රෝම 1:1-4

රෝම 1:1-4 SNRV

ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන, උන් වහන්සේගේ සුබ අස්න දේශනා කිරීම පිණිස අපෝස්තුළුවරයෙකු වීමට දේව වරමින් කැඳවීම ලත්, පාවුලු වෙ‍තිනි. බොහෝ කලකට පෙර දෙවියන් වහන්සේ ස්වකීය දිවැසිවරයන් මඟින් ඒ සුබ අස්න ගැන ශුද්ධ ලියවිල්ලෙහි පොරොන්දු දුන් සේක. ඒ සුබ අස්න උන් වහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ ව ය. පරපුර අනුව බලන විට උන් වහන්සේ දාවිත් රජුගේ පෙළපතෙහි උපන් සේක; එහෙත්, පාරිශුද්ධභාවයේ ආත්මයාණන් කරණකොටගෙන මරණයෙන් උත්ථාන වීම නිසා දේව පුත්‍රයාණන් බවට ප්‍රබල සාක්ෂියක් වූ සේක.