් වහන්සේගේ පුත්ර වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේ පිළිබඳ ව ය. පරපුර අනුව බලන විට උන් වහන්සේ දාවිත් රජුගේ පෙළපතෙහි උපන් සේක; එහෙත්, පාරිශුද්ධභාවයේ ආත්මයාණන් කරණකොටගෙන මරණයෙන් උත්ථාන වීම නිසා දේව පුත්රයාණන් බවට ප්රබල සාක්ෂියක් වූ සේක.
රෝම 1:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
ක්රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන, උන් වහන්සේගේ සුබ අස්න දේශනා කිරීම පිණිස අපෝස්තුළුවරයෙකු වීමට දේව වරමින් කැඳවීම ලත්, පාවුලු වෙතිනි. බොහෝ කලකට පෙර දෙවියන් වහන්සේ ස්වකීය දිවැසිවරයන් මඟින් ඒ සුබ අස්න ගැන ශුද්ධ ලියවිල්ලෙහි පොරොන්දු දුන් සේක. ඒ සුබ අස්න උන් වහන්සේගේ පුත්ර වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේ පිළිබඳ ව ය. පරපුර අනුව බලන විට උන් වහන්සේ දාවිත් රජුගේ පෙළපතෙහි උපන් සේක; එහෙත්, පාරිශුද්ධභාවයේ ආත්මයාණන් කරණකොටගෙන මරණයෙන් උත්ථාන වීම නිසා දේව පුත්රයාණන් බවට ප්රබල සාක්ෂියක් වූ සේක.
රෝම 1:1-4 New International Version (NIV)
Paul, a servant of Christ Jesus, called to be an apostle and set apart for the gospel of God— the gospel he promised beforehand through his prophets in the Holy Scriptures regarding his Son, who as to his earthly life was a descendant of David, and who through the Spirit of holiness was appointed the Son of God in power by his resurrection from the dead: Jesus Christ our Lord.