ගීතාවලිය 91:1-5 - Compare All Versions
ගීතාවලිය 91:1-5 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මහෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වාසය කරන්නා, සර්ව පරාක්‍රමයාණන්ගේ සෙවණැල්ලෙහි සැනසිල්ල ලබන්නේ ය. ස්වාමින්වහන්සේ ගැන මම මෙසේ පවසමි, “උන්වහන්සේ මගේ සරණය ය; මගේ බළකොටුව ය; මා විශ්වාසය තබන දෙවියන්වහන්සේ ය.” සැබවින් ම සඟවා ඇති උගුල්වලින් ද මාරක වසංගතවලින් ද උන්වහන්සේ ඔබ මුදන සේක. උන්වහන්සේ තම අත්තටුවලින් ඔබ ආවරණ කරන සේක; උන්වහන්සේගේ පියාපත් සෙවණේ ඔබ රැකවරණ ලබනු ඇත; උන්වහන්සේගේ විශ්වාසවන්තකම ඔබට පලිහක් ය; කොටු පවුරක් ය. රාත්‍රියේ භීතියට හෝ දහවලේ විදින හීයට හෝ ඔබ බය වන්නේ නැත.
ගීතාවලිය 91:1-5 SROV (Sinhala Revised Old Version)
මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය. උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි. මක්නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශකරන වසංගතයෙන්ද නුඹ මුදාහරිනසේක. උන්වහන්සේ ස්වකීය පියාපතින් නුඹ වසනසේක, නුඹ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂාවන්නෙහිය. උන්වහන්සේගේ සත්‍යවාදිකම පලිහක්ය, මහා පලිහක්ය. රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්
ගීතාවලිය 91:1-5 NRSV (Sinhala New Revised Version)
පරමෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වසන තැනැත්තේ, සව් බලැති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකි වන්නේ ය. ඔහු සමිඳුන්ට මෙසේ පවසයි: “එතුමාණෝ මාගේ රැකවරණය ය; මාගේ බලකොටුව ය; මාගේ දෙවිඳාණෝ ය. මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි.” එතුමාණෝ, කපටින්ගේ මලපත්වලින් ද බියකරු ලෙඩරෝගවලින් ද අප රැකගන්න සේක. සිය පියාපත්වලින් ඔබ ආවරණය කරන සේක; ඒවා ඔබේ රැකවරණ වන්නේ ය. එතුමන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණය ද පලිහ ද වන්නේ ය. රෑ කාලයේ ඇති වන බියට වත්, දවාලේ ඊ පහරින් වන උවදුරට වත් ඔබ බිය නොවන්නෙහි ය.
ගීතාවලිය 91:1-5 SNRV (Sinhala New Revised Version 2018)
පරමෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වසන තැනැත්තේ, සව් බලැති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකි වන්නේ ය. ඔහු සමිඳුන්ට මෙසේ පවසයි: “එතුමාණෝ මාගේ රැකවරණය ය; මාගේ බලකොටුව ය; මාගේ දෙවිඳාණෝ ය. මම එතුමාණෝ කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි.” එතුමාණෝ, කපටින්ගේ මලපත්වලින් ද බියකරු ලෙඩරෝගවලින් ද අප රැකගන්න සේක. සිය පියාපත්වලින් ඔබ ආවරණය කරන සේක; ඒවා ඔබේ රැකවරණ වන්නේ ය. එතුමාණන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණය ද පලිහ ද වන්නේ ය. රෑ කාලයේ ඇති වන බියට වත්, දවාලේ ඊ පහරින් වන උවදුරට වත් ඔබ බිය නොවන්නෙහි ය.
ගීතාවලිය 91:1-5 NIV (New International Version)
Whoever dwells in the shelter of the Most High will rest in the shadow of the Almighty. I will say of the LORD, “He is my refuge and my fortress, my God, in whom I trust.” Surely he will save you from the fowler’s snare and from the deadly pestilence. He will cover you with his feathers, and under his wings you will find refuge; his faithfulness will be your shield and rampart. You will not fear the terror of night, nor the arrow that flies by day