ගීතාවලිය 96:2-7
ගීතාවලිය 96:2-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේට ගී ගයන්න; උන්වහන්සේගේ නාමය පසසන්න; දවසක් නෑර උන්වහන්සේගේ ගැලවීම ප්‍රකාශ කරන්න. උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේ ද උන්වහන්සේගේ ආශ්චර්යවත් ක්‍රියා සියලු ජනයා අතරේ ද පතළ කරන්න. මන්ද ස්වාමින්වහන්සේ උතුම් ය; අතිශයෙන් පැසසුම ලැබිය යුත්තාණෝ ය; සියලු දෙවිවරුනට ඉහළින් භය විය යුතු උන්වහන්සේට ය. මන්ද ඒ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරු, පිළිම රූප පමණක් වේ. එහෙත් අහස් මණ්ඩල මැවුවේ ස්වාමින්වහන්සේ ය. ශෝභාශ්‍රීයත්, රාජශ්‍රීයත් උන්වහන්සේ ඉදිරියේ ය; ශක්තිය හා අලංකාරය උන්වහන්සේගේ ශුද්ධස්ථානයේ ය. පුද දෙන්න ස්වාමින්වහන්සේට, එම්බා ජාති ජාති පෙළපත් වාසීනි, පුද දෙන්න ස්වාමින්වහන්සේට ගෞරවය හා ශක්තිය.
ගීතාවලිය 96:2-7 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්ට ගීතිකාකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්; උන්වහන්සේ දෙන ගැළවීම දිනෙන් දින ප්‍රකාශකරව්. උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේද උන්වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරේද ප්‍රකාශ කරව්. මක්නිසාද ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ ප්‍රශංසනීයය; උන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා භයංකරය. මනුෂ්‍ය වර්ගයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් ස්වාමීන්වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක. ගෞරවයත් මහිමතාවත් උන්වහන්සේ ඉදිරියෙහිය. ශක්තියත් අලංකාරයත් උන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිය. මනුෂ්‍ය වර්ගයෙනි, ස්වාමීන්ට දෙව්, මහිමයත් බලයත් ස්වාමීන්ට දෙව්.
ගීතාවලිය 96:2-7 Sinhala New Revised Version (NRSV)
සමිඳුන් හට ගී ගයා, එතුමන්ගේ නාමයට ආසිරි පතන්න; එතුමන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න. විජාතීන් අතර එතුමන්ගේ මහිමය ප්‍රකාශ කරන්න; ජනතාවන් අතර එතුමන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න. සමිඳාණෝ උතුම් ය, අතිශයින් පැසසිය යුතු ය; සියලු දෙවිවරුන්ට වඩා එතුමන්ට ගරුබිය පෑ යුතු ය. ජනතාවගේ සියලු දෙවිවරු පිළිම පමණකි; සමිඳාණෝ ම දෙව් ලොව මැවූ සේක. ගෞරවය ද තේජස ද එතුමන් අබිමුව පවත්නේ ය; ශක්තිය ද ශෝභාව ද එතුමන්ගේ මැදුරෙහි ඇත්තේ ය. සකල ජනයෙනි, සමිඳුන් පසසන්න; ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න.
ගීතාවලිය 96:2-7 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳුන් හට ගී ගයා, එතුමාණන්ගේ නාමයට ආසිරි පතන්න; එතුමාණන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න. විජාතීන් අතර එතුමාණන්ගේ මහිමය ප්‍රකාශ කරන්න; ජනතාවන් අතර එතුමාණන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න. සමිඳාණෝ උතුම් ය, අතිශයින් පැසසිය යුතු ය; සියලු දෙවිවරුන්ට වඩා එතුමාණන්ට ගරුබිය පෑ යුතු ය. ජනතාවගේ සියලු දෙවිවරු පිළිම පමණකි; සමිඳාණෝ ම දෙව් ලොව මැවූ සේක. ගෞරවය ද තේජස ද එතුමාණෝ අබිමුව පවත්නේ ය; ශක්තිය ද ශෝභාව ද එතුමාණන්ගේ මැදුරෙහි ඇත්තේ ය. සකල ජනයෙනි, සමිඳුන් පසසන්න; ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න.
ගීතාවලිය 96:2-7 New International Version (NIV)
Sing to the LORD, praise his name; proclaim his salvation day after day. Declare his glory among the nations, his marvelous deeds among all peoples. For great is the LORD and most worthy of praise; he is to be feared above all gods. For all the gods of the nations are idols, but the LORD made the heavens. Splendor and majesty are before him; strength and glory are in his sanctuary. Ascribe to the LORD, all you families of nations, ascribe to the LORD glory and strength.